23.4 C
New York
July 7, 2025
Hot NewsLocal News

කොට්ටාවේ නිවසක ගින්නෙන් තරුණියක් මරුට

කොට්ටාව රුක්මල්ගම පාරේ විහාර මාවතේ නිවසක තනිව සිටි තරුණියක් සිරුරට ගිනි ඇවිලී සැක කටයුතු ලෙස මිය ගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.

මෙලෙස අභිරහස් ලෙස මියගොස් ඇත්තේ පුදම්මිනි ටුරන්ජා නම් 19 හැවිරිදි  අවිවාහක තරුණියකි.

පොලීසිය පැවසුවේ ඇයගේ සිරුර මුළුමණින්ම පිලිස්සි නිවසේ දේපළවලට සහ වහලයට ද අලාභානි සිදුවී ඇති බවය.

මියගිය තරුණියගේ මව සහ සහෝදරයන් දෙදෙනා වෙසක් සිරි නැරඹීම සඳහා නිවසින් පිටව ගොස් සිටි අවස්ථාවේදී ඇය මෙලෙස ගිනිගෙන දැවී මිය ගොස් ඇතැයි පොලිසිය පැවසීය.

කෝට්ටේ ශ්‍රී ජයවර්ධන පුර ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් පැමිණ ගින්න නිවා දමා දැමීමට පියවර ගෙන ඇති බවත් ඒ වන විටත් තරුණිය ජීවිතක්ෂයට පත්ව ඇත.

ගින්නට හේතුවෙ මෙතෙක් අනාවරණය වී නොමැති අතර නුගේගොඩ අපරාධ ස්ථානයේ නිලධාරීන් සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන පවත්වයි.

Related posts

පොහොට්ටුවේ දේශපාලන බලමණ්ඩල රැස්වීමක් අද හවසට

IndusaraMedia

පළාත් පාලන සභිකයන් ගැසට් කිරීමේ ගැටලුවක්

IndusaraMedia

රට පුනරුද යුගයකට යන ගමනේ පොසොන් පෝය ආශිර්වාදයක්

IndusaraMedia

ගමේ පාරවල් ඉක්මනට හදන්න – ජනපති

IndusaraMedia

මන්නාරමේ තෙල් ගොඩගන්න ආයෝජකයන් කැදවයි…

IndusaraMedia

පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්

IndusaraMedia

Leave a Comment