hacklink hack forum hacklink film izle hacklink casibomcasibom girişdepo 10kgalabetbetpipo giriştekelbet,tekelbet giriş,tekelbahis,tekel bahis,tekel betcasibomsahabetbetciotipobethttps://algototo.com/xmtradingjojobet giriş
  • ඡන්දෙට නාරාහෙන්පිට මෝටර් ට්‍රැෆික් වැසේ

    ඡන්දෙට නාරාහෙන්පිට මෝටර් ට්‍රැෆික් වැසේ

    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට පිහිටි ප්‍රධාන කර්යාලය මේ මස 5වනදා සහ 6වනදා වසා තැබීමට තීරණය කර තිබේ.

    පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව අදාළ පහසුකම් සැපයීම සඳහා මේ ආකාරයට දින දෙකක කාලයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය වසා තැබෙන බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
    පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව නැගෙනහිර කොළඹ ඡන්ද කොට්ඨාස අංක 06 හා 07ට අදාළ ඡන්ද මධ්‍යස්ථානය ලෙස මෙම ප්‍රධාන කාර්යාලය නම් කර තිබේ.

    මේ අනුව මේ මස 05වන දින ඡන්ද මධ්‍යස්ථානයේ කටයුතු සංවිධානය කිරීම වෙනුවෙන් හා 06 වන දින ඡන්ද විමසීම සිදුවන නිසා මෙම වසා තැබීම් සිදුවේ. 

  • ගණේමුල්ල සංජීව ඝාතන සැකකරුවෙකුට ඇප…

    ගණේමුල්ල සංජීව ඝාතන සැකකරුවෙකුට ඇප…

    අලුත්කඩේ අධිකරණයේදී ඝාතනයට ලක්වූ ගණේමුල්ල සංජීවගේ ඝාතනයට අනුබල දුන්නේ යැයි චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බූස්ස බන්ධනාගාරයේ ජේලර්වරයාව ඇප මත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර ඇත.

    රුපියල් ලක්ෂ 25ක් වූ ශරීර ඇප දෙකක් හා රුපියල් 75,000ක මුදල් ඇප මත මුදා හරින ලෙස නියෝග කර තිබේ.

    ඝාතන සිදුවීමේ 13 වෙනි සැකකරු ලෙස නම් කර සිටි අදාළ ජේලර්වරයා මෙම අපරාධයට සම්බන්ධ වී ඇති බවට කරුණු අනාවරණය නොවන හෙයින් මොහු ඇප මත මුදාහරින බව විනිසුරුවරයා සඳහන් කලේය.

  • ඉන්ධන මිල පහළට

    ඉන්ධන මිල පහළට

    අද (30) මධ්‍යම රාත්‍රි සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.

    ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 06කින් අඩුවන අතර එහි නව මිල රුපියල් 293කි.

    ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් අඩුවන අතර එහි නව මිල රුපියල් 341ක් වේ.

    සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 12කින් පහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 274කි. 

    එමෙන්ම ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 06කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 325ක් වේ. 

    ලංකා භූමිතෙල් මිල ද රුපියල් 05කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 178කි.

    සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

  • රුවන්වැලි සෑයට බෝම්බ ප‍්‍රහාරයක් ගැන ඔත්තුවක්.. පොලිස් රැකවල් දැඩි කරයි..

    රුවන්වැලි සෑයට බෝම්බ ප‍්‍රහාරයක් ගැන ඔත්තුවක්.. පොලිස් රැකවල් දැඩි කරයි..

    ඓතිහාසික අනුරාධපුර රුවන්වැලි සෑ පුදබිමට ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා බෝම්බයක් රැගෙන පුද්ගලයෙකු පැමිණෙන බවට (28දා) පොලිස් හදිසි ඇමතුම් අංකයට (119) ලැබුණු තොරතුරකට අනුව රුවන්වැලිසෑ පුදබිම තුළ පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ යුද හමුදාව ඒකාබද්ධව සෝදිසි මෙහෙයුමක් ආරම්භ කළ බව අනුරාධපුර මූලස්ථාන පොළීසිය සඳහන් කළේය.

    දහවල් 12ට පුද්ගලයෙකු බෝම්බයක් රැගෙන රුවන්වැලි සෑ පුදබිමට ඇතුළුවන බව සඳහන් කරමින් කුරුණෑගල ප්‍රදේශයේ කාන්තාවක් මෙම ඇමතුම ලබා දී ඇති බව පොලීසිය සඳහන් කළේය.

    එම දුරකතන ඇමතුම් සම්බන්ධයෙන් වහා ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ රුවන්වැලි‍සෑය පුදබිම හා ඒ අවට දැඩි පරීක්ෂාවට ලක් කළහ.

    එම සෝදිසි කිරීම් වලදී සැක කටයුතු පුද්ගලයෙකු හෝ කිසිවක් හමු නොවූ බවද පොලීසිය වැඩි දුරටත් සඳහන් කළේය.

