hacklink hack forum hacklink film izle hacklink casibomcasibom girişdepo 10kgalabetbetpipo giriştekelbet,tekelbet giriş,tekelbahis,tekel bahis,tekel betcasibomsahabetbetciotipobethttps://algototo.com/xmtradingjojobet giriş
  • ‘ජනපතිට ග‍්‍රිසියේ නැවු’ කතාව ප‍්‍රචාරය කල සමාජ ජාල ගිණුම්වලටත් වැඩ වරදී…

    ‘ජනපතිට ග‍්‍රිසියේ නැවු’ කතාව ප‍්‍රචාරය කල සමාජ ජාල ගිණුම්වලටත් වැඩ වරදී…

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් එල්ල කරන ලද අවමන්සහගත සහ අසත්‍ය ප්‍රකාශය සම්බන්ධව ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් කටයුතු කරන ලද තුසිත හල්ඔලුව යන අයට එරෙහිව ඊයේ (04) රාත්‍රියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ගොනු කරනු ලැබීය.

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නම යොදා ගනිමින් සිදු කරන ලද ඉහත ප්‍රකාශය හරහා ඔහුගේ කීර්ති නාමයට අහිතකර සහ දැඩි අගතිදායී බලපෑමක් සිදු විය හැකි බැවින් තුසිත හල්ඔලුව යන අයට එරෙහිව සහ එකී ප්‍රකාශය සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරණය කිරීමට කටයුතු කළ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්ට එරෙහිව කඩිනම් විමර්ශනයක් සිදු කර නීත්‍යානුකූල පියවර ගන්නා මෙන් මෙම පැමිණිල්ල මගින් ඉල්ලා තිබේ.

    ජනාධිපතිවරයාගේ උපදෙස් මත ඔහුගේ නීතිඥ අකලංක උක්වත්ත මහතා විසින් මෙම පැමිණිල්ල ගොනු කරනු ලැබ තිබෙන අතර ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතාද ඊට එක් විය.

    – ජනාධිපති මාධ්‍ය අංශය

  • මැතිවරණ නීති කඩන හැටි අගමැතිනි උගන්නයි..

    මැතිවරණ නීති කඩන හැටි අගමැතිනි උගන්නයි..

    මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ලබා දී තිබූ කාලය අවසන් වුව ද නිහඬ විය යුතු නැති බව අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

    “තව පැය හතරකින් අපි නිහඬ වෙනවා. ඔබ නිහඬ වෙන්න ඕන නෑ. ටෙලිෆෝන් කෝල් එකක් දාලා, පාරේ යන එන ගමන් මොනවා හරි වචනයක් කියලා, ශේප් එකේ වැඩේ කරන්න පුළුවන්.”

    පළාත් පාලන මැතිවරණ අවසන් ජනහමුවක් සඳහා එකතු වෙමින් අගමැතිනිය මේ බව ප්‍රකාශ කළාය.

  • මානුෂීය මෙහෙයුමේදී සොයාගත් රන් භාණ්ඩ ගැන අධිකරණ නියෝගයක්

    මානුෂීය මෙහෙයුමේදී සොයාගත් රන් භාණ්ඩ ගැන අධිකරණ නියෝගයක්

    උතුරු නැගෙනහිර මානුෂීය මෙහෙයුම පැවති සමයේ කොටි සංවිධානයේ කඳවුරු, නීති විරෝධී බැංකු ඇතුළු ගොඩනැගිලිවලින් සොයාගන්නා ලද මේ වන විට යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය භාරයේ තිබෙන රන් භාණ්ඩ යැයි සැලකෙන භාණ්ඩ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත යොමු කර පරීක්ෂා කර වාර්තාවක් කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මහත්මිය විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය විසින් මෙම නියෝග නිකුත් කරනු ලැබීය.

    නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය මෙම විමර්ශන සඳහා ඉල්ලා සිටි තවත් නියෝග කිහිපයක් නිකුත් කළාය.

