වැලිකඩත් රැඳවියෙක් මරුට

වැලිකඩ බන්ධනාගාරයේ අච්චු විඳිමින් සිටි රැඳවියකු බන්ධනාගාර නිලධාරීන් සමග ඇති වූ පොරබැදීමකින් පසු රෝගී වී  මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරියේ නීතිවේදී උදය කුමාර වුට්ලර් මහතා පැවසීය.

සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ බොරැල්ල ප්‍රදේශයේම පදිංචි  අවුරුදු 40 ක්පුද්ගලයෙකි.

මැගසින් බන්ධනාගාරය තුළදී ඉකුත් 27 වැනි දින ද  පහරදීමකින්  රැඳවියකු මියගිය අතර ඒ සම්බන්ධයෙන් ජේලර්වරයකු ඇතුළු බන්ධනාගාර නිලධාරීන් පස්දෙනකු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් ගත කර සිටියි. 

මත්ද්‍රව්‍ය චෝදනාවකට අච්චු විඳිමින් සිටි රැඳවියා ඊයේ සවස තවත් පිරිසක් සමග බන්ධනාගාර අභ්‍යන්තරයේ එළිමහන් ක්‍රීඩාංගණය ශුද්ධ පවිත්‍ර කිරීම සඳහා පිටතට ගෙන සිටියදී පලා ගොස් ඇති අතර පැනගිය එම රැඳවියා මහත් පරිශ්‍රමයක් දරා පොරබදා බොරැල්ල ප්‍රදේශයේදී බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන නැවත බන්ධනාගාරය වෙත රැගෙන ඒමෙන් අනතුරුව ඇතිවූ සිද්ධියකදි මඳ වේලාවකට පසු ඔහු දැඩි ලෙස රෝගාතුර වී ඇත.

අනතුරුව බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු  මිය ගොස් ඇත.

Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments