hacklink hack forum hacklink film izle hacklink casibomcasibom girişdepo 10kgalabetbetpipo giriştekelbet,tekelbet giriş,tekelbahis,tekel bahis,tekel betcasibomsahabetbetciotipobethttps://algototo.com/xmtradingjojobet giriş
  • අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පතට කථානායකගේ සහතිකය

    අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පතට කථානායකගේ සහතිකය

    අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සිය සහතිකය සටහන් කර තිබේ.

    අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පසුගිය මස 08 දින පැවැත්වූ අතර එහිදී දෙවනවර කියවීමේ විවාදයෙන් පසුව, කාරක සභා අවස්ථාවේදී පනත් කෙටුම්පත සලකා බලන ලදී. 

    අනතුරුව පනත් කෙටුම්පත තෙවනවර කියවීමෙන් පසු ඡන්ද විමසීමකින් තොරව සංශෝධන රහිතව එය පාර්ලිමේන්තුවේදී සම්මත විය.

    මෙම පනත් කෙටුම්පත පළමු වර කියවීම සඳහා මාර්තු මස 01 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණි.

    ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2025 අංක 05 දරන අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත වශයෙන් බලාත්මක වන බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය නිවේදනය කර තිබේ.

  • ජනපති නගින වේදිකාව ෆොටෝ ගත් අයෙක් අල්ලයි…

  • දේශබන්දු තෙන්නකෝන් පොලීසියෙන් ආරක්ෂාව ඉල්ලයි

    දේශබන්දු තෙන්නකෝන් පොලීසියෙන් ආරක්ෂාව ඉල්ලයි

    ජීවිත තර්ජන පවතින බැවින් තමාට ආරක්ෂාව ලබාදෙන ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පොලීසියෙන් ඉල්ලීමක් කර තිබේ.

    වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගෙන් ඊයේ (01) දිනයේ ලිඛිතව අදාළ ඉල්ලීම සිදුකර ඇති බව වාර්තා වෙයි.

    ධුරයේ කටයුතු කිරීම අත්හිටුවා ඇති දේශබන්දු තෙන්නකෝන් මහතා ඝාතනය කරන බවට විදෙස්ගතව සැඟව සිටින අපරාධ කල්ලි නායකයෙකු වන කංජිපානි ඉම්රාන් විසින් තර්ජනය කර ඇති බවට පසුගිය දිනවල වාර්තා පළවී තිබුණි.

    තමාගේ ආරක්ෂාව සම්පූර්ණයෙන් ඉවත්කර ඇති බැවින් ජීවිතයට තර්ජන පැවතීම හේතුවෙන් සුදුසු ආරක්ෂාවක් ලබාදෙන ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පොලීසියෙන් ඉල්ලා ඇත්තේ එවැනි පසුබිමක් තුළය.

    මේ සම්බන්ධයෙන් ‘අද දෙරණ’ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගෙන් විමසීමක් කළේය.

    ඔහු සඳහන් කළේ දේශබන්දු තෙන්නකෝන් මහතා සැඟව සිටි කාලයේ ඔහුට ලබාදී තිබූ ආරක්ෂක නිලධාරීන් ඉවත් කිරීමට කටයුතු කර ඇති බවය.

    කෙසේවෙතත් ඉල්ලීමක් ඉදිරිපත් වී ඇත්නම් ඒ සම්බන්ධයෙන් සලකාබලන බවද මහජන ආරක්ෂක අමාත්‍යවරයා පැවසීය.

    දේශබන්දු තෙන්නකෝන් මහතාට ජීවිත තර්ජන ඇද්ද යන්න පිළිබඳව පොලීසිය විසින් ආරක්ෂක තක්සේරුවක් කිරීමට නියමිත අතර ඔහුට ආරක්ෂාවක් ලබාදිය යුතු බවට නිර්දේශ කළහොත් එම ආරක්ෂාව ලබාදීමට පියවර ගන්නා බවද පොලීසිය සඳහන් කළේය.

  • ගිනි අවි, උණ්ඩ සමග ලොක්කෙක් අත්අඩංගුවට..

    ගිනි අවි, උණ්ඩ සමග ලොක්කෙක් අත්අඩංගුවට..

    උපදේශන සේවා සපයන සමාගමක කළමනාකාර අධ්‍යක්ෂකවරයකුගේ වැලිකඩ නාවල නිවෙසේ සඟවා තිබි ගිනි අවි සහ උණ්ඩ තොගයක් සොයාගත් බව බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය කියයි.

    මේ සම්බන්ධයෙන් එම අවස්ථාවට සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

    සැකකාර අධ්‍යක්ෂකවරයා සමඟ බලපත්‍ර නොමැති පිස්තෝල වර්ගයේ ගිනි අවියක්, රිපිටර් වර්ගයේ ගිනි අවියක් හා බලපත්‍ර සහිත තවත් පිස්තෝල වර්ගයේ ගිනි

    අවියක් සහ එම ජීව උණ්ඩ 20 ක් මෙසේ පොලිස් භාරයට ගෙන තිබේ.

    අත්අඩංගුවට ගත් සැකකරු රොක් පොස්පේට් අපනයන කරන සමාගම් සඳහා උපදේශන සේවාව සපයන සමාගමක කළමනාකාර අධ්‍යක්ෂකවරයකු වශයෙන් කටයුතු කරන බවට කරන ලද විමර්ශනවල දී අනාවරණය වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

    රොක් පොස්පේට් අපනයනය කිරීමේ දී සිදුව ඇති අක්‍රමිකතා පිළිබඳ ලැබී ඇති පැමිණිල්ලකට අදාළව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය කරන විමර්ශනයකට අදාළව අධිකරණයෙන් ලබා ගන්නා ලද සෝදිසි වරෙන්තුවක් මත සැකකරුගේ නිවස පරික්ෂා කිරීමේ දී මෙම ගිනි අවි හමු වූ බව පොලිසිය කියයි.

    අත්අඩංගුවට ගත් සැකකරු 56 හැවිරිදි පුද්ගලයෙකි. නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පරීක්ෂණ පවත්වයි.

    – බිමල් ජයසිංහ

  • ජනපතිගේ වියට්නාම සංචාරයේදී ගිවිසුම් කිහිපයකට එළඹීමට සූදානම්

    ජනපතිගේ වියට්නාම සංචාරයේදී ගිවිසුම් කිහිපයකට එළඹීමට සූදානම්

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සිදු කිරීමට නියමිත වියට්නාම් සංචාරය පිළිබඳව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

    එහි සඳහන්ව ඇත්තේ ජනාධිපතිවරයා විසින් එළැඹෙන මැයි මස 04 වැනි දින සිට 06 වැනි දින දක්වා වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරතවන බවය.

    මෙම සංචාරයේදී ජනාධිපතිවරයා වියට්නාම් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමග නිල සාකච්ඡා පැවැත්වීමට නියමිත බවත් කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ඇතුළු ජ්‍යෙෂ්ඨ සම්භාවනීය අමුත්තන් රැසක්ද හමුවීමට නියමිත බවත් අමාත්‍යංශය පවසයි.

    එමෙන්ම හෝ චි මිං නගරයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වෙසක් දින උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙසද ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිත අතර එහිදී ජනාධිපතිවරයා විසින් ප්‍රධාන දේශනයක්ද පැවැත්වීමට නියමිත බවත් අමාත්‍යංශ නිවේදනයේ සඳහන්ව ඇත.

    තවද මෙම සංචාරයේදී දෙපාර්ශ්වය අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සත් තැබීමද අපේක්ෂා කරන අතර ව්‍යාපාරික ප්‍රජාව සමගද එක්වීමට ජනාධිපතිවරයා අපේක්ෂා කරන බවත් එහි සඳහන්ව තිබේ.

    මෙම වසර රාජ්‍ය ත්‍රාන්ත්‍රික සබඳතාවලට වසර 55ක් සපිරෙන බැවින් වියට්නාම සංචාරය දෙරට අතර ශක්තිමත් සබඳතා තවදුරටත් තහවුරු කරනු ඇතැයිද මෙම සංචාරය මගින් අපේක්ෂා කරනු ඇත.

    මෙම සංචාරය සඳහා ජනාධිපතිවරයා සමග විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද සහභාගී වීමට නියමිත බවත් එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

  • නීච වැඩක් යයි නලින්දට බැණුම්..

    නීච වැඩක් යයි නලින්දට බැණුම්..

    ශ‍්‍රී  ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

    මාධ්‍ය නිවේදනයයි.

    ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන්ගේ අනන්‍යතාවය හඳුනා ගැනීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත් කොට ඇති හැඳුනුම්පත අනිවාර්ය කිරීම පිළිබඳ රජයේ තීරණය සම්බන්ධව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ දැඩි කණස්සල්ල සහ පිළිකුල වත්මන් රජය වෙත පළ කරන්නෙමු.

    සතිපතා පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව සඳහා සහභාගි වීමට මින් ඉදිරියට අවසර ලබා දෙන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ හැඳුනුම්පත හිමි ජනමාධ්‍යවේදීන්ට පමණක් බව 2025-04-29 වන දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් ප්‍රකාශ කොට ඇත.

    රජයේ වගකිව යුතු ඇමතිවරයෙකු ලෙස කළ මෙම ප්‍රකාශය රජයේ නිල ප්‍රකාශයක් ලෙස අප විසින් සලකනු ලබන්නෙමු.

    අමාත්‍යවරයාගේ එම උද්දච්ඡ ප්‍රකාශය නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට ජනමාධ්‍යවේදීන්ට ඇති ඇති අයිතියට කළ තර්ජනයක් ලෙසත්, රජයට හීලෑ ජනමාධ්‍යවේදීන් පිරිසක් පමණක් ප්‍රවෘත්ති සාකච්ඡාව සඳහා කැඳවීමට ගත් නීච උත්සාහයක් ලෙසත්, මාධ්‍ය මර්ධනය සඳහා මින් පෙර රජයන් කටයුතු කළ ආකාරය වත්මන් රජය යටතේද ක්‍රියාත්මක වීමක් ලෙසත් ලංකාවේ ජනමාධ්‍යයන්හි සහ මාධ්‍යවේදීන්ගේ නිදහස අගයන වගකිවයුතු මාධ්‍ය සංවිධානයක් ලෙස අප සලකන්නෙමු.

    ලංකාවේ රජය මගින් මාධ්‍ය හැඳුනුම්පතක් නිකුත් කිරීම මගින්ම ජනමාධ්‍යවේදීන් හීලෑ කරගැනීමක් මෙන්ම රජය මාධ්‍යවේදය වෙත තම බලාධිකාරය පැටවීමක් බවත් අපගේ විශ්වාසයයි.

    එබැවින් රට තුළ නිදහස් මාධ්‍යයක් පවත්වා ගෙන යාමට අනුබල දෙන වගකිවයුතු රජයක් යටතේ සිදුවිය යුත්තේ හැඳුනුම්පත් නිකුත් කිරීම ස්වාධීන ආයතන ව්‍යුහයක් වෙත පවරා සියළු මාධ්‍යවේදීන් වෙත තම කැබිනට් රැස්වීම ආවරණයට අවසර ලබා දී මාධ්‍යවේදීන් විමසන ප්‍රශ්න වලට අභීතව පිළිතුරු සැපයීමයි.

    එබැවින් මාධ්‍ය නිදහසට තර්ජනයක් වීමට වත්මන් රජය ගන්නා මෙම උත්සාහයන් පරාජය කිරීමට එවන්නැයි මාධ්‍ය නිදහස අගයන සියළු පාර්ශවයන්ගෙන් මෙන්ම රටේ ජනතාවගෙන් ද ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ අප ඉල්ලා සිටින්නෙමු.

  • දේශබන්දුට පාතාලයෙන් තර්ජන 

    දේශබන්දුට පාතාලයෙන් තර්ජන 

    තනතුරෙහි රාජකාරී ආවරණ කටයුතු තහනම් කර ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පාතාල කල්ලි නායක කංජිපානි ඉම්රාන්ගෙන් තර්ජන එල්ලවිය හැකි බවට උසස් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු පැමිණ ඊයේ (1) දැනුම් දී තිබේ.

    ඒ තෙන්නකෝන් මහතාගේ හෝකන්දර පිහිටි නිවසට ගොස් ඔහුව මුණගැසීමෙන් පසුවය.

    දේශබන්දු තන්නකෝන් මහතා ඝාතනය කරන ලෙස විදෙස්ගතව සැඟව සිටින කංජිපානි ඉම්රාන් විසින් සිය සමීපතමයන්ට උපදෙස් ලබාදී ඇතැයි තොරතුරු වාර්තාවී ඇති බව උසස් පොලිස් නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

    එමෙන්ම තනතුරෙහි රාජකාරී ආවරණ කටයුතු තහනම් කිරීමෙන් අනතුරුව තෙන්නකෝන් මහතාගේ ආරක්ෂාව ඉවත් කිරීම හරහා ඔහුට ඇති ජීවිත තර්ජන පිළිබඳව තොරතුරු ඇතුළත් බුද්ධි අංශ වාර්තාවක් පොලිස් මූලස්ථානයට ලබාදී ඇතැයිද වාර්තා වේ.