  • ලොකු පැටී දිවයිනට රැගෙන එයි

    ලොකු පැටී දිවයිනට රැගෙන එයි

    ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු වන විදෙස්ගතව සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලත්තුවාහංදි සුජීව රුවන් කුමාර ද සිල්වා නොහොත් “ලොකු පැටී” දිවයිනට රැගෙනවිත් තිබේ.

    ඩුබයි සිට පැමිණි ගුවන් යානයකින් එම සැකකරු අද (04) උදෑසන 7.43ට පමණ මෙරටට රැගෙන ආ බව වාර්තා වෙයි.

    “ලොකු පැටී” නැමැති සැකකරු පසුගිදා බෙලරූස් රාජ්‍යයේදී අත්අඩංගුවට පත්විය.

    ==============================

    ලොකු පැටී අද දිවයිනට රැගෙන එයි

    විදෙස්ගතව සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලත්තුවාහංදි සුජීව රුවන් කුමාර ද සිල්වා නොහොත් “ලොකු පැටී” කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට රැගෙන ඒමට නියමිතව තිබේ.

    පොලීසිය පැවසුවේ, බෙලරූස් රාජ්‍යයේ සිට අද (04) උදෑසන එම සැකකරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් රැගෙන එන බවය.

    ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඇතුළු දෙදෙනෙකු ඝාතනය කිරීම, හෙරොයින් ළඟ තබා ගැනීම මෙන්ම විදෙස් ගතව සිටිමින් මෙරට අපරාධ රැසක් මෙහෙයවීම සම්බන්ධයෙන් ලොකුපැටී නැමැත්තාට චෝදනා එල්ල වී තිබේ.

    මෙම සැකකරුට එරෙහිව අධිකරණවල විභාග වන නඩු පහත පරිදි වේ.

    • 2016.05.21 වන දින වැලිපැන්න පොලිස් වසමේදී හෙරොයින් ග්‍රෑම් 23 ක් සන්තකයේ තබාගැනීම හා ජාවාරම සම්බන්ධයෙන් කළුතර මහාධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතී.
    • එමෙන්ම 2017.05.09 වන දින පිළියන්දල පොලිස් වසමේදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනය හා බරපතළ තුවාල සිදු කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතී.
    • 2017.06.15 වන දින හෙරොයින් ග්‍රෑම් 299 ක් සන්තකයේ තබාගැනීම හා ජාවාරම සම්බන්ධයෙන් කළුතර මහාධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතී.
    • 2021.10.08 වන දින වැලිපැන්න පොලිස් වසමේදී විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්, මෙරට නිෂ්පාදිත රිවෝල්වරයක් හා පතරොම් සන්තකයේ තබාගැනිම සම්බන්ධයෙන් මතුගම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතී.

    මේ අතර තවද මෙම සැකකරු විසින් විදේශගතව සිටිමින් පහත අපරාධ මෙහෙයවා ඇති බවට අනාවරණය වී ඇත.

    • 2022.08.24 වන දින අහුංගල්ල පොලිස් වසමේදී පුද්ගලයෙකුට වෙඩි තබා තුවාල සිදු කිරීම.
    • 2022.09.23 වන දින අහුංගල්ල පොලිස් වසමේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම.
    • 2022.10.12 වන දින අහුංගල්ල පොලිස් වසමේදී ටි 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීම.
    • 2024.01.18 වන දින අම්බලන්ගොඩ පොලිස් වසමේදී මාළු ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමට පැමිණෙමින් සිටි සැකකරුවෙකු ගිනි අවියක් සමඟ අත්අඩංගුවට ගැනීම.
    • 2024.07.08 වන දින අතුරුගිරිය පොලිස් වසමේදී ටි 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර සිව් දෙනෙකුට තුවාල සිදු කිරීම.

    ක්ලබ් වසන්ත ඝාතනයේ මහමොළකරු ලෙස හදුනාගත් ලොකු පැටී දිවයිනට රැගෙන ඒමෙන් පසු මාධ්‍යයට මුදා හැරුණු ඔහුගේ චායාරූපය

  • පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්

    පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්

    පළාත් පාලන මැතිවරණයට අදාළව සිදුකෙරන සියලු ප්‍රචාරක කටයුතු අද (03) මැදියම් රැයෙන් අවසන් වන බව මැතිවරණ කොමිසම පවසයි.

    මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ අද සිට මැතිවරණ දිනය දක්වා වූ කාලය මැතිවරණ නිහඬ කාලය ලෙස සැලකෙනු ඇති බවය.

    ඒ අනුව අද මැදියම් රැයෙන් පසුව මැතිවරණ දිනය දක්වා කිසිදු ප්‍රචාරණ කටයුත්තක් සිදු කිරීම මැතිවරණ නීතිය අනුව තහනම් වනු ඇත.

    මේ අතර මැතිවරණයට අදාළව මේ දක්වා පැමිණිලි 4150ක් මැතිවරණ කොමිෂන් සභාව වෙත වාර්තා වී තිබේ.

    ඒ අනුව ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධව පැමිණිලි 28ක් නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධව පැමිණිලි 3,860ක් සහ වෙනත් පැමිණිලි 262ක් ආදී ලෙස එම කොමිෂන් සභාව වෙත මෙම පැමිණිලි වාර්තා වී ඇත.

    එම පැමිණිලි අතුරින් පැමිණිලි මේ වන විට පැමිණිලි 3,495ක් විසඳා ඇති බව පැවසු මැතිවරණ කොමිසම පැවසුවේ තවත් පැමිණිලි 655ක් විසඳීමට කටයුතු කරමින් සිටින බවය. 

  • SJB මැයි රැලියට මිනිස්සු ගෙනාවේ බත් පැකට් එකයි, අරක්කු බෝතලයයි, සල්ලියි දීලා..- අගමැතිනි

    SJB මැයි රැලියට මිනිස්සු ගෙනාවේ බත් පැකට් එකයි, අරක්කු බෝතලයයි, සල්ලියි දීලා..- අගමැතිනි

    පසුගිය මැයි දිනයදා සමගි ජන බලවේගය විසින් පවත්වන ලද මැයි රැළිය ඛේදවාචකයක් වී තිබූ බව අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කරයි.

    රට භාරගැනීමට කලින් හරි හමන් රැස්වීමක් සංවිධානය කරගැනීමට ඉගෙන ගත යුතු බවද ඇය පැවසුවාය.

    එම රැුලියට එළියට පැමිණි අය සඳහා බත් පාර්සලයක්, අරක්කු බෝතලයක් සහ මුදල් අනිවාර්යෙන්ම දී ඇති බවද ඇය කියා සිටියාය.

    ඇය මේ බව කියා සිටියේ හෝමාගම ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

  • රජයට විරුද්ද වන සියළු දෙනා පාතාලය හරහා ඝාතනය කරවනවා..- සාගර

    රජයට විරුද්ද වන සියළු දෙනා පාතාලය හරහා ඝාතනය කරවනවා..- සාගර

    රජයට විරුද්ධ වන ජනතා විමුක්ති පෙරමුණට ප්‍රශ්නයක් වන සියලු දෙනා ඝාතනය කිරීමේ උත්සාහයක් දකිය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා සඳහන් කරයි.

    ඔහු මේ බව කියා සිටියේ එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

    ‘අපි දකිනවා මේ රජයට විරුද්ධ වෙන ජනතා විමුක්ති පෙරමුණට ප්‍රශ්න ප්‍රශ්නයක් විය හැකි යැයි හිතන සියලු දෙනා ඝාතනය කිරීමේ උත්සාහයක් දකිනවා.

    ඒ විතරක් නෙමෙයි මේ ඝාතන උත්සාහය මේ ඝාතන සිදුකර ගැනීම සඳහා අපිට පෙනී යන හැටියට නම් පාතාලයේ උදවු ලබා ගන්නව කියන එක නම් පෙනී යමින් තියෙනව.

