hacklink hack forum hacklink film izle hacklink casibomcasibom girişdepo 10kgalabetbetpipo giriştekelbet,tekelbet giriş,tekelbahis,tekel bahis,tekel betcasibomsahabetbetciotipobethttps://algototo.com/xmtradingjojobet giriş

Category: Hot News

  • නුවර කුණුවලින් ටොන් 625ක් කොළඹට

    නුවර කුණුවලින් ටොන් 625ක් කොළඹට

    ශ්‍රී දළදා ප්‍රදර්ශනය පැවති දින 10 තුළ මහනුවර නගරයේ එක්රොක් වූ ටොන් 650ක් පමණ වූ කැළි කසළ කළමනාකරණය කිරීම බරපතළ ගැටලුවක් බවට පත්ව ඇති බව මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ පවසයි.

    මහනුවර නගරයේ කැළි කසළ බැහැර කිරීම යම් ක්‍රමවේදයකට අනුව සිදුකළද මෙවන් අවස්ථාවක එවැනි ක්‍රමවේදයන් භාවිත කිරීමට අපහසු බව ත් වෙන් වෙන් වශයෙන් කැළිකසල බැහැර කිරීමට කසළ බඳුන් නගරයේ ස්ථාපිත කොට තිබුණද දළදා දැක්මට පැමිණි ජනතාව ඒ කෙරෙහි නිසි දැනුවත් නොවීම හේතුවෙන් කිසිදු පිළිවෙලකින් තොරව කසළ බැහැර කිරීම බරපතළ ගැටලුවක් වූ බව ත් ඇය කීවාය.

    මේ වන විට තෝරා වෙන් නොකළ මිශ්‍ර කසළ ටොන් 625ක් පමණ මහනුවර මහ නගර සභාවට අයත් ගුහාගොඩ කසළ අංගණයට බැහැරකොට ඇති බව ත් මෙම කසළ තොගය වර්ගීකරණය කිරීම දිගු කාලයක් ගතවන ඉතාමත් වෙහෙසකර කාර්යයක් වන බව ත් කොමසාරිස්වරිය සඳහන් කළා ය.

    එබැවින් කොළඹ මහනගර සභාව සමග සාකච්ඡා කොට මෙම කැළි කසළ ටොන් 625 කොළඹට යවා කොළඹ නගර සභාවේ කසළ දහන ඒකකය මගින් දහනය කොට විනාශ කිරීමට පියවර ගන්නා බවද මේ සම්බන්ධයෙන් ගත යුතු හොඳ ම තීරණය මෙය බව ද ඇය කීවා ය.

    මේ සඳහා ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ පූර්ණ සහාය ලබා ගන්නා බවත් නගරයේ කසළ ඉවත් කිරීම සඳහා ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය මෙන් ම විවිධ සංවිධාන සහ පුද්ගලයෝ විශාල වශයෙන් සහාය වූ බව ත් මහ නගර සභා කාර්ය මණ්ඩලයට මෙන්ම එම කාරියට සහාය දුන් සියලු දෙනාට තම ස්තුතිය පුද කරන බව ත් ඇය වැඩිදුරට ත් සඳහන් කළාය.

    ගුහාගොඩ කසළ අංගණ නිරීක්ෂණ චාරිකාවට මහනුවර මහ නගර සභාවේ ප්‍රධාන ඉන්ජිනේරු ඝන අපද්‍රව්‍ය, ජල සහ අපජල කළමනාකරණ නාමල් දිසානායක මහතා එක්ව සිටියේ ය.

    K. L. Suraweera – Kandy

  • පෝෂදායි දියර එන්නත් ලබා ගැනීමේදී වැඩි මිල ටෙන්ඩරයට දීලා

    පෝෂදායි දියර එන්නත් ලබා ගැනීමේදී වැඩි මිල ටෙන්ඩරයට දීලා

    රෝගීන්ට ලබා දෙන පෝෂදායි දියර එන්නත්(Total parental Nutrition) කුප්පි මිලදී ගැනීමේ ටෙන්ඩර  කැදවිමේදි වැඩි මිල ඉදිරිපත් කල සමාගමට අදාල ඩෙන්ඩරය ලබා දි තිබෙන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය සදහන් කරයි.

    මේ පිළිබදව ජනාධිපති අනුර කුමර දිසානායක මහතාගේ අවදානය යොමු විය යුතු බවත් මෙම ඩෙන්ඩර් කැදවිම වර්තමාන ආණ්ඩුව යටතේ සිදුව තිබෙන බවද එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා  සදහන් කළේය.

    ඩෙන්ඩර් කැදවිමේදි තොරා ගැනිම් සිදුකලත් තවමත් අදාල මිලදි ගැනිම් සදහ මුදල් ලබා දි නොමැති බවට වර්තාවන  බවද පවසා සිටියේය.