    එමගින් තොරතතුරු අනාවරණ කර ඇත්තේ, යුක්තිය ඇතුළු මෙහෙයුම්වලින් තෙන්නකෝන් මහතා පාතාල හා මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීමට කටයුතු කිරීම හේතුවෙන් වෙනත් පාතාල කල්ලි සාමාජිකයන්ගෙන්ද මරණ තර්ජන එල්ලවිය හැකි බවයි.

  • මැයි දිනයට ආ මාලිමා බස් අධිවේගයේ නවත්වා කෑම කති..

    මැයි දිනයට ආ මාලිමා බස් අධිවේගයේ නවත්වා කෑම කති..

    ජාතික ජනබලවේගය විසින් කොළඹ ගාලු මුවදොර පිටියේදී පවත්වන ලද මැයි දින සමරුමට සහභාගි වූ ආධාරකරුවන් රැගෙන පැමිණි බස් රථ අධිවේගී මාර්ගයන්හි නවත්වා ආහාර ගන්නා වීඩියෝ රැසක් සමාජ ජාල වල හුවමාරු වෙයි.

    අධිවේගී මාර්ගයන්හි වාහන නතර කිරීමට හා ඒවායෙන් බැසීමට අවසර නොලැබෙන නමුත් අද දිනයේ එම නීතිය උල්ලංඝනය වී ඇත.

    ඇතැම් ස්ථානයන්හි අධිවේගීමේ රථවාහන පොලිස් නිලධාරින්ද ඒ අවටම සිටිනු දක්නට ලැබෙයි.

    බස් රථ රැසක්ම මේ ආකාරයෙන් අධිවේගී මාර්ගය අසල නවතා ආහාර ගනු එකී වීඩියෝවන්හි දැක්වේ.

  • වාහන ආනයනය සඳහා පැවති තවත් සීමා කිහිපයක් ඉවත් කරයි

    වාහන ආනයනය සඳහා පැවති තවත් සීමා කිහිපයක් ඉවත් කරයි

    වාහන ආනයනය සඳහා පැවති සීමාවන් කිහිපයක් ඉවත් කරමින් මුදල් අමාත්‍යංශය විසින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

    මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අප්‍රේල් මස 29 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන් ය.

    ඒ අනුව ආනයනය කර නිෂ්කාශනය කිරීමට නොහැකිවී වරායේ තිබූ මෝටර් රථ වර්ග කිහිපයක් නිදහස් කර ගැනීමට හැකිවනු ඇත.

    ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරන ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාත් මානගේ මහතා,

    “දැනට මාස එකහමාරක් දෙකක් තිස්සේ මේ වාහන අපිට නිෂ්කාශනය කරගැනීමට බැරුව තිබුණා. Hybrid Toyota Raize සහ Hybrid Nissan X-TRAIL රථ අලුත් ගැසට් එක නිසා දැන් නිෂ්කාශනය කරගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේ මේ තාක්ෂණය යටතේ එන අනෙකුත් වාහනත් නිෂ්කාශනය කරගැනීමේ අවස්ථාව ලැබී තිබෙනවා.”

    මේ අතර ලියාපදිංචි නොකළ නව යතුරුපැදි ආනයනය සඳහා පනවා තිබූ තහනමද ඉවත්කර තිබේ.

    ඒ අනුව ආනයන බලපත්‍ර ලබාගෙන නව යතුරුපැදි ආනයනය කිරීමට ආදාළව ගැසට් පත්‍රය ද නිකුත් කර ඇති බව සඳහන් ය.

  • ජී.එස්.පී. ප්ලස් සහනය ගැන ධනාත්මකව සලකා බලනවා

    ජී.එස්.පී. ප්ලස් සහනය ගැන ධනාත්මකව සලකා බලනවා

    GSP+ සමාලෝචනය සම්බන්ධයෙන් ධනාත්මක ලෙස සලකා බලන බව යුරෝපා සංගමයේ දකුණු ආසියානු අංශයේ ප්‍රධානී චාල්ස් වයිට්ලි ( Charles Whiteley) මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට දැනුම් දී තිබේ.