    ඉතින් මේ තත්ත්වය රටක් හැටියට ඉතාම භයානක ඉතාම දරුණු තත්ත්වයක්.

  • රජයේ මාධ්‍ය හැඳුනුම්පත කැබිනට් මාධ්‍ය හමුවට අනිවාර්ය කිරීම: ‘මාධ්‍ය වාරණයකට මග පෑදීමක්’?

    රජයේ මාධ්‍ය හැඳුනුම්පත කැබිනට් මාධ්‍ය හමුවට අනිවාර්ය කිරීම: ‘මාධ්‍ය වාරණයකට මග පෑදීමක්’?

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන් සඳහා ලබා දෙන මාධ්‍ය හැඳුනුම්පත සම්බන්ධයෙන්

    රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස කරනු ලැබූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ වන විට අවධානය යොමු ව තිබේ.

    පසුගිය අප්‍රේල් 29 වන දින පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අවසාන භාගයේදී අමාත්‍යවරයා පැවසුවේ මෙම හැඳුනුම්පත සහිත මාධ්‍යවේදීන් සමග පමණක් ඉදිරියට කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ය.

    එහිදී මාධ්‍යවේදීන් එයට විරෝධය පළ කළ අතර ඊට ප්‍රතිචාර දෙමින් අමාත්‍යවරයා ඉල්ලා සිටියේ, සියලු මාධ්‍යවේදීන්ට එම මාධ්‍යවේදී හැඳුනුම්පත ලබා ගන්නා ලෙස ය.

    මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සහ සංවිධාන රැසක් විරෝධය පළ කර තිබේ.

    ඇමතිවරයා පැවසුවේ කුමක් ද?

    “මම මෙතන ඉන්නේ කැබිනට් මණ්ඩලයේ ගන්නා ලද තීරණ ඔබට දැනුම්දීමටත්, ඊට අමතරව කැබිනට් පත්‍රිකා මත ප්‍රශ්නයක් එනවා නම් හරි, ඊට අමතරව අත්‍යවශ්‍ය ප්‍රශ්න කිහිපයක් සඳහා උත්තර දෙන්න. ඒ වගේම මම හිතනවා අපි මේක තව විධිමත් කරගත යුතුයි කියලා. විශේෂයෙන් ම දැන් අපි මාධ්‍යවේදීන්ට හැඳුනුම්පත් නිකුත් කරලා තියෙන්නේ. ඒ නිසා ඉදිරියේදී අපි ඒ මාධ්‍ය හැඳුනුම්පත සහිත අය එක්ක තමයි මේ කටයුත්ත කරන්න බලාපොරොත්තු වෙන්නේ,” යැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ ය.

    එම අවස්ථාවේදී මාධ්‍යවේදීන් එයට විරෝධය පළ කළ අතර, ඔවුන් කියා සිටියේ මෙම හැඳුනුම්පත නිකුත් කිරීමට අයදුම් කළ විට එම තොරතුරු ආරක්ෂක අමාත්‍යංශය වෙත යවා නිෂ්කාශනයක් ලබා ගන්නා බවත් එය ප්‍රමාද වීමෙන් හැඳුනුම්පත ලබාගැනීමට නොහැකි අවස්ථා ද වන බවත් ය.

    එලෙස මාධ්‍යවේදීන් අදහස් දක්වන අතරතුරේ නැවතත් කරුණු දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ මාධ්‍ය මර්දනයක් හෝ එවැනි දෙයක් සිදුනොවන බවත් සියලුදෙනා ම එම හැඳුනුම්පත ලබා ගත යුතු බවත් ය.

