hacklink hack forum hacklink film izle hacklink casibomcasibom girişdepo 10kgalabetbetpipo giriştekelbet,tekelbet giriş,tekelbahis,tekel bahis,tekel betcasibomsahabetbetciotipobethttps://algototo.com/xmtradingjojobet giriş
  • නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොමැති වීම ඡන්දය භාවිත කිරීමට බාධාවක් නෙමේ – මැතිවරණ කොමසාරිස්

    නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොමැති වීම ඡන්දය භාවිත කිරීමට බාධාවක් නෙමේ – මැතිවරණ කොමසාරිස්

    අද (06) දිනයේදී පැවැත්වෙන පළාත් පාලන ඡන්ද විමසීම සඳහා මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලැබී නොමැති යම් අයෙක් වේද ඔහුට ඡන්ද පොළේදී ඡන්දය ප්‍රකාශ කිරීමට කිසිදු බාධාවක් නොමැති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

    අද දෙරණ 360 සජීවි සංවාදයට ඊයේ දිනයේදී එක්වෙමින් ඒ මහතා පැවසුවේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව යම්කිසි අයෙකුට මෙතෙක් ලැබී නොමැති නම් අද දිනයේද තමන්ට අදාල උප තැපැල් කාර්යාල ඒ සඳහා විවෘත කර ඇති බවය.

    ඒ අනුව උප තැපැල් කාර්යාල වෙත ගොස් තමන්ට හිමි නිල ඡන්ද පත්‍රිකාව ලබා ගත හැකි බවද කොමසාරිස්වරයා පැවසීය.

    කෙසේ නමුත් නිල ඡන්ද පත්‍රිකාව ලබා ගත නොහැකි අයෙක් වේ නම් ඔහුටද කිසිදු බාධාවකින් තොරව ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්දය භාවිත කළ හැකි බවද ඒ මහතා පැවසීය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතා, 

    “මේක නැතිවුණා කියලා ප්‍රශ්නයක් නෑ. මේක අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. මේක නැතිවුණා කියලා ගැටළුවක් නෑ. ඡන්දය ප්‍රකාශ කිරීමේදි අත්‍යවශ්‍ය දෙයක් වෙන්නේ හැඳුනුම්පත. මේක ජාතික හැඳුනුම්පත වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වළංගු විදේශ ගමන් බලපත්‍රය, වළංගු රියදුරු බලපත්‍රය, යම් ලෙසකින් ඔබ විශ්‍රාමිකයෙක් නම් ඔබට රජයෙන් නිකුත් කර තිබෙනවා විශ්‍රාමික හැඳුනුම්පත ඒ හැඳුනුම්පත, ඒ වගේම සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් ප්‍රාදේශීය ලේකම්වරු නිකුත් කරන වැඩිහිටි හැඳුනුම්පත තියෙනවා ඒක භාවිත කරන්න පුළුවන්, ඊටත් අමතරව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කරනවා පූජ්‍ය/ පූජක සඳහා වෙනම හැඳුනුම්පතක් ඒ හැඳුනුම්පත භාවිත කරන්න පුළුවන්, ඊට අමතරව පසුගිය කාලයේදී හැඳුනුම්පත් සහ විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාදයක් තිබුණා. ඒ නිසා ඔවුන් නිකුත් කළා පින්තූර සහිත ලියවිල්ලක් අන්න ඒ පින්තූර සහිත ලිපිය අපි භාර ගන්නවා. ඊට අමතරව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරලා තියෙනවා ආබාධිතයින් සඳහා හැඳුනුම්පතක්. 

    ඒ වගේම මේ මුකුත්ම නැති කෙනෙකුට තාවකාලික හැඳුනුම්පතක් නිකුත් කළා මැතිවරණ කාර්යාලවලින් මැතිවරණය සඳහා ඡන්දය පාවිච්චි කරන්න. මෙන්න මේ ලියකියවිලිවලින් එකක් තිබුණා නම් ඔබට ඡන්ද මධ්‍යස්ථානයේදී ඡන්දය පාවිච්චි කරන්න පුළුවන්.”

  • තහනම් කාලයේ ඇමතිවරයෙක් ජන හමුවක..? වීඩියෝ කරනු දැක පැන ගිහින්..

    තහනම් කාලයේ ඇමතිවරයෙක් ජන හමුවක..? වීඩියෝ කරනු දැක පැන ගිහින්..

    මැතිවරණයේ නිහඬ කාලසීමාව තුළ ආණ්ඩුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු රැස්වීමක් සංවිධානය කර තිබූ බව කියන වීඩියෝවක් සමාජ ජාලවල හුවමාරු වෙමින් ඇත.

    රත්නපුර ප්‍රදේශයේ කරපිංච වතු යායේදී මෙම රැස්වීම සංවිධානය කර තිබී ඇති බවද එම වාර්තා වන්නේ සඳහන්ය.

    අදාල වීඩියෝව පටිගත කරද්දී මන්ත්‍රීවරයා සැඟවුණු බවද වීඩියෝවේ කියයි.

    මන්ත‍්‍රීවරයා පැමිණි කැබ් රථයද එහි දක්නට ඇති අතර සැලකිය යුතු පිරිසක්ද එක්ව සිටිනු දැකිය හැක.

  • තවත් අපේක්ෂකයෙක් අත්අඩංගුවට

    තවත් අපේක්ෂකයෙක් අත්අඩංගුවට

    2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මැතිවරණ පැමිණිලි සම්බන්ධයෙන් තවත් එක් අපේක්ෂකයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඊයේ (05) උදෑසන 6 සිට අද (06) උදෑසන 6 දක්වා වූ පැය 24ක කාලය තුළ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර, ආධාරකරුවන් ද සිව්දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

    මේ අතර, පසුගිය මාර්තු මස 5 වන දා සිට අද දක්වා වු කාලය දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත අපේක්ෂකයින් ගණන 55ක් වන අතර ආධාරකරුවන් 208 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    මේ අතර අදාළ සමස්ත කාලය තුළ පොලිස් භාරයට ගත් සමස්ත වාහන ගණන 47කි. 

    මේ අතර, මැතිවරණයට අදාළව අපරාධමය පැමිණිලි 128ක් වාර්තා වී ඇති අතර, මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ පැමිණිලි 476ක් වාර්තා වී ඇතැයි පොලීසිය පැවසීය.

  • අගමැතිනිට එරෙහිව පැමිණිලි කරයි..

    අගමැතිනිට එරෙහිව පැමිණිලි කරයි..

    නිහඬ කාලය තුළ තම පක්ෂ ආධාරකරුවන්ට මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නියැලෙන ලෙස ඉල්ලා සිටිමින් අගමැතිනි හරිනි අමරසූරිය කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගය අගමැතිනියට එරෙහිව පැමිණිල්ලක් ගොනු කර ඇත.

    පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් මැතිවරණ කොමිසමට මෙම ලිඛිත පැමිණිල්ල භාර දුන් අතර අගමැතිවරයාට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා ඇත.

    පළාත් පාලන මැතිවරණය සඳහා ප්‍රචාරක කාලය 2025 මැයි 3 වන සෙනසුරාදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය.

  • පාකිස්තානයට භූකම්පනයක්

    පාකිස්තානයට භූකම්පනයක්

    පාකිස්තානයේ භූමිකම්පාවක් සිදුව වාර්තා වේ. 

    ජාතික භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය සඳහන් කර ඇත්තේ රික්ටර් මාපාංක 4.2ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් සිදුව ඇති බවය.

    ඇෆිගනිස්ථාන දේශසීමාව අසල කයිබර් පක්තුන්ක්වා පළාතේ චිත්‍රාල් දිස්ත්‍රික්කය අසල මෙම භූ කම්පනය හට ගෙන ඇති බවය.

    විදසේ මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෑත සති කිහිපය තුළ පාකිස්තාවයට බලපෑ තුන්වන භූමිකම්පාව මෙය වන බවය. 

  • අපේක්‍ෂකයෙක් ප‍්‍රභාකරන්ගේ රුව යොදා මැතිවරණ ප‍්‍රචාරක පත‍්‍රිකා බෙදයි…

    අපේක්‍ෂකයෙක් ප‍්‍රභාකරන්ගේ රුව යොදා මැතිවරණ ප‍්‍රචාරක පත‍්‍රිකා බෙදයි…

    මුලතිව් මුල්ලියාවලෙයි නැගෙනහිර පළාතෙන් මෙවර ප්‍රාදේශීය සභාවට තරග වදින අපේක්ෂකයෙකු කොටි සංවිධානයේ හිටපු නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ඡායාරූපයක් සමග ඔහුගේ ඡායාරූපයක් යොදා මැතිවරණ ප්‍රචාරක දැන්වීමක් බෙදා හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මුලතිව් මුල්ලියාවලෙයි පොලිසිය පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

    මෙම අපේක්ෂකයා මුලතිව් මුල්ලියාවලෙයි නැගෙනහිර පළාතේ සියලුම නිවෙස් වලට එම ප්‍රචාරක පත්‍රිකාව බෙදාහැර ඇති අතර පොලිසිය එම නිවෙස් වලට ගොස් එම පත්‍රිකා රැසක් එකතු කරගෙන තිබේ.

