hacklink hack forum hacklink film izle hacklink casibomcasibom girişdepo 10kgalabetbetpipo giriştekelbet,tekelbet giriş,tekelbahis,tekel bahis,tekel betcasibomsahabetbetciotipobethttps://algototo.com/xmtradingjojobet giriş
  • පොන්නන් සංගර් නාට්‍ය දැක්මට ගිය පියා අඩි 60ක උසකින් වැටී ජීවිතක්ෂයට

    පොන්නන් සංගර් නාට්‍ය දැක්මට ගිය පියා අඩි 60ක උසකින් වැටී ජීවිතක්ෂයට

    හින්දු සංස්කෘතියේ විදහා දැක්වෙන පොන්නන් සංගර් නාට්‍ය විදහා දැක් වීමට (27) දින උදැසන අඩි 60ක් උස කණුවකට නැගි එම නාට්‍ය යේ ප්‍රධාන භූමිකාව රග දැක්වූ තිදරු පියෙකු එම කණුවේ මුදුනේ සිට බිමට ඇද වැටී ජීවිතක්ෂයට පත් වී ඇති බව නානුඔය පොලිසිය පැවසීය.

    මෙසේ ජීවිතක්ෂයට පත් වී ඇත්තේ නානුඔය පොලිස් වසමට අයත් ග්ලාස්කෝ වතුයායේ පදිංචිව සිටි මුරුගන් සන්මුගම් නැමති (63) හැවිරිදි තිදරු පියෙකි.

    සෑම වසරකම එම වතුයායේ වතු කම්කරුවන් එක්ව හින්දු සංස්කෘතිය විදහා දැක්වෙන පොන්නන් සංගර් නාට්‍ය විදහා දක්වන බවත්, 2025 වසරෙත් එම වතුයායේ සියලු වතු කම්කරුවන් එක්ව (26) දින රාත්‍රියේ සිට අඩි 60ක් උස කොඩි කණුවක් සිටුවා එම කොඩි කණුවේ මුදුනේ විශාල මල් රදවා පහන් වන තුරු නාට්‍ය විදහා දක්වා විශේෂ පූජාවන් ගණනාවක් පැවැත්වීමෙන් අනතුරුව හිරු උදා වීමට ප්‍රථම එම නාට්‍ය විදහා දක්වන ප්‍රධාන ශිල්පියා අඩි 60 ක් උස කණුවට නැග කණුව මුදුනේ රදවා ඇති මල් පහලින් සිටින එම උත්සවයට සහභාගි වූ පිරිසට ලබා ගැනීම සදහා මල් ඉසිනු ලබයි.

    එසේ කණුව මුදුනට නැග මල් ඉසිමට කණුව මුදුනටම නැගි පුද්ගලයා ගසේ මුදුනේ සිට මල් ඉසින අවස්ථාවේ පය ලිස්සා පහළට වැටී එම ස්ථානයේම ජීවිතක්ෂයට පත් වී ඇති බවයි නානුඔය පොලිසිය පැවසුවේ.

    මියගිය පුද්ගලයාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සිදු කිරිම සදහා නුවරඑලිය දිස්ත්‍රික්ක මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයා වෙත යොමුකර ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන නානුඔය පොලිස් ස්ථානයේ නිළධාරියෙකු පැවසුවේ.

  • දිල්ලියේ පැල්පත් නිවාස සංකීර්ණයක ගින්නක්

    දිල්ලියේ පැල්පත් නිවාස සංකීර්ණයක ගින්නක්

    ඉන්දියාවේ දිල්ලි අගනුවර පැල්පත් නිවාස සංකීර්ණයක ඇති වූ ගින්නකින් කුඩා දරුවන් දෙදෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබේ.

    දිල්ලි අගනුවර රෝහිණි, 17 වන ප්‍රදේශයේ පිහිටි පැල්පත් නිවාස සංකීර්ණයක අද (27) පෙරවරුවේ මෙම ගින්න හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

    ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගින්න මැඩ පැවැත්වීමට පැය කිහිපයක් ගතවී ඇති බව සඳහන් වේ.

    පැල්පත් නිවාස සංකීර්ණය වටා නිවාස සංකීර්ණ පිහිට තිබීම හේතුවෙන් ගින නිවන රථ එම ස්ථානට ගෙන යාමට කාලය ගත වී ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

    ගින්නෙන් පැල්පත් නිවාස 800ට වැඩි සංඛ්‍යාවක් සම්පූර්ණයෙන්ම ගිනි ගෙන විනාශ වී ඇත.

  • බ්‍රිතාන්‍යයේදි වාර්තාගත මුදලකට වෙන්දේසි වු ටයිටැනික් මගියාගේ ලිපිය

    බ්‍රිතාන්‍යයේදි වාර්තාගත මුදලකට වෙන්දේසි වු ටයිටැනික් මගියාගේ ලිපිය

    බ්‍රිතාන්‍යයේදි වාර්තාගත මුදලකට ටයිටැනික් නෞකාවේ මගියෙකු විසින් එම නෞකාව ගිලීයාමට දින කිහිපයකට පෙර ලියන ලද ලිපියක් වෙන්දේසි වී තිබේ.

    විදෙස් මාධ්‍ය වාර්තා කළේ ,කර්නල් ආචිබෝල්ඩ් ග්‍රේසි විසින් ලියන ලද එම ලිපිය පවුම් ලක්ෂ 3කට වෙන්දේසි වී ඇති බවයි.

    මෙහි විශේෂත්වයක් වන්නේ, ලිපිය පවුම් 60,000ක මුදලකට අලෙවි වනු ඇති බවට අපේක්ෂා කළද එමෙන් පස් ගුණයක මුදලකට එය වෙන්දෙසි වී තිබීමයි.

    විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ලිපිය නිර්නාමික ගැනුම්කරුවෙකු විසින් මිලදී ගෙන ඇති බවයි.

    කර්නල් ආචිබෝල්ඩ් ග්‍රේසිගේ 1912 වසරේ අප්‍රේල් මස 10 වන දිනැති අදාළ ලිපියෙන් දින 05 කට පසු ටයිටැනික් නෞකාව උතුරු අත්ලන්තික් සාගරයේදි අයිස් කන්දක ගැටී ගිලි ගියේය.

    එහිදී නෞකාවේ සිටි මගීන් සහ කාර්ය මණ්ඩලයේ 2,200ක පමණ පිරිසෙන් 1,500කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වුණි.

  • වෛද්‍ය ෂාෆිගේ දියණිය වෛද්‍ය පීඨයට

    වෛද්‍ය ෂාෆිගේ දියණිය වෛද්‍ය පීඨයට

    2019 දී ඉහළ ප්‍රසිද්ධියක් ලැබූ ව්‍යාජ වන්ධ්‍යාකරණ චෝදනාවකට ලක්වූ ආචාර්ය ශාෆි ශිහාබ්දීන්ගේ දියණිය, 2024 උසස් පෙළ විභාගයේදී විශිෂ්ට ප්‍රතිඵල ලබා රජයේ වෛද්‍ය පීඨයකට ඇතුළත් වී ඇත.

    පවුලට එල්ල වූ බලවත් මහජන අවධානය සහ මානසික බලපෑම හේතුවෙන් ඇයට පාසල හැරයාමට සිදු වුවද, ඇය පෞද්ගලික අපේක්ෂකයෙකු ලෙස විභාගයට පෙනී සිටිමින් අසාමාන්‍ය ධෛර්යයක් සහ නොපසුබස්නා බවක් පෙන්වූවාය.

    ඇය විද්‍යා විෂය ධාරාවෙන් A 3ක් ලබා, දිස්ත්‍රික් ශ්‍රේණිගත කිරීමේ 12 වැනි ස්ථානයත්, දිවයිනේ 357 වැනි ස්ථානයත් ලබා ගනිමින් රජයේ වෛද්‍ය පීඨයකට ඇතුළත්වීමේ අවස්ථාව හිමිකර ගත්තාය. මීට පෙර, ඇය සාමාන්‍ය පෙළ විභාගයෙන් A 9ක් ලබා ඉහළ දක්ෂතා දක්වා තිබූ අතර, තම පියා මෙන් වෛද්‍යවරියක වී ජනතාවට සේවය කිරීමේ ඇගේ සිහිනය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබුණාය.

  • ග්‍රෑන්ඩ්පාස් කාන්තා ඝාතනයේ සුලමුල හෙළිවෙයි

    ග්‍රෑන්ඩ්පාස් කාන්තා ඝාතනයේ සුලමුල හෙළිවෙයි

    ඉකුත් අපේල් 22 වනදා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් අතුරුදන් බවට ලැබුණු පැමිණිල්ලක විමර්ශනවලට අදාළව ඇගේ සැමියා සහ බෑණා ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

    ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදි, අදාළ කාන්තාව තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර ප්‍රදේශයේ ඇළ මාර්ගයකට ගෙන ගොස් දැමූ බව අනාවරණවී ඇති අතර සිද්ධිය CCTV කැමරාවක ද සටහන්ව ඇත.

    පොලීසිය සැක කරන්නේ, 65 හැවිරිදි අදාළ කාන්තාව සමීප සබඳතා පැවැත්වූ වෙනත් පුද්ගලයෙකු සමඟ චාරිකාවක් ගොස් යළි නිවසට පැමිණි පසු මෙම ඝාතනය සිදුව ඇති බවටය.

  • මාලිමාවට තවම හරියට බලය ලැබී නෑ.. ප‍්‍රාදේශීය සභාත් ඔ්නෑ.. ඊට පස්සෙ පලාත් සභාත් ඔ්නෑ…

    මාලිමාවට තවම හරියට බලය ලැබී නෑ.. ප‍්‍රාදේශීය සභාත් ඔ්නෑ.. ඊට පස්සෙ පලාත් සභාත් ඔ්නෑ…

    ජාතික ජන බලවේගයට තවමත් බලය හරියට ලැබී නැතැයි නියෝජ්‍ය ඇමති නලින් හේවගේ මහතා සඳහන් කරයි.

    බලය හරියට ලැබෙන්නේ නම් පාර්ලිමේන්තුව පළාත් සභා සහ ප්‍රාදේශභාවවල බලයද ලැබිය යුතු බවත් හෙතෙම දැනට ඇත්තේ පාර්ලිමේන්තුව නැමැති ඔළුවේ බලය පමණක් බවද හෙතෙම කියා සිටී.

    එනිසා මෙවර ප්‍රාදේශීය සභාවේ බලයද තම පක්ෂයට ලබා දිය යුතු බවත් ඒ මහතා පැවසුවේ ජාතික ජනබල වේගයේ ජනහමුවක් අමතමිනි.

  • මහ බැංකු අධිපති සහ භාණ්ඩාගාර ලේකම් ගෝලීය ස්වෛරීත්ව ණය වටමේස සමුළුවට

    මහ බැංකු අධිපති සහ භාණ්ඩාගාර ලේකම් ගෝලීය ස්වෛරීත්ව ණය වටමේස සමුළුවට

    ගෝලීය ස්වෛරීත්ව ණය වටමේස සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ භාණ්ඩාගාර ලේකම් කේ, එම්. එම්. සිරිවර්ධන මහතා, සහභාගී වී තිබේ.

    වොෂින්ටන් නුවර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකු සමූහයේ වසන්ත රැස්වීම්වලට සමගාමීව, පසුගිය 23 වන දා මෙම සමුළුව පැවැත් විය.

    ණය සම්බන්ධ අභියෝග සහ විසඳුම් පිළිබඳව පාර්ශ්වකරුවන් අතර පොදු අවබෝධය වැඩි දියුණු කිරීම සඳහා ණයගැති රටවල් සහ ණයහිමියන් පොදු වේදිකාවකට ගෙන ඒමේ අරමුණින් 2023 වසරේ පෙබරවාරි මාසයේ දී ගෝලීය ස්වෛරීත්ව ණය වටමේස සමුළුව පිහිටුවන ලදී. 

    ගෝලීය ස්වෛරීත්ව ණය වටමේස සමුළුවෙහි සම සභාපතීත්වය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ G20 රටවල සභාපතිත්වය විසින් දරනු ලැබේ. 