    “කිසිම ආකාරයක මර්දනයක් සිද්ධ වෙන්නේ නෑ. ඔබ කවුරුත් අයිඩෙන්ටි පාවිච්චි කරන අය. කවුරුත් ඩ්‍රයිවින් ලයිසන් පාවිච්චි කරන අය. කවුරුත් පාස්පෝට් පත් කරන අය. ඒ වගේ ම රජයෙන් ඉල්ලුම් කරන ඔබ සියලුදෙනාටම මාධ්‍ය හැඳුනුම්පතක් ලබා දෙනවා. කරුණාකරලා ඒක ගන්න. මොකද මතක තියාගන්න මීට කලින් මේ තීන්දුව ගත යුතුව තිබුණා,” ඔහු පැවසීය.

    අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කළේ මෙම හැඳුනුම්පත මත පදනම් ව මාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය පිළිබඳ රජය කටයුතු කිරීමට බලාපොරොත්තුවන බවත්, ඒ සඳහා අනුගත වන ලෙසත් ය.

    “අපි රජය හැටියට ඒ මාධ්‍ය හැඳුනුම්පතට වටිනාකමක් ලබා දෙනවා. ඒකට අවශ්‍ය ගරුත්වය ලබා දෙනවා. ඒ මත පදනම් වෙලා මාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය සම්බන්ධව අපි කටයුතු කරනවා. ඒකට අනුගත වෙන්න කියන ඉල්ලීම අපි කරනවා,” ඔහු අවසන් වශයෙන් පැවසුවේ ය.

    ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය හැඳුනුම්පත හා එහි නීතිමය පසුබිම

    ශ්‍රී ලංකාව තුළ ජනමාධ්‍යවේදීන් සඳහා වූ හැඳුනුම්පත නිකුත් කරනු ලබන්නේ ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන්, නිසි බලධරයා ලෙස කටයුතු කරන රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් යුක්තව ය.

    ජනමාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතනවල සේවය කරන කැමරා ශිල්පීන්, කාර්මික අංශ ශිල්පීන් ද ඇතුළත් ව, සෑම වසරකම 6,000කට ආසන්න පිරිසකට මෙම හැඳුනුම්පත් නිකුත් කරන කරනු ලබයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ජනමාධ්‍යවේදීන් සඳහා හැඳුනුම්පතක් නිකුත් කිරීම සම්බන්ධයෙන් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ 2022 වසරේදී කරුණු විමසීමක් සිදු කළේ ය.

    ඊට පිළිතුරු ලබා දෙමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසා තිබුණේ, දෙපාර්තමේන්තුව විසින් ජනමාධ්‍යවේදීන්ට හැඳුනුම්පතක් නිකුත් කරනු ලබන්නේ එහි වාර්ෂික සැලැස්ම යටතේ ජනමාධ්‍ය කේෂ්ත්‍රය වෙනුවෙන් කරන මෙහෙවරක් ලෙස බව ය.

    එමෙන්ම, ජනමාධ්‍ය හැඳුනුම්පතක් ලබා ගැනීම සඳහා අවශ්‍ය සුදුසුකම් සහිත ගැසට් නිවේදනයක් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයා නිකුත් කරනු ලැබුවේ කුමන නීතියක් යටතේ ද යන්න එහිදී ප්‍රශ්න කර තිබුණි.

    ඊට පිළිතුරු ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත්තේ එම ගැසට් නිවේදනය නිකුත් කරනුයේ ව්‍යවස්ථාපිත නීතියකට අනුව නොව ඔවුන්ගේ දෙපාර්තමේන්තුවේ වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම යටතේ අනුමත කාර්ය පටිපාටිය යටතේ බව ය.

    ‘මේ ක්‍රමවේදය වැරදියි’

    බීබීසී සිංහල විසින් සිදුකරනු ලැබූ විමසීමකදී තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති තරිඳු ජයවර්ධන පැවසුවේ මෙම හැඳුනුම්පත් නිකුත් කිරීමේ ක්‍රමවේදය නිවැරදි නොවන බවය.

    “ජනමාධ්‍යවේදීන්ට හැඳුනුම්පතක් රජයෙන් නිකුත් කළ යුතු නෑ. නමුත් ශ්‍රී ලංකාවේ සිදුවෙන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් තමයි හැඳුනුම්පතක් නිකුත් කරන්නනේ. සමහර රටවල්වල මාධ්‍ය ආයතනවලින් හැඳුනුම්පත් නිකුත් කරනවා. සමහර රටවල්වල මාධ්‍ය සංවිධානවලින් හැඳුනුම්පතක් නිකුත් කරනවා. ලංකාවේ ජනමාධ්‍යවේදීන් සම්බන්ධ වරලත් ආයතනයක් නෑ,” ඔහු පවසයි.


    “ලංකාවේ දැනට තියෙන ක්‍රමය තමයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් හැඳුනුම්පතක් නිකුත් කරන එක. මේ හැඳුනුම්පත එන්නේ නීතියක් යටතේ නෙවෙයි, ආයතනය ගත්ත තීන්දුවක් අනුව. ඒකට කිසිම වලංගු භාවයකුත් නෑ. ඒ බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අපට ලිඛිතව දැනුම්දීලා තියෙනවා. එතකොට මේ ක්‍රමවේදය වැරදියි.”

    ඔහු පෙන්වා දෙන්නේ ඇමතිවරයා විසින් මතුකරන ප්‍රශ්නයට අදාළ වන්නේ මාධ්‍ය හැඳුනුම්පත සම්බන්ධ ප්‍රශ්නයක් නොවන බව ය. එය දෙපාර්ශවයේම වෘත්තීයභාවය සම්බන්ධ ප්‍රශ්නයක් බව ඔහු පවසයි.

    “දැන් මේ ප්‍රශ්නය මතුවුනේ කැබිනට් ප්‍රෙස් එක හින්දා. ඇමතිවරයා මෙහෙම කියන්නේ මාධ්‍යවේදීන් ප්‍රශ්න අහන හින්දනේ. ප්‍රශ්න අහන හැමෝටම වගේ ඔය කියන හැඳුනුම්පත තියෙනවා. එතකොට තියෙන්නේ හැඳුනුම්පතේ ප්‍රශ්නයක් නොවෙයි, මාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය පිළිබඳ ප්‍රශ්නයක් සහ ඇමතිවරයා ප්‍රශ්නවලට උත්තර දුන්න විදිහේ ප්‍රශ්නයක් තමයි තියෙන්නේ,” ඔහු පැවසුවේ ය.

    එමෙන් ම රජය විසින් මෙලෙස මාධ්‍ය හැඳුනුම්පතක් නිකුත් කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් විවිධ මත දරන නිසා, එලෙස ලබා ගැනීමට අකමැති මාධ්‍යවේදීන්ට මෙවැනි අනිවාර්යකිරීමක් හරහා අසාධාරණයක් සිදුවන බව ඔහු පවසයි.

    “සමහර මාධ්‍යවේදීන් ඉන්නවා රජයෙන් හැඳුනුම්පත ගන්නේ නෑ.රජය එහෙම හැඳුනුම්පතක් දෙන්න අවශ්‍ය නෑ, ඒක වැරදී කියලා හිතෙන නිසා ගන්නේ නෑ. එතකොට ඒ වගේ අයට ඔය තීන්දුවෙන් වෙන්නේ ලොකු අසාධාරණයක්.”

    තවද රජය විසින් නිකුත් කරන මෙම හැඳුනුම්පත මාධ්‍යවේදීන් නොවන පිරිස්වලට ද ලබා දෙන බව ඔහු පෙන්වා දුන්නේ ය.

    ඔය හැඳුනුම්පත තියෙන හැමෝම ජනමාධ්‍යවේදීන් නෙවෙයි. පහුගිය අවුරුද්දේ අන්තිම වෙද්දී රජයේ හමුදාවල සෑහෙන්න පිරිසකට ඔය හැඳුනුම්පත තිබුණා. පොලිසියේ අයට හැඳුනුම්පත් දීලා තිබුණා. ඒ නිසා හැඳුනුම්පතේ ප්‍රශ්නය හරිම අසාධාරණ ප්‍රශ්නයක්.”

    ‘ඇමතිවරුන් හරියට ප්‍රශ්නවලට උත්තර දෙන්නේ නෑ. ජනමාධ්‍යවේදීන්ට ප්‍රශ්න අහන්න හම්බෙන එකම තැන ඔතන විතරයි’

    මෙලෙස ජනමාධ්‍ය හැඳුනුම්පත අනිවාර්ය කිරීම සහ එය නොමැති මාධ්‍යවේදීන්ට සීමා පැමිණවීම මාධ්‍ය නිදහසට සහ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට සිදුකරන බලපෑමක් බව මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන පෙන්වා දෙයි.

    “කැබිනට් මාධ්‍ය හමුව තමයි රජයේ ප්‍රධාන ම මාධ්‍ය හමුව. ඒ මාධ්‍ය හමුවේදී ඉස්සර ඉඳන් ම ජනමාධ්‍යවේදීන් ගිහින් ප්‍රශ්න අහනවා. ජාතික වැදගත්කමක් තියෙන ගොඩක් දේවල් ගැන අහලා තියෙනවා,” ඔහු පැවසුවේ ය.

    එමෙන් ම ඔහු පෙන්වා දෙන්නේ බොහෝ විෂය භාර ඇමතිවරුන් නිසි ලෙස ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් මාධ්‍යවේදීන් යම් යම් දේවල් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ඇති එක ම අවස්ථාව මෙම මාධ්‍ය හමුව බව ය.

    “අනිත් ඇමතිවරුන් හරියට ප්‍රශ්නවලට උත්තර දෙන්නේ නෑ. ජනමාධ්‍යවේදීන්ට ප්‍රශ්න අහන්න හම්බෙන එකම තැන ඔතන විතරයි. ඒ ප්‍රශ්නවලට දෙන උත්තරවලින් තමයි මිනිස්සු ගොඩක් දේවල් දැනගන්නේ. එහෙම නැතිනම් සාමාන්‍යයෙන් වෙන්නේ කැබිනට් තීන්දු ගැන කිව්වා කියලා තේරුමක් නෑනේ. ඒක වෙබ් එකටත් දානවනේ.”

    ඔහු පවසන්නේ ජනමාධ්‍යවේදීන්ගේ “වෘත්තීයභාවය පිළිබඳ ප්‍රශ්නයක් නිසා මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න ඇසීම සීමා කරනවා නම් හෝ ප්‍රශ්න අහන ජනමාධ්‍යවේදීන්ට එන්න නොදෙනවා නම් එය තොරතුරු දැනගැනීමේ අයිතිය සහ භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය කියන දෙකම උල්ලංඝණය කිරීමක්,” බව ය.

    මාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබේ නම් එයට කළ යුතු වන්නේ මාධ්‍ය ක්ෂේත්‍රයේ සිටින පාර්ශවකරුවන් විසින් ඒ සඳහා ස්වාධීන යාන්ත්‍රණයක් ගොඩ නැගීම පමණක් මිස හැඳුනුම්පත අනිවාර්ය කිරීම නොවන බව මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන පැවසුවේ ය.

    “ජනමාධ්‍ය සංවිධාන එකතුවෙලා, ජනමාධ්‍යට සම්බන්ධ සියලු ආයතන සම්බන්ධ කරගෙන ජනමාධ්‍යවේදීන් සඳහා ස්වාධීන ආයතනයක් පිහිටුවන්න ඕනේ. ඒක හදන්න ඕනේ ජනමාධ්‍ය සමාජය විසින්. එහෙම හදන යාන්ත්‍රණයට නෛතික පිළිගැනීමක් දෙන්න රජයට පුළුවන්. මම හිතන්නේ ඒක තමයි ඉක්මනින් ම කරන්න ඕනේ. මේ ප්‍රශ්නයන මතුවුණ වෙලාවේ ම ඒක කරගන්න පුළුවන්නම් හොඳයි,” ඔහු පැවසුවේ ය.

