ඉන්දියාවේ රංචිහිදී පැවැත්වෙන 4 වන දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (26) පැවති කාන්තා මීටර් 10,000 ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රසාරා විජේසූරිය සමත් විය.
එම ඉසව්ව නිම කිරීමට ඇයට ගත වූ කාලය මිනිත්තු 34 තත්පර 39.95 කි.


ඉන්දියාවේ රංචිහිදී පැවැත්වෙන 4 වන දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (26) පැවති කාන්තා මීටර් 10,000 ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රසාරා විජේසූරිය සමත් විය.
එම ඉසව්ව නිම කිරීමට ඇයට ගත වූ කාලය මිනිත්තු 34 තත්පර 39.95 කි.


පාකිස්තානය විසින් ඇෆ්ගනිස්තානයට එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව එරට ක්‍රිකට් ආයතනය පසවයි.
පක්ටිකා පළාතට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් මෙම ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනා මෙලෙස මියගොස් ඇත.
මේ හේතුවෙන් ශ්‍රී ලංකාව හා පාකිස්තානය සමගින් ඉදිරියේදී පැවැත්වීමට නියමිත තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියෙන්ද ඉවත්වන බව ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනය පවසයි.


ඉෂරා සෙව්වන්දි ඇතුළු සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගන්නා ලද්දේ නේපාල ආරක්ෂක අංශ සහ ඉන්ටර්පෝල් ඒකාබද්ධ මෙහෙයුමකට අනුව බව නේපාල මාධ්‍ය වාර්තා කරයි.
එම වාර්තා සඳහන් කර ඇත්තේ මේ සඳහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේද සහයෝගය ලබාදුන් බවය.
මේ වන විට සියලු සැකකරුවන් ශ්‍රී ලංකා ආරක්ෂක අංශ වෙත භාරදී ශ්‍රී ලංකාවට පිටුවහල් කරන ලද බවද එම වාර්තාව කියා සිටී.
මූලාශ‍්‍රය:


ලොව උසම කන්ද ලෙසින් පිළිගැනෙන අඩි 8,848ක් උසැති එවරස්ට් කන්ද සාර්ථකව තරණය කළ පළමු ගවේෂණ කණ්ඩායමේ අවසන් සාමාජිකයා වූ නේපාලයේ කාංචා ෂර්පා ඊයේ (16) අභාවප්‍රාප්ත විය.
පසුගිය දින කිහිපයේ දී රෝගාතුරව සිටි ඔහු කත්මණ්ඩු නුවර දී සිය දිවිසැරිය නිමා කරන විට වයස අවුරුදු 92ක් විය.
එඩ්මන්ඩ් හිලරි සහ ටෙන්සිං නෝර්ගේ නායකත්වයෙන් යුත් 35 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම 1953 දී වසරේ දී ලොව පළමුවරට එවරස්ට් කඳු මුදුන සාර්ථකව තරණය කරනු ලැබීය.
කඳු නැගීමේ අත්දැකීම් නොතිබුණද සති 2කට වඩා වැඩි කාලයක් පැවති මෙම දුෂ්කර ගමනට ඔහුද සහායයෙකු ලෙස එක්ව ඇත.
ඒ වනවිට කාංචා ෂර්පාට වයස අවුරුදු 19කි.
එතැන් සිට දශක දෙකකට වැඩි කාලයක් ඔහු එවරස්ට් තරණය කරන්නන් වෙනුවෙන් සහාය දක්වා තිබේ.
කාංචා ෂර්පා නේපාල කඳු මාර්ගෝපදේශකයින්ගේ පුරාවෘත්තයක් මෙන්ම ආශ්වාදයක් ලෙස ගෞරවනීය පිළිගැනීමක් තිබූ අයෙක්ය.
adaderana.



අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහභාගී වන NDTV ලෝක සමුළුව මෙම මස පැවැත්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
එම සමුළුව ඔක්තෝබර් 17 සහ 18 යන දිනවල නවදිල්ලියේදී පැවැත්වීමට නියමිතය.
2025 – NDTV ලෝක සමුළුවේ ගෝලීය සංවාදයට වර්තමානයේ වඩාත්ම බලගතු රටවල් කිහිපයක රාජ්‍ය නායකයින් සහභාගී නියමිත බව වාර්තා වේ.
ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි, ශ්‍රී ලංකාවේ හරිනි අමරසූරිය සහ හිටපු අගමැතිවරුන් දෙදෙනෙකු වන එක්සත් රාජධානියේ රිෂි සුනක් සහ ඔස්ට්‍රේලියාවේ ටෝනි ඇබට් මෙම සමුළුවට සහභාගී වීමට නියමිතය.



ලෝක බැංකු දේශීය කළමනාකරු ගෙවෝර්ග් සර්ග්ස්යාන් (දකුණේ සිට දෙවැන්නා) ප්‍රධාන පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටුවල සාමාජිකයින් අමතමින්
ලෝක බැංකුවේ මෙරට කළමනාකරු ගෙවෝර්ග් සාර්ගසියාන් (Gevorg Sargsyan) මහතාගේ නායකත්වයෙන් යුත් ලෝක බැංකු නියෝජිත කණ්ඩායමක් ජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සහ එහි සාමාජිකයින් හමුවී සාකච්ඡාවක් පැවැත්වූහ.
අනතුරුව කණ්ඩායම පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE) සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (COPA) සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් සහ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක යන මහත්වරු සහ අදාළ කාරක සභා සාමාජිකයින් අතර ඒකාබද්ධ රැස්වීමකට ද සහභාගි වූහ.
මෙහිදී කාරක සභා සභාපතිවරු වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ සංවර්ධනයට දක්වන අඛණ්ඩ සහයෝගය පිළිබඳව ලෝක බැංකුවට සිය කෘතඥතාව පළ කළහ.
මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ කඩිනම් සිදු කිරීමේ අවශ්‍යතාවය ලෝක බැංකු නිලධාරීන් සඳහන් කළ අතර, ශ්‍රී ලංකාව කලාපයේ අනෙකුත් රටවලට වඩා සැලකිය යුතු ලෙස ඉහළ බලශක්ති පිරිවැයකට මුහුණ දෙන බවත් පෙන්වා දුන්හ. එසේම වරාය සහ සැපයුම් අංශයේ සංවර්ධන කටයුතු වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
රාජ්‍ය අංශයේ සේවක සංඛ්‍යාව නිසි පරිදි පවත්වා ගනිමින් සමස්ත ඵලදායිතාව වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවය ද ලෝක බැංකු නියෝජිත පිරිස අවධාරණය කළ අතර, ශ්‍රී ලංකාව කලාපීය රටවලට සාපේක්ෂව රාජ්‍ය සේවයේ අඩු වැටුප් මට්ටම් සහ විශාලතම ශ්‍රම බලකායක් පවත්වාගෙන යන රටක් බව ද ඔවුහු පෙන්වා දුන්හ.
කාරක සභා සාමාජිකයින් ඔවුන්ගේ කාරක සභාවල බලතල සහ අධීක්ෂණ කාර්යයන් පිළිබඳව ලෝක බැංකු නිලධාරීන්ට කරුණු පැහැදිළි කළහ. ආදායම් එකතු කිරීම හා වැඩිදියුණු කිරීම, රැකියා අවස්ථා නිර්මාණය, දරිද්‍රතාවය තුරන් කිරීම, ආර්ථිකය තුළ කාන්තා සහභාගීත්වය වැඩි දියුණු කිරීම මෙන්ම සංචාරක, අධ්‍යාපනික, කෘෂිකාර්මික සහ ව්‍යවසායකත්ව වැනි ප්‍රධාන ක්ෂේත්‍ර ශක්තිමත් කිරීම ඇතුළු ප්‍රතිසංස්කරණ සහ වර්ධනය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.
පෞද්ගලීකරණයට විකල්පයක් ලෙස කාර්යක්ෂමව ක්‍රියාත්මක වන රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයන් (PPPs) ස්ථාපිත කිරීමේ වැදගත්කම ද මෙහිදී සාකච්ඡා විය. මේ සම්බන්ධයෙන් පවතින ජාත්‍යන්තර නිදසුන් පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.
මෙම සාකච්ඡා මගින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සහ ලෝක බැංකුව යන ආයතන ද්විත්වයේම සහයෝගීතාව ශක්තිමත් කිරීම මෙන්ම තිරසාර ආර්ථික සංවර්ධනය ඉදිරියට ගෙන යාමට ඇති කැපවීම අවධාරණය කෙරිණි.
ලෝක බැංකු සමූහයේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් නිලධාරී ස්ටෙෆාන් මැසින්ග්, ජාත්‍යන්තර මූල්‍ය ආයතනයේ මෙරට ජ්‍යෙෂ්ඨ නිලධාරී වික්ටර් ඇන්තනිපිල්ලෙයි, පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ සහ වැඩබලන සන්නිවේදන අධ්‍යක්ෂ එම්. ජයලත් පෙරේරා යන මහත්වරු ද මෙම රැස්වීම්වලට සහභාගී වූහ.