    තමන් වෛද්‍යවර්යක ලෙස සඳහන් කරමින් මෙම දුරකථන ඇමතුම ලබා දී ඇති අතර, මෙම බෝම්බය රුවන්වැලි සෑ පුදබිමට රැගෙන එන බව මේ රටේ යුද්ධය නතර කිරීමට දායක වූ හිටපු ජනාධිපතිවරයෙකු සහ හිටපු යුද හමුදාපතිවරයෙකු (නම් සඳහන්
    කරමින්), දන්නා බව හදිසි ඇමතුම් ඒකකයට ලැබුණු මෙම තොරතුරේ වැඩි දුරටත් සඳහන් වේ.

    මෙම ඇමතුම් සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශන කටයුතු සිදු කෙරෙන අතර එය සිතා මතා සිදු කළ ව්‍යාජ තොරතුරක් බවට අනාවරණය වුව හොත්, ඒ සම්බන්ධයෙන් නීති මගින් කටයුතු කරන බවද අප කළ විමසීමකදී උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

    අනුරාධපුර විශේෂ DB චතුරංග

  • හරිනිට ආරක්‍ෂක වලල්ලක් යොදයි…

    හරිනිට ආරක්‍ෂක වලල්ලක් යොදයි…

    අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් දෙමටගොඩ දී ජනහමුවක් පැවැත්වින.

    ඊට අගමැතිනිය පැමිණෙන අවස්ථාවේ විශේෂ ආරක්ෂක වළල්ලක් ඇය සමග ඉදිරියට ගමන් කළේය.

    ඒ සම්බන්ධයෙන් ඇය වේදිකාවේදී කියා සිටියේ මෙම විශේෂ ආරක්‍ෂා යොදා ඇත්තේ දෙමටගොඩ නිසා බවයි.

    දෙමටගොඩ නිසාම විශේෂ ආරක්ෂාවක් සැලසීමට සිතීම පවා ප්‍රශ්නයක් යැයිද ඇය පැවසුවාය.

    මෙරට අපරාධකරුවන්ට දේශපාලන රැකවරණය ලබා දී තිබූ බවත් මත්ද්‍රව්‍ය ව්‍යාවාරම්කරුවන්ට නිදහසේ සිටීමට හැකියාව තිබූ බවත් ඒ හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවී තිබෙන බවත් ඇය එහිදී පැවසුවාය.

    lanka C news

  • පාකිස්තානයකට එරෙහි ප්‍රහාරයකට මෝදිගෙන් විශේෂ අවසරයක්

    පාකිස්තානයකට එරෙහි ප්‍රහාරයකට මෝදිගෙන් විශේෂ අවසරයක්

    කාශ්මීරයේ පෙහෙලෙගාම්හිදී එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස පාකිස්තානයට ප්‍රහාර එල්ල කිරීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් ඉන්දීය ආරක්ෂක හමුදාවන්ට අවසර දී ඇත.

    ඉන්දීය මාධ්‍ය පවසන්නේ ප්‍රහාර එල්ල කළ යුතු වේලාව සහ ඉලක්ක තීරණය කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එරට ආරක්ෂක හමුදාවන්ට පූර්ණ මෙහෙයුම් නිදහස ලබාදී තිබේ.

    විශේෂ ජාතික ආරක්ෂක කවුන්සලයේ දී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙම අවසරය ලබාදී ඇති අතර ඉන්දීය හමුදා ප්‍රධානීන් ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයාද ඊට එක්ව ඇත.

    විදෙස් මාධ්‍ය පවසන්නේ ඉදිරි පැය 36ක් ඇතුලත ඉන්දියාව විසින් හමුදා ප්‍රහාරයක් දියත් කිරීමට සූදානමක් ඇති බවයි.

    කෙසේ වෙතත් පාකිස්තාන ආරක්‍ෂක ඇමතිවරයාද සදහන් කරන්නේ ඉන්දියාවෙන් එල්ල වන ඕනෑම ප‍්‍රහාරයකට වහා ප්‍රතිචාර දක්වන බවයි.

  • පානදුර දුම්රිය ස්ථානයට හොරු පනී

    පානදුර දුම්රිය ස්ථානයට හොරු පනී

    පානදුර දුම්රිය ස්ථානයේ කාර්යාලය සහ ගබඩාව කඩා රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදල් සහ දේපළ සොරාගෙන ඇති බවට ලද පැමිණිල්ලක් මත පානදුර දකුණ මූලස්ථාන පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

    එම ගොඩනැගිල්ලේ පිටුපස ජනේලය කඩා කිසියම් පුද්ගලයෙකු විසින් රාජකාරී ජංගම දුරකථනයක්, ග්‍රිල් මැෂිමක්, යතුරු අටක් සහ රුපියල් 11,500 ක මුදලක් සොරාගෙන ඇති බවට පැමිණිල්ලේ සටහන්ව ඇතැයි පොලිසිය පවසයි.

  • IMF සිව්වැනි වාරිකය ගන්න ලයිට් බිල වැඩි කරන්න වෙනවා – රනිල් ගාල්ලේදී කියයි

    IMF සිව්වැනි වාරිකය ගන්න ලයිට් බිල වැඩි කරන්න වෙනවා – රනිල් ගාල්ලේදී කියයි

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සිව්වැනි වාරිකය ලබාගැනීමට නම් විදුලි බිල වැඩි කළ යුතු යැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (29දා) පැවසීය.