    විවිධ ණය සම්බන්ධ පාර්ශ්වකරුවන් පොදු වේදිකාවකට ගෙන ඒමට අමතරව, ගෝලීය ස්වෛරීත්ව ණය වටමේස සමුළුවෙහි ජයග්‍රහණ අතරට මෑතක දී රටවල අධිකාරීන් සඳහා ස්වෛරීත්ව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අත් පොත https://www.imf.org/-/media/Files/About/FAQ/gsdr/042325-gsdr-restructuring- playhook ashx හඳුන්වා දීම ද ඇතුළත් වේ.

    ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ගෝලීය ස්වෛරීත්ව ණය වටමේස සමුළුව ආරම්භයේ සිට ම එහි සාකච්ඡාවලට ක්‍රියාකාරීව සහභාගී විය. 

    මෙම වටයේ දී, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අත්දැකීම් බෙදා ගන්නා අතර ම, ණය අර්බුදයට ලක්ව ඇති රටවල් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව නිම කිරීමෙන් පසු ණය පැහැර හැරීමේ තත්ත්වයෙන් ක්‍රමයෙන් ඉවත් වීම සහතික කිරීම සඳහා ස්වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනවලට පැවරෙන වැදගත් කාර්යභාරය ද අධිපතිවරයා අවධාරණය කළේය.

  • ජෛව පද්ධති තාක්ෂණවේදයේ පළමුවැනියා

    ජෛව පද්ධති තාක්ෂණවේදයේ පළමුවැනියා

    මෙවර අපොස උසස් පෙළ විභාගයේ ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාවේ දිවයිනේ ප්‍රථම ස්ථානය ලබා ගැනීමට සඳලංකා මධ්‍ය විද්‍යාලයේ නෙත්ම නවෝද්‍යා මාරසිංහ සිසුවිය සමත් වූවාය.

    පන්නල ජාතික පාසලෙන් අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඒ සාමාර්ථ 09 ක් ලබා ගනිමින් එම විභාගය විශිෂ්ට ලෙස සමත් වී ජෛව පද්ධති තාක්ෂණවේදය හැදෑරීම සඳහා සඳලංකා මධ්‍ය විද්‍යාලයට ඇතුළත් වී ඇත.

    පන්නල ගල යාය ප්‍රදේශයේ පදිංචි සරත් මාරසිංහ හා හෙන්ඩියගල රතන ජෝති මහා විද්‍යාලයේ ආචාර්යවරියක් වන පී ශාමා මල්කාන්ති මහත්මියගේ එකම දියණිය වන නෙත්මිට එක් සොහොයුරෙකු සිටි. ඔහු පන්නල ජාතික පාසලේ 10 වන වසරෙහි අධ්‍යාපනය හදාරයි.

    තම ජයග්‍රහණය පිළිබඳව අදහස් දැක්වූ නෙත්මි නවෝද්‍යා

    මට ශිෂ්‍යත්ව විභාගය සමත් වෙන්න එක් ලකුණයි මදි වුණේ. අධ්‍යාපන කටයුතුවල වගේම විෂය බාහිර කටයුතුවලත් නිරත වුනා. විද්‍යාලයේ නෙටබෝල් කණ්ඩායම නියෝජනය කළා. කථික තරඟ වලට සහභාගි වුණා. ඒ මොන දේ කළත් අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ නමයක් අරගෙන විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබුවා. මම තාක්ෂණවේදයට හරි කැමතියි. ඒ නිසා එම විෂය ධාරාව හදාරන්න සඳලංකා මධ්‍ය විද්‍යාලයට ඇතුළත් වුණා. අද මට මේ ජයග්‍රහණය ලබා ගන්න පාසලෙන් විශාල සහයෝගයක් ලැබුණා. මම දිනපතා පාසල් ගියා. සියලුම වාර විභාග වලදී ලකුණු 80 ට වැඩියෙන් ගත්තා.