සමාජ මාධ්‍ය ඔස්සේ ටියුනීසියානු ජනාධිපතිවරයාට අපහාස කළ බවට චෝදනා එල්ල වූ පුද්ගලයෙක්ට මරණ දඬුවම නියම කිරීමට එරට අධිකරණය තීරණය කර ඇත.
ජනාධිපතිවරයාට අපහාස කිරීම සහ ජාතික ආරක්ෂාවට තර්ජනය කිරීම යන චෝදනා මත මෙම දඬුවම නියම කර ඇති බව මානව හිමිකම් සඳහා වූ ටියුනීසියානු ලීගයේ ප්‍රධානියා පවසා තිබේ.
2021 වසරේ දී ජනාධිපති කයිස් සයිඩ් ටියුනීසියාවේ බලතල අත්පත් කර ගැනීමෙන් පසු, අදහස් ප්‍රකාශකිරීමේ දැඩි සීමා පනවා ඇත.
මෙම තීන්දුව එය ටියුනීසියාවේ පෙර නොවූ විරූවක් බව සඳහන්.
මෙලෙස දඬුවම් නියම වූ වී ඇත්තේ 56 හැවිරිදි සාමාන්‍ය කම්කරුවෙක්ට වන අතර, ඔහු සීමිත අධ්‍යාපනයක් ලැබූ පුරවැසියෙක්ය.
ඔහුගේ නීතිඥවරයා පවසා ඇත්තේ, ෆේස්බුක් සටහන් සම්බන්ධයෙන් නබියුල් උසාවියේ විනිසුරුවරයා තම සේවාදායකයාට මරණ දඬුවම නියම කළ බවයි. එය කම්පන සහගත සහ පෙර නොවූ විරූ තීන්දුවක් බව හෙතෙම පැවසීය.
කෙසේ නමුත් එම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.
ටියුනීසියාවේ අධිකරණ විසින් අවස්ථා කිහිපයකදී මරණ දඬුවම් නියම කර ඇතත්, වසර 30කට වැඩි කාලයක් තිස්සේ එම තීන්දු ක්‍රියාත්මක කර නොමැත.


චිම්පන්සි සත්ත්වයන් පිළිබඳ පර්යේෂණ සහ අධ්‍යයනයන් සිදුකිරීම සම්බන්ධයෙන් ලොව ප්‍රකට විශේෂඥවරියක වන ජේන් ගෝඩෙල් අභාවප්‍රාප්ත වී තිබේ.
අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සංචාරයක නිරතව සිටියදී ඇය අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මිය යන විට ඇය 91 හැවිරිදි වියේ පසු වුණි.
චිම්පන්සීන් සහ මිනිසුන් අතර පවතින සම්බන්ධතාව සම්බන්ධයෙන් ඇය විසින් සිදුකළ පරීක්ෂණවලින් කරුණු රැසක් අනාවරණය වී ඇති බවත් එමඟින් පෙර පැවති මතවාදයන් වෙනස් කිරීමට ද හැකියාව ලැබී තිබේ.


ශ්‍රී ලංකාවේ විදේශ ආයෝජන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී නොගැලපෙන ස්වභාවයක් දක්නට ලැබෙන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
ඔවුන් නිකුත්කළ 2025 වසරට අදාළව ශ්‍රී ලංකාවේ ආයෝජන පසුබිම පිළිබඳ වාර්තාවේ දැක්වෙන්නේ නව පරිපාලනය යටතේ ඉහළ මට්ටමේ දේශපාලන අල්ලස් ඉල්ලීම් අඩු බවක් පෙනෙන්නට තිබුණද විශේෂයෙන් තහවුරු වූ වරප්‍රසාද ලත් කණ්ඩායම් විසින් ආරක්ෂා කරන ලද අංශ තුළ ආයතනික දූෂණය දිගටම සිදුකරගෙන යන බවය.
2025 වසරට අදාළව ශ්‍රී ලංකාවේ ආයෝජන පසුබිම පිළිබඳ අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශනයක් නිකුත්කර තිබේ.
එහි දැක්වෙන්නේ ජාතික ජන බලවේග ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සහයෝගයෙන් කටයුතු කරමින් ආයෝජකයින්ට සහතිකයක් ලබාදුන්නද ඔවුන්ගේ අතීතයේ සිට පැවත එන බටහිර විරෝධී, මාක්ස්වාදී බලපෑම් සහිත මතවාද හේතුවෙන් ආයෝජකයින් බොහෝ දෙනෙක් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සම්බන්ධයෙන් අවිනිශ්චිත බවකින් පසුවන බවය.
එමෙන්ම ශ්‍රී ලංකාවේ විදේශ ආයෝජන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී නොගැලපෙන ස්වභාවයක් දක්නට ලැබෙන බව සඳහන් කරන අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව, මෙරට ආයෝජන මණ්ඩලය ප්‍රධාන ආයෝජන නියෝජිත ආයතනය වුවත් ඔවුන් සමග ස්ථාවර සහ විවෘත සංවාදයක් පවත්වා ගැනීම අභියෝගයක් වී ඇති බව සඳහන්ය.
අනවශ්‍ය නියාමනයන් නෛතික අවිනිශ්චිතභාවය සහ නිලධාරීන්ගේ ප්‍රතිචාර දැක්වීමේ දුර්වලතාවයන්ද දක්නට ලැබෙන බව අදාළ වාර්තාවේ දැක්වෙයි.
ඉන්දියාවේ අදානි සමාගම මෙරට උතුරු පළාතේ ඩොලර් මිලියන 400ක පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියකින් ඉවත්වු අතර ඊට හේතුව ලෙස කළින් ප්‍රදානය කළ කොන්ත්‍රාත්තුවක් නැවත සාකච්ඡා කිරීමට වත්මන් රජය උත්සාහ දැරීම ලෙස සඳහන් කර ඇති බවද අදාළ වාර්තාවේ සඳහන්ය.
එමෙන්ම වත්මන් රජයේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් නිතිපතා පෞද්ගලික අංශය ප්‍රමුඛ ආර්ථිකය විවේචනය කරන අතර රාජ්‍ය අයිතිය සහිත සාමූහිකත්වය රටේ ප්‍රියතම ආයෝජන ආකෘතිය ලෙස ප්‍රසිද්ධියේ ප්‍රවර්ධනය කරන බවද මෙහි සඳහන්ය.
2025 අයවැය මගින් සේවා අපනයන සමාගම් සඳහා වූ බදු නිදහස් කිරීම් සහ විදේශ ආදායම් මූලාශ්‍ර සඳහා වූ බදු නිදහස් කිරීම් ඉවත්කිරීමට යෝජනා කිරීම, කොළඹ වරාය නගරයේ ව්‍යාපෘති සඳහා ලබාදී ඇති පුළුල් බදු නිදහස් කිරීම්වලට වඩා ප්‍රතිවිරුද්ධ තත්ත්වයක් බවද එහි සඳහන් තවත් කරුණකි.
නව පරිපාලනය යටතේ ඉහළ මට්ටමේ දේශපාලන අල්ලස් ඉල්ලීම් අඩු බවක් පෙනෙන්නට තිබුණද විශේෂයෙන් තහවුරු වූ වරප්‍රසාද ලත් කණ්ඩායම් විසින් ආරක්ෂා කරන ලද අංශ තුළ ආයතනික දූෂණය දිගටම සිදුකරගෙන යන බවද අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ ප්‍රකාශනයේ වැඩිදුරටත් දැක්වෙයි.
adaderana


ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජපානයේ නිල සංචාරය අද (27) ආරම්භ කිරීමට නියමිතය.
ජපන් රජය විසින් සිදුකරන ලද ආරාධනයකට අනුව අද සිට ලබන30 වන දින දක්වා ජනාධිපතිවරයා ජපානයේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.
මෙම සංචාරය තුළ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ජපන් අධිරාජ්‍යයා හමුවීමටද නියමිතය.
තවද ජපන් අග්‍රාමාත්‍යවරයා සමග අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු ගණනාවක් පිළිබද අවධාරණය කෙරෙන සමුළු රැස්වීමක් ද පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
මෙහිදී ටෝකියෝවේ ප්‍රමුඛතම ජපන් ව්‍යාපාර සහ අයෝජකයින්ගේ ඉහළ පෙළේ නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ව්‍යාපාරික සංසදයක් ද ජනාධිතිවරයා විසින් ඇමතීමට නියමිතව ඇත.
ඊට අමතරව ‘එක්ස්පෝ 2025 ඔසාකා’ ප්‍රදර්ශනය සඳහා ද ජපන් රජයේ ආරාධිතයෙකු ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගි වනු ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කළේය.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා පසුගියදා අමෙරිකාවේ නිව්යෝර්ක් බලා පිටත්ව ගිය ජනාධිපතිවරයා එහි සිට මෙම ජපාන සංචාරය සිදුකරනු ලැබීය.