    පසුගිය ආණ්ඩු සමයන්වලදි සේම වර්තමාන ආණ්ඩුව යටතේත් මිලදි ගැනිම් සිදුකිරිමේදි අඩු මිල පිලිබදව අවදානයක් යොමු නොවන බවද පැවසිය.

    පවතින ක්‍රමවෙදය අනුව මෙම ඹෟෂධය ගෙන්විමට කටයුතු කල හොත් රුපියල් මිලියන සියයක මුදලක් වැඩි පුර ගෙවිමට සිදුවන බවද සදහන් කළේය.

    වර්තමාන ආණ්ඩුව බලයට පත්වුවද රාජ්‍ය ඖෂධ සංස්ථාව තුළ දිගින් දිගටම ප්‍රශ්න සහගත ටෙන්ටර් ගනුදෙනු සිදුවන බවත් මිට පෙර අවස්ථාවක  මුඛ සෝදන දියර ටෙන්ඩර් ලබාදීමේදීද අක්‍රමතාවක් සිදුවීමට ගිය බවත්  තම සංගමය එය හෙලි කල  බවද සදහන් කළේය.

  • පානදුර ප්‍රදේශයේ නිවසක පැවති සාදයක් අතරතුර වෙඩි තැබීමක්: අයෙක් මරුට

    පානදුර ප්‍රදේශයේ නිවසක පැවති සාදයක් අතරතුර වෙඩි තැබීමක්: අයෙක් මරුට

    පානදුර, බටහිර මාලමුල්ල ප්‍රදේශයේදී අද (අප්‍රේල් 29) මධ්‍යම රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබේ.

    පොලිසිය සඳහන් කළේ, මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් පුද්ගලයෙකු මියගොස් ඇති බව ය.

    මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 35 ක් වූ පුද්ගලයෙකු සහ සහ තුවාලකරු වයස අවුරුදු 20ක් වූ බටහිර මාලමුල්ල, පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

    නිවසක පැවති සාදයක් අතරතුර එම නිවසට ඇතුළු වූ යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තැබීමක් සිදුකර පළා ගොස් ඇතැයි පොලිසිය පැවසීය.

    වෙඩි තැබීම සඳහා ටී 56 වර්ගයේ ගිනි අවියක් භාවිතා කර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

    මෘත ශරීරය පානදුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා භීරණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

    Anjali Withanage

  • තරුණයකු ඝාතනය කළ 5කට මරණ දඬුවම

    තරුණයකු ඝාතනය කළ 5කට මරණ දඬුවම

    තරුණයකුට ක්‍රිකට් පොලු ඇතුළු පොලු වලින් පහරදී ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු මෝදර ප්‍රදේශයේ පුද්ගලයින් 07 දෙනෙකුගෙන් පස්දෙනකුට මරණීය දණ්ඩනය නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා දෙදෙනකුට ජීවීතාන්තය දක්වා වු සිරදඬුවම් ඊයේ (28) නියම කළේය.

    මේ වන විට වයස අවුරුදු 27 හා 29 වැනි වයස්වල පසුවුවත් අපරාධය සිදුවන අවස්ථාව වන විට බාලවයස්කරුවන් ලෙස අවුරුදු 15 සහ 17 වැනි වයස්වල පසුවීම නිසා විත්තිකරුවන දෙදෙනාට මෙලෙස ජීවීතාන්තය දක්වා වු සිරදඬුවම් නියම කෙරිණී.

    වසර 13කට පෙර 21 වැනි පසුවු ෆැන්සිස් සුරංජන් නමැති තරුණයාට කළ මෙම අපරාධය සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණීල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කරමින් ඔවුන් වරදකරුවන් කරමින් විනිසුරුවරයා එලෙස දඬුවම් නියම කළේය.

    2012 සැප්තැම්බර් 26 වැනිදා හෝ ඊට ආසන්න දිනයක මෝදරදී ෆැන්සිස් සුරංජන් නමැත්තාට ක්‍රිකට් පොලු ඇතු`ථ පොලු වලින් පහරදී ඝාතනය කළ බවට විත්තිකරුවන් නවදෙනකුට එරෙහිව නීතීපතිවරයා නඩු පවරා තිබිණී.

    නඩු විභාගය අතරතුරදී විත්තිකරුවන් දෙදෙනෙකු මිය යෑම හේතූවෙන් විත්තිකරුවන් හත්දෙනෙකුට එරෙහිව නඩුව විභාග කෙරිණී.