    මට ගුරුහරුකම් ලබා දුන්න සඳලංකා මධ්‍ය  විද්‍යාලයේ හිටපු විදුහල්පති අසංක චාමින්ද, වත්මන් විදුහල්පති නිශාන්ත කැලුම් කුමාර, නියෝජ්‍ය විදුහල්පතිවරුන් වන දේවිකා පතිරණ (අධ්‍යාපන පරිපාලන), නෙවිල් පද්මසිරි (පරිපාලන) , අංශ ප්‍රධානී ඒ ඒ සඳමාලි සරණතිලකා, හිටපු සහකාර විදුහල්පතිනි එච් පී එස් උෂානි ජයතිලක, සියලු විෂයන් උගන්වපු රමිලා මල්කාන්ති වීරසිංහ, තිළිණි නිර්මිකා ගුණරත්න, ටී තනූජා පෙරේරා යන ගුරු මෑණි පියවරුන් වගේම පන්නල ජාතික පාසලේ එක වසරේ සිට මට ගුරුහරුකම් ලබා දුන් ගුරු මෑණි පියවරුන්ව මම ආදරයෙන් සිහිපත් කර සිටිනවා.

    විශේෂයෙන් මගේ අම්මා, තාත්තා, මල්ලි ඇතුළු මගේ පවුලේ සියලු දෙනාත්, මගේ යහළු යෙහි ලියන් සියලුු දෙනාත්  කෘථවේදීව සිහිපත් කර සිටිනවා. මගේ බලාපොරොත්තුව මා සමත් වුන අංශයෙන් ඉදිරියට යන්නයි.

    ඉදිරියේදී විභාගවලට මුහුණ දෙන්න ඉන්න නංගිලා මල්ලිලාට මම කියන්නේ උත්සාහය කැපවීම තිබෙනවා නම් කරන්න බැරි දෙයක් නැහැ. විභාගය කිට්ටු කරලා පාඩම් කරන්නේ නැතුව දිනපතා ඉගෙන ගත්ත දේ නැවත පාඩම් කරමින් මුල සිටම විභාගයට සූදානම් වෙන්න කියලයි.

  • සෞඛ්‍ය අමාත්‍යංශයේ තරග විභාගයකට එරෙහි විරෝධතා.. අධිකරණයෙන් වාරණ නියෝගයක්…

    සෞඛ්‍ය අමාත්‍යංශයේ තරග විභාගයකට එරෙහි විරෝධතා.. අධිකරණයෙන් වාරණ නියෝගයක්…

    27 දින විරෝධතාකරුවන් පිරිසක් මරදාන පොලිස් වසමේදී, උපාධිධාරීන් බඳවා ගැනීමට අදාලව පවත්වනු ලබන තරඟ විභාගයට සහභාගි වන අයදුම්කරුවන්ට ඒ සඳහා සහභාගි නොවන ලෙසට බලපෑම් කිරීම සඳහා කණ්ඩායම් වශයෙන් ඒකරාශී වී විරෝධතාවන් පැවැත්වීමට හා එම විභාග මධ්‍යස්ථාන වල ආරක්ෂාවට තර්ජනයක් වන පරිදි කඩාකප්පල්කාරී ක්‍රියාවන් සිදු කිරීමට කටයුතු සූදානම් කර ඇති බවට මරදාන පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත අපරාධ නඩු විධාන සංග්‍රහයේ පවතින ප්‍රතිපාදන ප්‍රකාරව මාලිගාකන්ද ගරු මහේස්ත්‍රාත් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමට අනුව මාලිගාකන්ද ගරු මහේස්ත්‍රාත් අධිකරණය මඟින් පහත සදහන් වග උත්තරකරුවන් වන,

    1. එම්.එන්.එම්. නුස්රි, සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුව සම කැඳවුම්කරු (ගෙලිඔය, ගම්පොල)
    2. නදුන් දශරික හේවාපතිරණ, සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුව ලේකම් (ඉසද නවම් මාවත, දකුණු මාතර, මාතර)
    3. මධුෂාන් චන්ද්‍රජිත්, අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු (අංක 2/1 තෝරකොළයාය, මුල්ආඩියාවල, ඇඹිලිපිටිය)
    4. රවී කුමුදේශ්, පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති (881/01/01, මරදාන පාර, කොළඹ 10)

    සහ ඔවුන්ගේ නියෝජිතයන් වෙත 2025.04.27 වන දින පැය 0800 සිට 2025.04.27 වන දින පැය 1600 දක්වා මරදාන පොලිස් වසමේ රොහල් චතුරශ්‍රයට ඇතුළුවීම ඒ අවට පිහිටා ඇති රොහල් වලට බධා වන පරිදි ඩීන්ස් පාර, ද සේරම් පාර, කින්සි පාර, රිජන්ට් වීදිය පදික වේදිකා අහුරමින් සිදු කරන උද්ඝෝෂණ, පෙළපාලි හා සම සෞඛ්‍ය උපාධිධාරීන් බඳවා ගැනීමේ තරඟ විභාගය පවත්වන විභාග මධ්‍යස්ථාන වන පශ්චාත් ප්‍රාථමික හෙද විදුහල කොළඹ 10 හා හෙද විදුහල, කොළඹ 10 ස්ථානයෙහි ඉදිරිපිට රැඳී සිටීම තහනම් කරමින් ආඥාවක් නිකුත් කර ඇත.

  • “මේ රට හදන්න සහභාගි වෙන්න” ජනපතිගෙන් ඩයස්පෝරාවට ඇරයුම්.!

    “මේ රට හදන්න සහභාගි වෙන්න” ජනපතිගෙන් ඩයස්පෝරාවට ඇරයුම්.!

    මාන්කුලම්වල කර්මාන්ත පුරයක් ආරම්භ කිරීමට කටයුතු කරන බවත් එම කර්මාන්ත පුරයේ ආයෝජනය කරන ලෙස දෙමළ ඩයස්පෝරාවට ආරාධනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

    ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,

    “හොරකම් කරපු අයට මොකද කරන්නේ අහනවා. අනිවාර්යෙන්ම දඬුවම් ලබාදෙනවා. මේ වෙනකොටත් උතුරු – මැද හිටපු මහඇමති හිරේ, ඌවේ හිටපු මහඇමති රිමාන්ඩ්, නැ‍ගෙනහිර හිටපු මහඇමති රිමාන්ඩ්, තව හිටපු ඇමතිවරයෙක් හැංගිලා. හොඳයිනේ. හරියට වැඩේ කරනවා.”

    අපි නඩු දාලා තියෙනවා. හිටපු ජනපතිගේ ලොකු පුතාට එක නඩුවක් දැම්මා, දෙවැනි පුතාට නඩු දෙකක් දැම්මා, ආච්චිටත් එක නඩුවක් දැම්මා. පළමු වතාවට ආණ්ඩුවක් හදලා තියෙනවා තරාතිරම නොබලා කාටත් නීතිය ක්‍රියාත්මක කරන ආණ්ඩුවක්.

    මැයි (06) වැනිදා මේ ආණ්ඩුවට තවත් විශාල හයියක් ලබාදෙන්න. ප්‍රාදේශීය සභා සියල්ල ජාතික ජන බලවේගයට භාරදෙන්න. ලෑස්තියිනේ. අපි දිනන්න ඕන. මේක ආපහු හැරෙන්න ඉඩ දෙන්න හොඳ නැහැ.

    අපේ විශාල බලාපොරොත්තු තියෙනවා මේ යාපනයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් හදනවා. ආණ්ඩුවේ පළමු කාලය තුළ ජාත්‍යන්තර තරගයක් පවත්වනවා. අපේ පරම්පරාව යුද්ධ කර ගත්තා හැබැයි අපේ දරුවන්ගේ පරම්පරාවට යුද්ධය නැති රටක් හදමු.

    අනන් ඒක තමයි ජාතික ජන බලවේගයේ වැඩේ. මේ ප්‍රදේශයේ හිටිය බොහෝ අය විදෙස්ගත වෙලා ඉන්නේ. ඔවුන්ට විශාල ආදායම් තියෙනවා. අපි ඒ සියලු දෙනාට ආරාධනා කරනවා එන්න ලංකාවට. ආයෝජනය කරන්න පටන්ගන්න.

    අපි මාන්කුලම්වල කර්මාන්ත පුරයක් ආරම්භ කරනවා ඒවට එන්න ආයෝජනය කරන්න. ඔබ කොහෝ හිටියත් මේක අපි ඉපදුන රට මේ රට හදන්න සහභාගි වෙන්න කියලා ඩයස්පෝරාවේ අයට කියනවා”

    පුදුකුඩිඉරුප්පු ප්‍රදේශයේ පැවති ජන රැළිය අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කරයි.