    එම පත්‍රිකා ළඟ තබාගෙන සිටි පුද්ගලයන් කීප දෙනෙකුගෙන්ම ප්‍රශ්නකොට ඇති අතර ඒවා බෙදා හරින ලද පුද්ගලයන්ගේ තොරතුරුද පොලිසිය විසින් එක්රැස් කරගෙන ඇත.

    පොලිසිය විසින් මේ පිළිබඳව මුලතිව් සහකාර මැතිවරණ කොමසාරිස්වරයා වෙතද තොරතුරු දැනුම් දී ඇති අතර මැතිවරණ නිලධාරීන්ද ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

    අදාළ අපේක්ෂකයාට පොලිසිය වෙතපැමිණෙන ලෙස පණිවුඩ යවා ඇති අතර ඔහු පොලිසිය වෙත නොපැමිණෙන්නේ නම් ඔහුව අත් අඩංගුවට ගැනීමට පියවර ගන්නා බවද මුල්ලියාවලෙයි පොලිසිය ප්‍රකාශ කරයි.

    දිනසේන රතුගමගේ

  • සබරගමුවේ නවකවධ සිද්ධියට අත්අඩංගුවට ගත් සිසුන් අධිකරණයට රැගෙන ආ හැටි

    සබරගමුවේ නවකවධ සිද්ධියට අත්අඩංගුවට ගත් සිසුන් අධිකරණයට රැගෙන ආ හැටි

    නවකවධය ලබාදීමේ සිදුවීමක් මුල් කරගනිමින් සබරගමුව විශ්වවිද්‍යාලයේ සිදු වූ සිසු මරණයට අදාළව අත්අඩංගුවට ගත් එම විශ්වවිද්‍යාලයේ සිසුන් සිව්දෙනා එළැඹෙන මැයි මස 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

    අදාළ සිසුන් සිව්දෙනා ඊයේ (04) රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අද (05) බලංගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇත.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තුන් වන වසරේ ඉගෙනුම ලබන මහරගම, ඇඹිලිපිටිය, වාරියපොළ හා හබරාදුව යන ප්‍රදේශවල පදිංචි සිසුන් සිව්දෙනෙකු බව පොලිසිය සඳහන් කළේය.

    සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ඉංජිනේරු පීඨයේ දෙවැනි වසරේ චරිත් දිල්ශාන් නමැති සිසුවා දිවි නසාගෙන තිබුණේ අප්‍රෙල් 29 වෙනිදාය.

    විෂාදය හේතුවෙන් තමන් දිවි නසාගන්නා බවට ඔහු සිය අත්අකුරින් ලිපියක් ලියා තිබුණද ඔහුගේ ඥාතීන් හා මිතුරන් චෝදනා කළේ විශ්වවිද්‍යාලයේ ඇති නවකවධය දරාගත නොහැකිව ඔහු දිවි නසාගෙන ඇති බවය.

    එවන් පසුබිමක ඒ පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් පැවැත්වීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පරීක්ෂණ මණ්ඩලයක් ද පත්කළේය.

    මෙම සිදුවීම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත මහතා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කරනු ලැබීය.

    චරිත් සමග නවකවධයට ලක්වූ බව කියන සිසුන් 20 දෙනෙකුගෙන් සමනලවැව පොලීසිය පසුගියදා ප්‍රකාශ ද සටහන් කරගත්තේ එවන් පසුබිමකය.

    අනතුරුව මෙම නවකවධ සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශනය වැඩබලන පොලිස්පතිවරයාගේ නියමය පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබුණි.

    එම විමර්ශනයට අදාළව සබරගමුව විශ්වවිද්‍යාලයේ තෙවැනි වසරේ ඉගෙනුම ලබන සිසුන් සිව්දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ රාත්‍රි අත්අඩංගුවට ගනු ලැබීය.

  • සජබ අපේක්ෂකයෙකුට වෙඩි ප්‍රහාරයක්

    සජබ අපේක්ෂකයෙකුට වෙඩි ප්‍රහාරයක්

    කළුතර මහ නගර සභා අපේක්ෂක බන්දුල ප්‍රසන්න මහතාට ඊයේ(04) රාත්‍රි වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.

    කළුතර නාගොඩ ගම් සභා නිවාස පාරේ ඒ මහතා මීට පෙර පදිංචිව සිටී නිවස ඉදිරිපිටදී වෙඩි තැබීම සිදුව ඇති බව පොලිසිය කියයි.

    යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩිතැබීම සිදුකර ඇති බවට මෙතෙක් කල පරීක්ෂණ වලදී හෙලිව ඇති බව පොලිසිය කීය.

    යතුරු පැදිකරුවන් දෙදෙනා වෙඩිතැබීම සිදුකර කළුතර – බෝම්ඹුවල මාර්ගය දෙසට පලාගොස් ඇති බව මෙතෙක් කල පරීක්ෂණ වලදී හෙලිව තිබේ.

    තුවාල ලැබූ අපේක්ෂකයා ත්‍රීරොද රථයකින් කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති බවත් ඔහුගේ උරහිස් ප්‍රදේශයට වෙඩි ප්‍රහාරය එල්ලවී ඇති බවත් රෝහල් ප්‍රකාශකයෙක් කීය.

    විශේෂ කර්ය බලකාය සහ යුධ හමුදාව ද ස්ථානයට කැදවා තිබුණි.

    කළුතර මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාගේ මෙහෙයවීමෙන්, අපරාධ අංශ ස්ථානාධිපති ගයාන් ක්‍රිෂාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වති.

    පානදුර සුමිත් පොතුපිටිය

  • ගල්කිස්සේදී වෙඩි තබා ඇත්තේ පවිත්‍රතා සේවකයෙකුටයි

    ගල්කිස්සේදී වෙඩි තබා ඇත්තේ පවිත්‍රතා සේවකයෙකුටයි

    අද 05 උදෑසන 6.30 ට පමණ ගල්කිස්ස සිල්වෙස්ටර් පාර මාර්ග පවිත්‍රා රාජකාරියේ යෙදී සිටි දෙහිවල ගල්කිස්ස මහනගර සභාව ඝණ අපද්‍රව්‍ය අංශ කම්කරුවකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනකු විසින් මී.මී. 9 වර්ගයේ පිස්තෝලයකින් වෙඩිතබා ඝාතනය කරනු ලැබ ඇතැයි ගල්කිස්ස පොලීසිය පැවසීය.

    මොහු දෙහිවල ඕබන් පෙදෙස පදිංචිව සිටින වයස අවුරුදු 19 වන ප්‍රවීන් නිශ්ශංක වන අතර ,නගර සභා පවිත්‍රතා සේවකයෙකු ලෙස කටයුතු කරයි .ඒ අනුව 5 උදෑසන තවත් කම්කරුවන් පිරිසක්සමග ගල්කිස්ස මාස්ටරයේ අත්සන් තබා තමාට නියමිත සිල්වෙස්ටර පාර පිරිසිදු කිරීමේ රාජකාරී අරඹා මාර්ගයේ ටික දුරක් යනවිට යතුරු පැදියකින් හෙල්මට් පැලැදි පුද්ගලයන් දෙදෙනකු එකවර මි.මී.9.වර්ගයේ ගිනි අවියකින් හිසට වෙඩිතබා ගාලුපාර දෙසට පලාගොස් ඇතැයිද. තුවාලකරු ගාලුපාර දෙසට දිවගොස් වෙරළපාර අසල පදිකයේ වැටී සිට ඇති අතර, පොලීසිය හා අවට පිරිස් වහාම දකුණු කොළඹ ශික්ෂණ රෝහල වෙත පිටත් කර හරින ලැබ ඇත .

    අනතුරුව උදෑසන 7.30 වනවිට ඔහු මිය ගොස් ඇති බවත් පොලීසිය කියයි .මෙලෙස මියගොස් ඇත්තේ දෙහිවල ඕබන් පෙදෙස පදිංචිව සිටින වයස අවුරුදු 19 ක්වන (විශ්ව ) ප්‍රවීන් නිශ්ශංක..නම් අයෙකූද වන බවත් පොලීසිය කියයි

    දෙහිවල- එච්.එම්.ධර්මපාල

  • ජනාධිපති අනුර වියට්නාම ජනාධිපති හමුවෙයි

    ජනාධිපති අනුර වියට්නාම ජනාධිපති හමුවෙයි

    යට්නාමයේ සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ වියට්නාම ජනාධිපති ලුඕං කුඕං මහතා අතර හමුවක් අද (05) සිදුව තිබේ.