    මේ සම්බන්ධයෙන් පැවැති දීරඝ නඩු විභාගයේදී කෝවිල් දෙකක් අතර ඇති නිවසකදී පහරකෑමට ලක්වු මියගිය තරුණයා රෝහලට ගෙන යන අතරතුරදී මියගොස් ඇති බව සාක්කි වලින් අනාවරණය විය.

    ඉදිරිපත්වු සියළු කරුණු සළකා බැලීමෙන් අනතතුරුව විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණීල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි විනිසුරුවරයා තීන්දු කළේය.

    විත්තිකරුවන්ට දඬුවම් ලිහිල් කිරීම සඳහා හේතූ ඇත්නම් ඉදිරිපත් කරන ලෙස දැනුම් දුන් අවස්ථාවේදී විත්ති කූඩුවේ සිට ද්‍රවිඩ සහ සිංහල භාෂා වලින් අධිකරණය ඇමතූ විත්තිකරුවෝ තමන් මෙම අපරාධයට කිසිඳු සම්බන්ධයක් නැතැයිද එහෙයින් තමන්ට ලිහිල් දඩුවම් දෙන්නැයි ඉල්ලා සිටියහ.

    සිය`ථ කරුණු සළකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා විත්තිකරුවන් 07 දෙනාගෙන් පස්දෙනකුට මරණීය දණ්ඩනය නියම කළ විනිසුරුවරයා දෙදෙනකුට ජීවීතාන්තය දක්වා වු සිරදඬුවම් නියම කළේය.

    (මනෝප්‍රිය ගුණසේකර)

  • තැපැල් ඡන්ද සලකුණු කිරීම අදින් අවසන්

    තැපැල් ඡන්ද සලකුණු කිරීම අදින් අවසන්

    පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (29) දිනයෙන් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

  • අල්ලස් කොමිසමෙන් බේරිලා ආපු රනිල් රම්පෙට පොරි හැලෙන්න දෙයි (Video)

    අල්ලස් කොමිසමෙන් බේරිලා ආපු රනිල් රම්පෙට පොරි හැලෙන්න දෙයි (Video)

    අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(28දා) පැය 03කට ආසන්න කාලයකදී පිටු 10ක කටඋත්තරයක් ලබා දුන් බව ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර මහතා පැවසීය.

    හිටපු ජනාධිපතිවරයා කොමිෂන් සභාවෙන් පිටව ගිය පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

    “අල්ලස් කොමිසමේ දැනුම්දීමක් මත අද පැමිණියා. පැය 03කට ආසන්න කාලයක් පිටු 10ක කටඋත්තරයක් දුන්නා. තමන් දන්න සියල්ල කිව්වා. නිලධාරීන් සුහදශීලිව සැලකුවා. දැන් ඒ කතාව ඉවරයි. දැන් ගෙදර යනවා. ”

  • පාකිස්තාන youtube නාලිකා 16ක් ඉන්දියාවේ තහනම්

    පාකිස්තාන youtube නාලිකා 16ක් ඉන්දියාවේ තහනම්

    මිලියන 63කට අධික පරිශීලකයින්ගෙන් යුත් පාකිස්තාන යූ ටියුබ් නාලිකා 16 ක් ඉන්දියාව තුළ තහනම් කිරීමට එරට රජය පියවර ගෙන තිබේ.

    අද (28) සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් මෙම පියවර ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

    කාශ්මීරයේ පෙ‍හෙල්ගම් ප්‍රහාරයෙන් පසු ප්‍රකෝපකාරී හා වාර්ගික අර්බුද උත්සන්න වන ආකාරයේ ප්‍රකාශ සිදුකරන බවට චෝදනා කරමින් අදාළ නාලිකා තහනම් කර ඇති බව සඳහන් වේ.

    ඉන්දියාව තුල තහනමට ලක්වූ පාකිස්තාන යූ ටියුබ් නාලිකා අතර ප්‍රවෘත්ති නාලිකා මෙන්ම පාකිස්තාන මාධ්‍යවේදීන් කිහිපදෙනෙකුගේ නාලිකා ද ඇතුලත් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

  • මෛත්‍රීගෙන් සාක්ෂි සටහන් කර ගනී

    මෛත්‍රීගෙන් සාක්ෂි සටහන් කර ගනී

    2008 වසරේ බොරලැස්ගමුව ප්‍රදේශයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියකට අදාළ නඩුවේ සාක්ෂිකරුවකු ලෙස නම්කර සිටි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් කොළඹ මහාධිකරණය හමුවේ අද (28) සාක්ෂි සටහන් කරගනු ලැබීය. 

    2008 වසරේ ඔක්තෝබර් මස 10 වනදා බොරලැස්ගමුව ප්‍රදේශයේ දී එවක කෘෂිකර්ම අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා මරණයට පත් කිරීමේ අරමුණින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව ගොනුකර තිබූ නඩුවක් අද කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා ඉදිරියේ  විභාගයට ගැනුණි. 