    මෙරට සංචාරයක නිරත යුරෝපා සංගමයේ නියෝජිතයන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර ජනාධිපති කාර්යාලයේදී අද (30දා) පැවැති සාකච්ඡාවේදී  චාල්ස් වයිට්ලි මහතා මේ බව දැනුම් දී ඇත.

    යුරෝපා සංගමය හා ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වයෙන් වාණිජමය ජයග්‍රහණ රැසක් අත්පත් කර ගැනීමට හැකි වූ බවත් ඉදිරියටද වාණිජමය ජයග්‍රහණ අත්පත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට  සහාය ලබා දීමට සූදානම් බවත් චාල්ස් වයිට්ලි මහතා සඳහන් කළේය.

    යුරෝපා සංගමයේ GSP+ සහනය මගින් ප්‍රමිතිගත හා ගුණාත්මක නිෂ්පාදන සැපයීම සඳහා ශ්‍රී ලංකාව තවදුරටත් දිරිගැන්වීම අපේක්ෂා කරන බවද යුරෝපා සංගමයේ දකුණු ආසියානු අංශයේ ප්‍රධානී චාර්ස් වයිට්ලි මහතා පැවසීය.

    යුරෝපා සංගමයේ GSP+ බදු සහනය ලබාදීමේදී සලකා බලන නිර්ණායක වත්මන් රජයේ  ප්‍රතිපත්ති හා සමානුපාත වන බවත් චාර්ස් වයිට්ලි මහතා සඳහන් කළේය.

    යුරෝපා සංගමයේ GSP+ බදු සහනය හෙවත් සාමාන්‍යකරණය කළ මනාප යෝජනා ක්‍රමය පිළිබඳව ජාත්‍යන්තර සම්මුතීන් 27 ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාව ළඟා කර ගත් ප්‍රගතිය සමාලෝචනය කිරීම මෙහිදී සිදු කෙරිණ.

    මෙහිදී අදහස් දැක්වූ  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් බිඳ වැටී තිබෙන අවස්ථාවල යුරෝපා සංගමය සිදු කළ උපකාර සම්බන්ධයෙන් ස්තුතිය පළ කරන බවය.

    යුරෝපා සංගමයේ GSP+ සහනය ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට හිතකර  තත්ත්වයක් ඇති කිරීමටත් ආර්ථිකයෙහි දියුණුවක් ඇති වීමටත් බලපෑ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය.

    තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් බිඳ වැටීමට පැවැති දේශපාලන ක්‍රමය සහ එවක පාලකයන්ගේ නාස්තිය හා දූෂණය හේතු වූ බවය. මෙරට යළි විධිමත් පාලනයක් සහිත රටක් බවට පරිවර්තනය කරමින් යන බවත් ඒ සඳහා යම් කාලයක් ගත වන බවත් ජනාධිපතිවරයා කියා සිටියේය. 

    වත්මන් ආණ්ඩුව කෙරෙහි සමස්ත පුරවැසියාගේ බලපොරොත්තු රැඳී තිබෙන බවත් මීට පෙර ශ්‍රි ලංකාවේ ආණ්ඩු බිහි වූයේ දකුණේ සිංහල ඡන්ද මත පදනම්ව බවත්, මෙවර උතුරේ දෙමළ ජනතාවත්, නැගෙනහිර මුස්ලිම් ජනතාවත්, දකුණේ සිංහල ජනතාවත් වත්මන් ආණ්ඩුව නිර්මාණය කිරීමට දායක වූ බවත් සිහිපත් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටුකිරීමේ වගකීම් නිවැරැදිව සිදු කරන බවද අවධාරණය කළේය.

    කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු , අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර, මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා යුරෝපා සංගමයේ  තානාපති  කාමන් මොරෙනෝ(Carmen Moreno) , වෙළෙඳ හා ආර්ථික ආරක්ෂාව පිළිබඳ ජනරාල්,  ප්‍රතිපත්ති නිලධාරී ගයිඩෝ ඩොලාරා ( Guido Dolara), යුරෝපීය භාහිර ක්‍රියාකාරී සේවයෙහි  ශ්‍රී ලංකා නිලධාරී ගලිජා අගිෂේවා (Galija Agisheva) යන මහත්මා මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.