23.4 C
New York
July 7, 2025
Hot NewsLocal News

වෙසක් පුර පසළොස්වක පොහොය අදයි

ලෝ සතුන් අපමණ දුක් හිරිහැර විඳිමින් ගත කළ ඒ දුක්බර ජිවිතයට සැනසුම උදාකර ඔවුන් සසර සයුරින් එතෙර කිරීමේ මහා කරුණාවෙන් යුතු වූ අප මහා බෝසතාණන් උතුම් වූ බුද්ධ රාජ්‍යයට පත් වී වදාළ වෙසක් පුන් පොහෝ දිනය බෞද්ධ අපට ඉතාම වැදගත් දිනයකි. මෙදින වූ අසිරිමත් සිදුවීම් රාශියකි.
🔸.මෙයින් සාරා සංක්‍ය කල්ප ලක්ෂයකට පෙර සුමේධ තාපසව සිටියදී දීපංකර සම්බුදු රදුන් හමුවේදී බුද්ධත්වයට පත්වීම පිළිබඳ පළමු නියත විවරණය ලැබුවේ වෙසක් පුන් පොහෝ දිනකය.
🔸.කපිලවස්තු පුරයෙහි පාලක ශාක්‍ය වංශික සුද්ධෝධන රජතුමාගේ අග බිසව වූ මහමායා දේවිය කුසින් ලුම්බිණි සල් වනයේදී බෝ සතුන් බිහිවීමේ අසිරිමත් වීම වුයේද වෙසක් පුන් පොහෝ දිනකය.
🔸 සිදුහත් කුමරු. ‘අග්ගෝහමස්මි ලෝකස්ස, ජෙට්ඨෝ හමස්මි ලෝකස්ස’ මම ලෝකයට අග්‍ර වෙමි. ජ්‍යෙෂ්ඨ වෙමි, ශ්‍රේෂ්ඨ වෙමි, මේ මාගේ අන්තිම ආත්ම භාවයයි. නැවත උපතක් නැත.’ යනුවෙන් අභීත සිංහ නාදය පවත්වන ලද්දේත්, වෙසක් පුන් පොහෝ දිනයේදීය.
🔸.බුද්ධත්වයට පත්වීමත් සමඟ ඇතිවූ මහත් පී‍්‍රතිය ප්‍රකාශ කරමින් ‘අනේක ජාති සංසාරං සංධාවිස්සං අනිබ්බිසං’ යන ආදී වශයෙන් ශ්‍රේෂ්ඨ වදන් ප්‍රකාශ කරන ලද්දේ ද උතුම් වෙසක් පුර පසළොස්වක් පොහොය දිනයේදී ය.
🔸.සියලු සංස්කාර ධර්මයෝ නැසෙනසුලු බවත්, එබැවින් නොපමාව කුසල් දහම්හි හැසිරෙන ලෙසටත් වදාරා මල්ල රජදරුවන්ගේ උපවර්තන සල් උයනේදී පිරිනිවන් පා වදාළේ ද වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයේදීය.
🔸.බෝසතුන් සමග මෙලොව එළිය දුටු තවත් කිහිප දෙනෙකි. එනම් යශෝදරා දේවිය, කන්ථක අශ්වයා, කාලුදායි ඇමති මෙන්ම ජය ශ්‍රී මහා බෝධිය සහ සතර මහා නිධානය පහල වීම යනාදියයි.
🔸.සසරේ අවසන් ආත්ම භාවයේදී විසිනව වන වියට එළැඹුණු සිදුහත් කුමරු උයන් කෙළියට පැමිණෙද්දී ජීවිතයේ අනියත වටහා දුන් සතර පෙර නිමිතිවල ව්‍යාධි රූපය පළමුව දුටුවේද වෙසක් පුර පසළොස්වක පොහොය දිනකදීය.
🔸.බුද්ධත්වයෙන් දස මසකින් සුද්ධෝදන රජුගේ ඇරයුමෙන් කිඹුල්වත්පුර තම උපන් ගමට වැඩම කළ බුදු පියාණන් වහන්සේ ඥාතීන්ගේ අතිමානය දුරැලීමට යමා මහා පෙළහර පෑවේද වෙසක් පුර පසළොස්වක පොහොය දිනකය.
🔸.බුදුරජාණන් වහන්සේගේ තෙවන ලංකාගමනය වූ කැලණියට වැඩම කොට චූලෝදර, මහෝදර නා රජුන් ප්‍රමුඛ බොදු මහ ජනතාවගේ දානය වළඳා ඔවුනට ධර්ම දේශනා කර ශී‍්‍ර පාද පද්මය පිහිටුවා අනෙකුත් ස්ථානයන්ට වැඩම කිරීම සිදු වූයේ ද වෙසක් පුර පසළොස්වක පොහොය දිනකදීය.