    එම අවස්ථාවේදී මීට පෙර නිකුත් කළ නොතීසියකට අනුව සාක්ෂිකාර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අධිකරණයේ පෙනී සිටියේය.

    ඒ අනුව නඩුවේ පළමු වන සාක්ෂිකරු වශයෙන් නම්කර සිටි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදුකිරීමෙන් අනතුරුව ඔහු මුදාහැරීමට නියම කෙරුණි.

  • පොන්නන් සංගර් නාට්‍ය දැක්මට ගිය පියා අඩි 60ක උසකින් වැටී ජීවිතක්ෂයට

    පොන්නන් සංගර් නාට්‍ය දැක්මට ගිය පියා අඩි 60ක උසකින් වැටී ජීවිතක්ෂයට

    හින්දු සංස්කෘතියේ විදහා දැක්වෙන පොන්නන් සංගර් නාට්‍ය විදහා දැක් වීමට (27) දින උදැසන අඩි 60ක් උස කණුවකට නැගි එම නාට්‍ය යේ ප්‍රධාන භූමිකාව රග දැක්වූ තිදරු පියෙකු එම කණුවේ මුදුනේ සිට බිමට ඇද වැටී ජීවිතක්ෂයට පත් වී ඇති බව නානුඔය පොලිසිය පැවසීය.

    මෙසේ ජීවිතක්ෂයට පත් වී ඇත්තේ නානුඔය පොලිස් වසමට අයත් ග්ලාස්කෝ වතුයායේ පදිංචිව සිටි මුරුගන් සන්මුගම් නැමති (63) හැවිරිදි තිදරු පියෙකි.

    සෑම වසරකම එම වතුයායේ වතු කම්කරුවන් එක්ව හින්දු සංස්කෘතිය විදහා දැක්වෙන පොන්නන් සංගර් නාට්‍ය විදහා දක්වන බවත්, 2025 වසරෙත් එම වතුයායේ සියලු වතු කම්කරුවන් එක්ව (26) දින රාත්‍රියේ සිට අඩි 60ක් උස කොඩි කණුවක් සිටුවා එම කොඩි කණුවේ මුදුනේ විශාල මල් රදවා පහන් වන තුරු නාට්‍ය විදහා දක්වා විශේෂ පූජාවන් ගණනාවක් පැවැත්වීමෙන් අනතුරුව හිරු උදා වීමට ප්‍රථම එම නාට්‍ය විදහා දක්වන ප්‍රධාන ශිල්පියා අඩි 60 ක් උස කණුවට නැග කණුව මුදුනේ රදවා ඇති මල් පහලින් සිටින එම උත්සවයට සහභාගි වූ පිරිසට ලබා ගැනීම සදහා මල් ඉසිනු ලබයි.

    එසේ කණුව මුදුනට නැග මල් ඉසිමට කණුව මුදුනටම නැගි පුද්ගලයා ගසේ මුදුනේ සිට මල් ඉසින අවස්ථාවේ පය ලිස්සා පහළට වැටී එම ස්ථානයේම ජීවිතක්ෂයට පත් වී ඇති බවයි නානුඔය පොලිසිය පැවසුවේ.

    මියගිය පුද්ගලයාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සිදු කිරිම සදහා නුවරඑලිය දිස්ත්‍රික්ක මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයා වෙත යොමුකර ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන නානුඔය පොලිස් ස්ථානයේ නිළධාරියෙකු පැවසුවේ.

  • දිල්ලියේ පැල්පත් නිවාස සංකීර්ණයක ගින්නක්

    දිල්ලියේ පැල්පත් නිවාස සංකීර්ණයක ගින්නක්

    ඉන්දියාවේ දිල්ලි අගනුවර පැල්පත් නිවාස සංකීර්ණයක ඇති වූ ගින්නකින් කුඩා දරුවන් දෙදෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබේ.

    දිල්ලි අගනුවර රෝහිණි, 17 වන ප්‍රදේශයේ පිහිටි පැල්පත් නිවාස සංකීර්ණයක අද (27) පෙරවරුවේ මෙම ගින්න හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

    ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගින්න මැඩ පැවැත්වීමට පැය කිහිපයක් ගතවී ඇති බව සඳහන් වේ.

    පැල්පත් නිවාස සංකීර්ණය වටා නිවාස සංකීර්ණ පිහිට තිබීම හේතුවෙන් ගින නිවන රථ එම ස්ථානට ගෙන යාමට කාලය ගත වී ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

    ගින්නෙන් පැල්පත් නිවාස 800ට වැඩි සංඛ්‍යාවක් සම්පූර්ණයෙන්ම ගිනි ගෙන විනාශ වී ඇත.