    එය මැයි හෝ ජුනි සිදුවිය හැකි බවත් මැයි 06 වැනිදාට පෙර සිදුනොවන බව නම් තමාට ප්‍රකාශ කළ හැකි බවත් ගාලු දිස්ත්‍රික් පළාත් පාලන ආයතන සඳහා තරග කරන එජාප අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා ගාල්ල උළුවිටකේ පැවැති ජනහමුවකට එක්වෙමින් ඊයේ රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේය. වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද කීය.

    මෙවර මැයි දින උත්සවයක් පවත්වන්නේ නැහැ. පළාත් පාලන නියෝජිතයන් ගාල්ල, මහනුවර, කොළඹ මෙවැනි දැනුවත් කිරීම් සිදුකිරීමටත් මැයි 01 වැනිදා උදය වරුවේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ගෙන් ගෙට ගොස් එදින සවස 4.00ට ගම් මට්ටමින් රැස්වීම් පවත්වන්නටත් තීරණය කර තියෙනවා.

    මේක ජනාධිපතිවරණයක් නොවෙයි. මේක ගමේ ඡන්දයක්. සියලුම පක්ෂ ගාලු මුවදොර පිටිය රැස්වීම් සඳහා ලබාගන්නේ නැති බවට එකඟ වී තිබෙනවා. එවැනි තත්ත්වයකයි ආණ්ඩුව ගාලුමුවදොර රැලිය පවත්වන්නේ. 03 වැනිදා මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් කළ යුතු නිසා මැයි 01 වැනිදා ගමේ පිරිස් කොළඹට ගේන්න අදහසක් නැහැ. අපේක්ෂකයෝ 7000ක් 25 දෙනා බැගින් ගෙනාවොත් ගාලුමුවදොරට වඩා පිරිසක් ගේන්න පුළුවන්.

    මේ ඡන්දය ගමේ පාර්ලිමේන්තුවට නියෝජිතයෝ තෝරන මැතිවරණයක්. මේ ඡන්දයෙන් මාලිමාවට වඩා වැඩි මන්ත්‍රිවරුන් සංඛ්‍යාවක් තෝරාගන්න පිරිස අතරින් තමයි සභාපති, උප සභාපති තෝරා ගන්නේ. ඒ සඳහා තමයි අපි වැඩකටයුතු කරගෙන යන්නේ.

    ඇමරිකාව බදු වැඩි කළා. ඒ සම්බන්ධයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග සාකච්ඡා කරන්න ඕනෑ. පාස්කු ප්‍රහාරය වෙච්ච වෙලාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් මට කතා කළා. අවශ්‍ය සහායත් දෙන්නම් කිව්වා. ඒ සම්බන්ධයෙන් විමර්ශනයට පැමිණි පිරිසගේ වාර්තාව අනුව මේ ප්‍රහාරය සහරාන් ඇතුළු කල්ලියකගේ වැඩක් කිව්වා. මේ පිටුපස වෙනත් පිරිසක් නැහැ. අයි.එස්.අයි.එස්. කල්ලිය කරපු එකක් කිව්වා.

    චමින්ද සිල්වා

  • iPhone දුරකථන මාදිලි කිහිපයකට WhatsApp නැතිවෙයි

    iPhone දුරකථන මාදිලි කිහිපයකට WhatsApp නැතිවෙයි

    එළැඹෙන මැයි මස සිට Apple ජංගම දුරකථන මාදිලි කිහිපයක් සඳහා WhatsApp සමාජ මාධ්‍ය ජාල තවදුරටත් ක්‍රියා නොකරනු ඇති බව වාර්තා වෙයි.

    ඒ අනුව Apple මාදිලිවල පැරණි ජංගම දුරකථන වන iPhone 5s, iPhone 6 සහ iPhone 6 Plus ඇතුළු iPhone පරණ මාදිලි සඳහා තවදුරටත් WhatsApp සමාජ මාධ්‍ය ජාල ක්‍රියා නොකෙරේ.

    ඒ අනුව iOS 15.1 පෙර පැවැති ජංගම දුරකථන මාදිලි නව මෙහෙයුම් පද්ධතියකට යාවත්කාලීන කළ නොහැකි වුවහොත් WhatsApp භාවිත කිරීමට නොහැකි වනු ඇත.

  • ජාතික වෙසක් මහෝත්සවය වෙනුවෙන් වෙසක් සතියක් ප්‍රකාශයට පත් කෙරේ

    ජාතික වෙසක් මහෝත්සවය වෙනුවෙන් වෙසක් සතියක් ප්‍රකාශයට පත් කෙරේ

    ජාතික වෙසක් මහෝත්සවය වෙනුවෙන් මැයි මස 10 වැනිදා සිට 16 වැනිදා දක්වා වෙසක් සතියක් ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

    කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා දැන් පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් මේ බව සඳහන් කළේය.