hacklink hack forum hacklink film izle hacklink casibomcasibom girişdepo 10kgalabetbetpipo giriştekelbet,tekelbet giriş,tekelbahis,tekel bahis,tekel betcasibomsahabetbetciotipobethttps://algototo.com/xmtradingjojobet giriş

Category: Hot News

  • ‘සිරි දළදා වන්දනාවේ’ අවසන් දිනය අදයි

    ‘සිරි දළදා වන්දනාවේ’ අවසන් දිනය අදයි

    ලොව පුරා බෞද්ධයන්ගේ නොමඳ ගෞරවාදරයට පත්, මෙරට බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වන අති පූජනීය ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමේ අවස්ථාව දෙස් විදෙස් ජනතාවට උදාකරන ‘සිරි දළදා වන්දනාව’ වේ අවසන් දිනය අදට (27) දිනට යෙදී තිබේ.

    ඒ අනුව අද පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා දළඳා වන්දනාව සඳහා සැදැහැවතුන්ට අවස්ථාව හිමිවනු ඇත.

    සෙංකඩගල රාජධානියේ ඓතිහාසික ශ්‍රී දළදා මාලිගයේ වැඩවෙසෙමින් ලෝ වාසී බෞද්ධයන්ගේ ගරු බුහුමන් ලබන ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැක වන්දනාමාන කරගැනීමේ අවස්ථාව දෙස් විදෙස් ජනතාවට උදාවුණේ පසුගිය 18වනදා සිටය. 

    ගතවූ දින 09 තුළ සැදැහැවතුන් ලක්ෂ සංඛ්‍යාත පිරිසකට ‘සිරි දළදා වන්දනාව’ සදහා අවස්ථාව හිමිවූ අතර තවත් විශාල පිරිසක් අද දිනයේ ද දළදා වන්දනාව සදහා පෝලිම්වල රැදී සිටින බවයි වාර්තා වේ.

  • ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

    ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

    ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. 

    කලක් රෝගාතුරව පසුවූ සමන් ද සිල්වා මහතා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (27) අලුයම අභාවප්‍රාප්ත වී ඇති බව පවුලේ ඥාතීන් පැවසීය.

    මියයන විට ඔහු 68 වන වියෙහි පසුවිය.

    මෙරට සංගීත ක්ෂේත්‍රයට ඉමහත් දායකත්වයක් ලබාදුන් සමන් ද සිල්වා මහතා ජනප්‍රිය ගීත රැසක් ගායනා කර ඇති අතර ඒ මහතාගේ ගීත අතුරින් නියරේ පියනගලා, සන්තෝස වෙන්න ප්‍රීති වෙන්න, තනතිල්ල දිගේ වැනි ගීත ඉමහත් ජනප්‍රියත්වයට පත්ව තිබේ.

    1975 වසරේදී පමණ පූර්ණ කාලීන සංගීත දිවියට පිවිසි ඒ මහතා දශක 04කට අධික කාලයක් මෙරට ප්‍රේක්ෂකයින් සිය ගීත හරහා අමන්දානන්දයට පත් කරනු ලැබීය .

    ද සිල්වා මහතා ගායක ගායිකාවන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයා වූූ අතර එක්සත් ජාතික පක්ෂය කලා සංසදයේ ජාතික සංවිධායක ද විය. සමන් ද සිල්වා පසුගිය බස්නාහිර පළාත් සභා මැතිවරණයේ දී එජාපයෙන් කොළඹ දිස්ති‍්‍රක්කයට ද තරග කෙළේය.

  • 2017න් පසුව කතරගමට ගැලූ ජන ගඟ

    2017න් පසුව කතරගමට ගැලූ ජන ගඟ

    2017 වර්ෂයෙන් පසුව ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලය වෙත පැමිණි විශාලතම බැතිමතුන් සංඛ්‍යාව මෙවර වාර්තා වු බව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා සදහන් කරන ලදි.

    කෙටි පාසල් නිවාඩුව මත හිංදු .බෞද්ධ බැතිමතුන් මෙන්ම විදෙස් සංචාරකයන් ඇතුළුව ලක්ෂය ඉක්මවා බැතිමතුන් සංඛ්‍යාවක් 14 සහ 15 .16 යන දින තුල කතරගම පුදබිම වෙත පැමිණ ඇති බව නිලමේවරයා කීය.

  • කොංගෝවේ යාත්‍රාවක ගින්නකින් 50ක් මරුට 

    කොංගෝවේ යාත්‍රාවක ගින්නකින් 50ක් මරුට 

    ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ ජනරජයේ මගී ප්‍රවාහන යාත්‍රාවක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 50කට වැඩි පිරිසක් මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    කොංගෝ නදියේ දී ගමන්කරමින් සිටියදී එම අනතුර සිදු ඇත.

    ගින්න ඇතිවන අවස්ථාවේ එහි මගීන් 300කට වැඩි පිරිසක් සිට ඇති අතර, එහිදී අතුරුදන්වූවන් සොයා දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.

  • ඇමරිකා තීරු බද්දෙන් වන පාඩුව අනෙක් රටවලින් අල්ලනවා

    ඇමරිකා තීරු බද්දෙන් වන පාඩුව අනෙක් රටවලින් අල්ලනවා

    අමෙරිකන් වෙළෙඳපොළ තීරු බදු ඉහළ දැමීම හේතුවෙන් ලංකා අපනයන ආදායම් පරතරයට සිදුවන පාඩුව ඉතිරි රටවල වෙළෙඳපොල හරහා පියවා ගැනීමට සැලසුම් කර ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ පැවසීය.

    ආසියානු කලාපය, අප්‍රිකානු රටවල් සහ මැදපෙරදිග රටවල ලංකා භාණ්ඩවලට ලොකු ඉල්ලුමක් තිබෙන බව ඔහු කීය.

    ඒ අනුව, එම රටවල් සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම්වලට යෑමට අදාළ යෝජනා අපනයන සංවර්ධන මණ්ඩලය පාර්ශ්වයෙන් ශ්‍රී ලංකා රජය වෙත ලබාදුන් බව සභාපතිවරයා පැවැසුවේය.

    එම නිදහස් වෙළෙඳ ගිවිසුම්වලදී තීරු බදු ගිවිසුම් කිහිපයකට යා යුතු බවට යෝජනා රජයට ඉදිරිපත් කළ බව ඔහු කීවේය.

    ඒ සම්බන්ධයෙන් අපි හඳුනාගත් රටවල් සමග අප්‍රේල් හා මැයි මාස ඇතුළත ගිවිසුම්වලට යා යුතු බව ත් පවතින ගැටලුවලට විසඳුම් කිහිපයක් ලබා ගනිමින් සිටින බව ත් ඒ මහතා කීවේය.

    එසේ ම එක් එක් නිෂ්පාදන භාණ්ඩවලට පවතින ඉල්ලුම පාවිච්චි කර යුරෝපා සංගමයේ රටවල් ඉලක්ක කරගෙන තීරු බදු ගිවිසුම් සඳහා යා යුතු බවට රජයට යෝජනා කළ බවත් ඔහු කීය.

    අමෙරිකන් තීරු බදු ප්‍රශ්නයත් සමග ලෝකය නොහිතන වෙනත් දිශාවකට යොමුවෙන බව ත් එහිදී ශ්‍රී ලංකාවට මෙතෙක් නොතිබූ වාසියක් අත්පත් කර ගැනීමට හැකිවනු ඇති බව ත් ඔහු කීය.

    සභාපතිවරයා වැඩිදුරට ත් මෙසේ ද කීය.

    “එක්සත් රාජධානියේ වෙළෙඳපොළ ඩොලර් බිලියන 977ක වෙළෙඳපොළක්. අපි ඒකෙන් අපනයන කරන්නෙ බිලියන එකකට අදාළ ප්‍රමාණයක්. අපි තවත් වෙළෙඳපොළ අවස්ථා සොයාගත යුතුයි. කාබනික ආහාර අපනයනයෙන් අපට මිලියන 500ක ආදායමක් පමණයි දැනට. හැබැයි මේ වෙළෙඳපොළ ලෝකයේ බිලියන 140 වෙළෙඳපොළක්. අපේ රටේ උපරිම ප්‍රයෝජන ගත හැකි පැති තියෙනවා. කුඹුරු තියෙනවා. අපේ ඉඩම් තියෙනවා, ශ්‍රමය තියෙනවා. අපිට කාබනික ආහාර යැව්වොත් යම්කිසි දෙයක් ළඟා කර ගන්න පුළුවන්. ජාතියක් වශයෙන් මේ ප්‍රශ්නය එක්ක වෙන විදිහකට වෙන ගමනක් යා යුතුයි”

    – මව්බිම

  • 2028 ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග දකුණු කැලිෆෝර්නියාවේදී පැවැත්වීමට තීරණය කරයි

    2028 ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග දකුණු කැලිෆෝර්නියාවේදී පැවැත්වීමට තීරණය කරයි

    2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග දකුණු කැලිෆෝර්නියාවේ පමෝනාහිදී පැවැත්වෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරයි.

    පන්දුවාර 20 තරගාවලියක් ලෙස පැවැත්වෙන මෙහි කණ්ඩායම් හයක් තරග කිරීමට නියමිත ය.

    ස්ත්‍රී පුරුෂභාවය අනුව කාණ්ඩ දෙකක් යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 90 දෙනෙකු සඳහා කෝටා වෙන් කිරීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව තීරණය කර තිබේ.

    ඒ අනුව, සෑම කණ්ඩායමකට ම සාමාජිකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කිරීමට හැකි වනු ඇත.

    මෙම ඔලිම්පික් උළෙල 2028 වසරේ ජූලි 14 වන දා සිට ජූලි 30 වන දා දක්වා පැවැත්වීමට නියමිත ය.

    මීට පෙර ඔලිම්පික් ක්‍රීඩා උළෙලකදී ක්‍රිකට් ක්‍රීඩා කර තිබුණේ එක් වරක් පමණි. ඒ, 1900 වසරේ පැරීසියේදී පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ය. එහි අවසන් තරගයේදී ප්‍රංශය පරදා මහා බ්‍රිතාන්‍යය ලකුණු 158ක ජයක් ලැබීමට සමත් විය.