28.2 C
New York
July 7, 2025
Hot NewsLocal News

සබරගමුවේ නවකවධ සිද්ධියට අත්අඩංගුවට ගත් සිසුන් අධිකරණයට රැගෙන ආ හැටි

නවකවධය ලබාදීමේ සිදුවීමක් මුල් කරගනිමින් සබරගමුව විශ්වවිද්‍යාලයේ සිදු වූ සිසු මරණයට අදාළව අත්අඩංගුවට ගත් එම විශ්වවිද්‍යාලයේ සිසුන් සිව්දෙනා එළැඹෙන මැයි මස 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අදාළ සිසුන් සිව්දෙනා ඊයේ (04) රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අද (05) බලංගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තුන් වන වසරේ ඉගෙනුම ලබන මහරගම, ඇඹිලිපිටිය, වාරියපොළ හා හබරාදුව යන ප්‍රදේශවල පදිංචි සිසුන් සිව්දෙනෙකු බව පොලිසිය සඳහන් කළේය.

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ඉංජිනේරු පීඨයේ දෙවැනි වසරේ චරිත් දිල්ශාන් නමැති සිසුවා දිවි නසාගෙන තිබුණේ අප්‍රෙල් 29 වෙනිදාය.

විෂාදය හේතුවෙන් තමන් දිවි නසාගන්නා බවට ඔහු සිය අත්අකුරින් ලිපියක් ලියා තිබුණද ඔහුගේ ඥාතීන් හා මිතුරන් චෝදනා කළේ විශ්වවිද්‍යාලයේ ඇති නවකවධය දරාගත නොහැකිව ඔහු දිවි නසාගෙන ඇති බවය.

එවන් පසුබිමක ඒ පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් පැවැත්වීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පරීක්ෂණ මණ්ඩලයක් ද පත්කළේය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත මහතා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කරනු ලැබීය.

චරිත් සමග නවකවධයට ලක්වූ බව කියන සිසුන් 20 දෙනෙකුගෙන් සමනලවැව පොලීසිය පසුගියදා ප්‍රකාශ ද සටහන් කරගත්තේ එවන් පසුබිමකය.

අනතුරුව මෙම නවකවධ සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශනය වැඩබලන පොලිස්පතිවරයාගේ නියමය පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබුණි.

එම විමර්ශනයට අදාළව සබරගමුව විශ්වවිද්‍යාලයේ තෙවැනි වසරේ ඉගෙනුම ලබන සිසුන් සිව්දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ රාත්‍රි අත්අඩංගුවට ගනු ලැබීය.

Related posts

2015 – 2024 කාලයේදී පාලනයකින් තොරව මුදල් මුද්‍රණය කර නෑ – පාර්ලිමේන්තුවේදී අනාවරණය වෙයි

IndusaraMedia

කුච්චවේලි මුහුදේදී නාවික හමුදාව සහ සංවිධානාත්මක කණ්ඩායමක් අතර උණුසුම් තත්ත්වයක් 

IndusaraMedia

ලෝක බැංකුවෙන් ඩොලර් බිලියනයක ලොකු ණයක් ගනී..

IndusaraMedia

කෙහෙලිය අත්අඩංගුවට  

IndusaraMedia

ලෝක ආර්ථික සමුළුවේ මා කල කතාව විකෘති කර ෆේස්බුක් දාලා..

IndusaraMedia

අගමැතිනි හරිනි පාසල් උත්සවයක…

IndusaraMedia

Leave a Comment