    ඒ එරට රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව නිල පිළිගැනීමේ උත්සවයෙන් පසුවය.

    ඒ අනුව ජනාධිපතිවරයා සහ වියට්නාම ජනාධිපතිවරයා අතර සාකච්ඡා ආරම්භ වූ අතර මේ සඳහා දෙරටේ ඉහළ පෙළේ නියෝජිත කණ්ඩායම් ද එක්විය.

    සාකච්ඡා අවසන් වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් වියට්නාම ජනාධිපතිවරයා පවසා ඇත්තේ, ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ වියට්නාම සංචාරය ඉතා වැදගත් බවත් එය වියට්නාම – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර 55 වන සංවත්සරය සනිටුහන් කරන බවත්ය.

    ඉදිරි කාලයේදී වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර ඇති සම්බන්ධතාව වඩාත් වැදගත් හා ඵලදායි කිරීම සඳහා සහයෝගීතාව ඇති කිරීම සඳහා කටයුතු කරන බවත් වියට්නාම ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

    එමෙන්ම දෙරට අතර ඵලදායී හා සාර්ථක හමුවක් පැවැත්වූ බවත් පැවසූ වියට්නාම ජනාධිපතිවරයා පැවසුවේ දෙරට අතර දිගුකාලීන සාම්ප්‍රදායික මිත්‍රත්වය සහ බහුවිධ සහයෝගීතාවය අගය කිරීමේ ප්‍රතිපත්තිය නැවත තහවුරු කළ බවය.

    රාජ්‍ය නායකයින් දෙදෙනාගේ මෙම ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී දෙරට අතර කෘෂිකර්මාන්තය, සංචාරක ව්‍යාපාරය, අධ්‍යාපනය, තොරතුරු හා සන්නිවේදනය, සංස්කෘතික හුවමාරු සහ බෞද්ධාගම වැනි අනෙකුත් වැදගත් ක්ෂේත්‍රවල සහයෝගීතාවය ප්‍රමුඛත්වය දීම සහ පුළුල් කිරිම අඛණ්ඩ සිදුකිරීමට දෙරට අතර එකඟ වී ඇති අතර දෙරටේ සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීම සඳහා දෙරටේම ගුවන් සමාගම් දිරිමත් කිරීමත් ජනතාව අතර ආර්ථික සහයෝගීතාවය සහ සංචාරක ව්‍යාපාරය තවදුරටත් වැඩි කිරීමටත් එකඟ වී තිබේ.

    මෙහිදී අදහස් දක්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ, වියට්නාමයට සිය පළමු රාජ්‍ය සංචාරය ඇරඹීමට ලැබීම තමන්ට ගෞරවයක් වන බවය.

    එමෙන්ම මෙය ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර සියලු ක්ෂේත්‍රවල දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාවය තහවුරු කිරීමේ වැදගත් සන්ධිස්ථානයක් බවත් පැවසූ ජනාධිපතිවරයා එය වසර 55ක රාජ්‍ය ත්‍රාන්තික සබඳතා සහ සියවස් ගණනක් පුරා බෙදාගත් සංස්කෘතික හා ආගමික හුවමාරුවල ශක්තිමත් පදනමක් බවද සඳහන් කළේය.

    වර්තමාන ගෝලීය ආර්ථික උච්චාවචනයන් හමුවේ වෙළෙඳ හා ආයෝජන සබඳතා ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම පිළිබඳව දෙරට අතර එකඟ වූ බවත් පැවසූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ව්‍යාපාරික සබඳතා ප්‍රවර්ධනය කිරීමට, වෙ‍ෙළඳ හුවමාරු සඳහා පහසුකම් සැලසීමට සහ ද්විපාර්ශ්වික ආයෝජන ආරක්ෂණ ගිවිසුම සහ ද්විත්ව බදුකරණය වැළැක්වීමේ ගිවිසුම වැනි වැදගත් ගිවිසුම් සමාලෝචනය කිරීමට ද දෙපාර්ශ්වය එකඟ වූ බව තහවුරු කළේය.