🔸.තවද, විජය කුමරාගේ ලංකා සම්ප්‍රාප්තිය සිදු වූයේ ද, බුදුරජාණන් වහන්සේ පිරිනිවන්පා වදාළ වෙසක් පුර පසළොස්වක පොහොය දිනයක බව ලංකා ඉතිහාසයේ සඳහන් වෙයි. මෙසේ බුදුරදුන්ගේ පිරිනිවන් මංගල්‍යය ද, විජය කුමරුගේ ලංකාගමනය ද එකම දිනයක සිදුවීම විශේෂිතයි.
🔸.එසේම සම්බුද්ධ පරිනිර්වාණයෙන් හතළිස් වසරකින් පසු රෝහිණී නදිය මධ්‍යයේ වැඩ සිටි ආනන්ද මහ රහතන් වහන්සේ අවුරුදු එකසිය විස්සක් ආයු වළඳා පරිනිර්වාණය කරා එළඹියේ ද වෙසක් පුර පසළොස්වක පොහොය දිනකදීය.
🔸.ක්‍රි.පූ තෙවන සියවසේදී භාරතයේ රාජාභිෂේක ලත් ධර්මාශෝක රජතුමා සමඟ පැවැති මිත්‍ර සබඳතාව තවත් වර්ධනය කර ගැනීමට ලක්දිව රාජාභිෂේක ලත් දේවානම් පියතිස්ස රජතුමා තුටු පඬුරු රැගත් රාජ දූතයන් පිරිසක් දම්සෝ නිරිඳු වෙත පිටත් කර යැවුවේය. මේ කලණ මිතු දමට ප්‍රතිචාර වශයෙන් රාජාභිෂේකයට අවශ්‍ය උපකරණද දහම් පණිවුඩයක්ද දම්සෝ නිරිඳු විසින් එවා දේවානම් පියතිස්ස රජතුමා දෙවන වරට රාජාභිෂේක ලැබුවේ ද වෙසක් පුර පසළොස්වක පොහොය දිනකදීය.
🔸.බොදු බලයෙන් රට බැබළවූ දුටුගැමුණු රජතුමා රුවන්වැලි මහ සෑයෙහි වැඩ ඇරඹුවේ ද වෙසක් පුර පසළොස්වක පොහොය දිනක වීමද විශේෂිතය.
🔸.දුටුගැමුණු රජතුමා වෙසක් උළෙල සූවිස්සක් ද , භාතිය රජතුමා වෙසක් උළෙල විසි අටක් ද , වසභ රජතුමා වෙසක් උළෙල හතළිස් හතරක් ද පැවැත්වූ බව මහා වංශයට අනුව පැවසෙයි. ප්‍රදර්ශන හා පෙරහර රැසකින් වෙසක් පුර පසළොස්වක අසිරිමත් වූ බව අශෝක චක්‍රවර්තීන්ගේ සිව්වන සෙල් ලිපියෙහි සඳහන් කරයි.
🔸.මහා විහාර භික්ෂූන් වහන්සේ වසරක් පුරා උපසම්පදා මහෝත්සවය පවත්වන්නේ ද වෙසක් පුර පසළොස්වක පොහොය දිනකදීය.
මෙවැනි සුවිශේෂී කාරණා රැසකින් පරිපූර්ණ වූ වෙසක් පුර පසළොස්වක පොහොය අපට ආගමික වශයෙන් මෙන්ම ජාතික වශයෙන් ද ඉතා වැදගත් වෙයි.
සමස්ත ලෝකවාසී සැදැහැති බෞද්ධයාගේ පරම පූජනීය ඓතිහාසික වැදගත්කමකින් අනූන වූ වෙසක් පුර පසළොස්වක දිනය අවුරුදු දෙදාස් පන්සියයකට ආසන්න කාලයක් පුරා අපේ රුධිරයට කාවැදී තිබෙයි.
එවන් උත්තරීතර පොහොයදිනයක අපිද ජීවිතයේ එක් වරදක් හෝ නිවැරදි කරමින් සම්බුදු පියාණන් වහන්සේට ප්‍රතිපත්ති පූජාවෙන් පූජා තබමු.
අනන්ත බුදුගුණ බලෙන් තුන් ලොවටම සැනසිල්ල උදාවේවා … … …

Related posts

ජූලි චංග් අගමැතිනි හමුවෙයි

IndusaraMedia

බ්‍රිතාන්‍යයේදි වාර්තාගත මුදලකට වෙන්දේසි වු ටයිටැනික් මගියාගේ ලිපිය

IndusaraMedia

යුද සමයේ ඉන්දියාවට පලාගිය සරණාගතයින්ට මෙරටට පැමිණීමට තිබූ බාධා ඉවතට

IndusaraMedia

ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු පුටුවක්

IndusaraMedia

කොංගෝවේ යාත්‍රාවක ගින්නකින් 50ක් මරුට 

IndusaraMedia

පුංචි ඡන්දයේ ආදායම් වියදම් වාර්තා භාරනොදුන් නම් ලැයිස්තුව පොලීසියට

IndusaraMedia

Leave a Comment