මාංචු පිටින් පැන්න සැකකරුවන්ට වෙඩි

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනකු දෑතට මාංචුදමා  ගල්ගමුව වැඩබළන මහෙස්ත්‍රාත් හමුවට රැගෙන යෑමට සුදානම්ව සිටියදී පොලිස් ජිප්රියෙන් පැන යාමට සූදානම් වූ සැකකරුවන් දෙදෙනකුගේ පාදයට වෙඩි තබා අල්ලා ගත් බව පොලිසිය කියයි.

සැකකරුවන්  දෙදෙනා ඇහැටුවැව මාර්ගයේ මීටර් සියයක් පමණ ඈතට දිවයද්දී පොලිසිය සැකකරුවකුගේ පාදයට වෙඩි තබා ඇත.

යළිත්වරක් අත්අඩංගුවටගත් සැකකරුවන් දෙදෙනාගෙන් වෙඩි ප්‍රහාරයට ලක්වු සැකකරු ගල්ගමුව මුලික රෝහලට ඇතුළත් කිරීමෙන්  පසු කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරුකර යැවු බව ගල්ගමුව පොලීසිය පවසයි.

මෙම සැකරුවන්  ගල්ගමුව ගොජරාගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පැවසීය.

Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments