23.4 C
New York
July 7, 2025
Hot NewsLocal News

නුවර කුණුවලින් ටොන් 625ක් කොළඹට

ශ්‍රී දළදා ප්‍රදර්ශනය පැවති දින 10 තුළ මහනුවර නගරයේ එක්රොක් වූ ටොන් 650ක් පමණ වූ කැළි කසළ කළමනාකරණය කිරීම බරපතළ ගැටලුවක් බවට පත්ව ඇති බව මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ පවසයි.

මහනුවර නගරයේ කැළි කසළ බැහැර කිරීම යම් ක්‍රමවේදයකට අනුව සිදුකළද මෙවන් අවස්ථාවක එවැනි ක්‍රමවේදයන් භාවිත කිරීමට අපහසු බව ත් වෙන් වෙන් වශයෙන් කැළිකසල බැහැර කිරීමට කසළ බඳුන් නගරයේ ස්ථාපිත කොට තිබුණද දළදා දැක්මට පැමිණි ජනතාව ඒ කෙරෙහි නිසි දැනුවත් නොවීම හේතුවෙන් කිසිදු පිළිවෙලකින් තොරව කසළ බැහැර කිරීම බරපතළ ගැටලුවක් වූ බව ත් ඇය කීවාය.

මේ වන විට තෝරා වෙන් නොකළ මිශ්‍ර කසළ ටොන් 625ක් පමණ මහනුවර මහ නගර සභාවට අයත් ගුහාගොඩ කසළ අංගණයට බැහැරකොට ඇති බව ත් මෙම කසළ තොගය වර්ගීකරණය කිරීම දිගු කාලයක් ගතවන ඉතාමත් වෙහෙසකර කාර්යයක් වන බව ත් කොමසාරිස්වරිය සඳහන් කළා ය.

එබැවින් කොළඹ මහනගර සභාව සමග සාකච්ඡා කොට මෙම කැළි කසළ ටොන් 625 කොළඹට යවා කොළඹ නගර සභාවේ කසළ දහන ඒකකය මගින් දහනය කොට විනාශ කිරීමට පියවර ගන්නා බවද මේ සම්බන්ධයෙන් ගත යුතු හොඳ ම තීරණය මෙය බව ද ඇය කීවා ය.

මේ සඳහා ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ පූර්ණ සහාය ලබා ගන්නා බවත් නගරයේ කසළ ඉවත් කිරීම සඳහා ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය මෙන් ම විවිධ සංවිධාන සහ පුද්ගලයෝ විශාල වශයෙන් සහාය වූ බව ත් මහ නගර සභා කාර්ය මණ්ඩලයට මෙන්ම එම කාරියට සහාය දුන් සියලු දෙනාට තම ස්තුතිය පුද කරන බව ත් ඇය වැඩිදුරට ත් සඳහන් කළාය.

ගුහාගොඩ කසළ අංගණ නිරීක්ෂණ චාරිකාවට මහනුවර මහ නගර සභාවේ ප්‍රධාන ඉන්ජිනේරු ඝන අපද්‍රව්‍ය, ජල සහ අපජල කළමනාකරණ නාමල් දිසානායක මහතා එක්ව සිටියේ ය.

K. L. Suraweera – Kandy

Related posts

චිකන්ගුන්‍යා හැඳුනොත් මේ ඖෂධ ගන්න එපා

IndusaraMedia

තරුණයකු ඝාතනය කළ 5කට මරණ දඬුවම

IndusaraMedia

ලෝක උරුම නගර ලැයිස්තුවෙන් මහනුවර හැලෙයි?

IndusaraMedia

ප්‍රවීණ රංගන ශිල්පිණී මාලනී ෆොන්සේකා අභාවප්‍රාප්ත වෙයි

IndusaraMedia

සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය හරහා සිදුකරන පළකිරීම් ගැන නීතිඥ සංගමයෙන් නිවේදනයක්

IndusaraMedia

කිසිදු දේශපාලන පක්ෂයක් සමඟ එකතු නොවන බව දිලිත් කියයි

IndusaraMedia

Leave a Comment