    BBC සිංහල සේවය

  • මැයි රැලියට ආ බස් අධිවේගී මාර්ගයේ නතර කර කෑම කෑ හේතුව හෙළිවෙයි

    මැයි රැලියට ආ බස් අධිවේගී මාර්ගයේ නතර කර කෑම කෑ හේතුව හෙළිවෙයි

    මැයි පලමුවැනිදා ජතික ජනබලවේගයේ මැයි දින රැලියට අධිවේගී මාර්ගයේ පැමිණි බස් රථ එම මාර්ගයේ නවතා ආහාර ගැනීම සම්බන්ධයෙන් පොලිස් පරීක්‍ෂණ ආරම්භ වී ඇත.

    මෙම විමර්ශණ ක‍්‍රියාත්මක වන්නේ දක්ෂිණ අධිවේගී මාර්ගය දකුණ භාර පොලිස් අධිකාරීවරයාගේ ප්‍රධානත්වයෙනි.

    වැලිපැන්න සේවා ප්‍රදේශය ආසන්නයේ මාර්ගයේ නවතා දිවා ආහාරය ගනිමින් විවේක ගන්නා ආකාරය දැක්වෙන වීඩියෝව සාමාජ ජාලවල හුවමාරු වීමෙන් පසු මෙම පරීක්‍ෂණ ක‍්‍රියාත්මකයි.

    පොලිසිය පවසන්නේ එලෙස නවතා තිබූ බස් රථවලට එරෙහිව නීතිමය පියවර ගන්නා බවය.

    අදාළ බස් රථ එම ස්ථානයේ නතර කර ඇත්තේ වැලිපැන්න සේවා කලාපයේ ඉදි කර ඇති රථ ගාලේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් බවත් පැවසේ.

    කෙසේ වෙතත් අධිවේගී මාර්ගයේ ඕනෑම ස්ථානයක හෝ මාර්ගයේ ඕනෑම කොටසක වාහන නවතා තැබීම තහනම්ය.

    හදිසි මංතීරුවේ වාහන නතර කිරීමට අවසර ඇත්තේ අත්‍යවශ්‍ය හදිසි අවස්ථාවකදී පමණක් බව සඳහන් වෙයි.

  • ජපුර සරසවියේත් නවක වදසබරගමු සිසුවාගේ මරණයට රටම තැවෙද්දී ජ’පුරෙත් නවක වද

    ජපුර සරසවියේත් නවක වදසබරගමු සිසුවාගේ මරණයට රටම තැවෙද්දී ජ’පුරෙත් නවක වද

    නවක වදයට විරුද්ධ වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තෙවන වසරේ සිසුවෙකුට එම වසරේ හා සිව්වන වසරේ සිසුන් පිරිසක් පහරදී තිබේ.

    පහරකෑ සිසුවා මේ වනවිට වැලිගම ප්‍රාදේශීය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියි.  

    නවක වදය හේතුවෙන් ඇති වූ මානසික පීඩාව නිසා සබරගමුව විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුවාගේ මරණයේ සිදුවීම තවමත් රට තුළ කථාබහක් ඇති කරමින් තිබියදී මෙම පහරදීම සිදුව තිබීම විශේෂත්වයක්ය.

    පහරකෑ සිසුවා ජයවර්ධනපුර විශ්වවිද්‍යාල තුළ නවක වදයට විරුද්ධ වූ අයෙකු බව පැවසේ.

    එමෙන්ම ඔහු විශ්වවිද්‍යාලය තුළ ශිෂ්‍ය අන්වර්ථ නාමයක් නොමැතිව විශ්වවිද්‍යාල භූමියේ සැරිසැරීම ද මෙම පහරදීමට හේතු වී ඇත.

    සිසුන් 20ක පමණ පිරිසක් තම නේවාසිකාගාරයටම පැමිණ හෙල්මට්වලින් හිසට සහ කොන්ද ප්‍රදේශයට අමානුෂික ලෙස පහරදුන් බව එම සිසුවා පවසයි.