අප්‍රේල් මස අස්වැසුම දීමනාව හෙට බැංකු ගිණුම් වෙත

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ ගෙවීම් කටයුතු හෙට (22) දිනයේදී අදාළ ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය පැවසුවේ මේ අනුව අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ පළමු අදියරේ වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටිවන් 617,406 දෙනෙකු සඳහා අප්‍රේල් මස වැඩිහිටි දීමනාව ලෙස රුපියල් තුන් බිලියන අසූ හත් මිලියන තිස් දහසක මුදලක් ගෙවීමට නියමිතය.

එමෙන්මදෙවන අදියරේ අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 72,525 දෙනෙකු සඳහා රුපියල් තුන්සිය හැට දෙමිලියන හය ලක්ෂ විසි පන්දහසක මුදලක් ගෙවනු ලබන බවද සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සිය නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කර තිබේ. 

Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments