අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු STC සභාපතිට ඇප

අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ හිටපු සභාපති හුසේන් අහමඩ් බහිලා මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කර ඇත.

2015 වසරේ අදාළ සංස්ථාව වෙත භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය උල්ලංඝනය කරමින් කිසිදු අවශ්‍යතාවයක් නොමැතිව තාවකාලික ගබඩා (කොකුන්) 50ක් ආනයනය කිරීම මඟින් සංස්ථාවට රු 99,679,799.70ක පාඩුවක් සිදුකිරීම හා එම මුදලේ වටිනාකමට සමාන වාසියක් බාහිර පාර්ශ්වයන්ට සලසා දීම තුළින් දූෂණය නමති වරද සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මොහු අත්අඩංගුවට ගෙන තිබුණි.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments