23.4 C
New York
July 7, 2025
Hot NewsLocal News

දිවි නසාගත් කොටහේන සිසුවිය ගුරුවරයාගෙන් ලිංගික අතවරයකට ලක්වූ බව හෙලිවුනා..- පොලිසිය

සියදිවි නසාගත් කොටහේන ප්‍රදේශයේ පදිංචිකාරියක වූ 16 හැවිරිදි සිසුවිය බම්බලපිටිය පාසලේ අධ්‍යාපනය හදාරන සමයේ එම පාසලේ ගුරුවරයකුගෙන් ලිංගික අතවරයකට ලක්ව ඇතැයි අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.

එම සැකකාර ගුරුවරයා මේ වන විට ඇප මත මුදා හැර ඇති අතර ඔහුගේ විදෙස් ගමන් තහනම් කර ඇත.

මෙම සිසුවිය කොටහේනල ගල්පොත්ත වීදිය මහල් නිවාස සංකීර්ණයේදී අප්‍රේල් 29 වැනිදා එහි 6 වැනි මහලෙන් පැන සියදිවි නසාගෙන තිබිණි.

ඇයගේ පාසලේ ගුරුවරයකුගේ හා උපකාරක පන්ති ගුරුවරයකුගේ ක්‍රියාකලාපය තම දියණියගේ මරණයට බලපෑ බවට මවුපියන් චෝදනා කරන අතර සිසුවියගේ මරණයට සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා මැයි 08 වැනිදා කොළඹ ස්ථාන 3කදී උද්ඝෝෂණ ද පැවැත්වින.

අදාල ගුරුවරයා මේ වන විට අනිවාර්ය නිවාඩු යවා ඇත.

Related posts

දිල්ලියේ පැල්පත් නිවාස සංකීර්ණයක ගින්නක්

IndusaraMedia

ජනපතිගේ පොසොන් දින පණිවුඩය

IndusaraMedia

අල්ලස් කොමිසමෙන් බේරිලා ආපු රනිල් රම්පෙට පොරි හැලෙන්න දෙයි (Video)

IndusaraMedia

බිමල් ගැන පරීක්‍ෂණයක් කරන්නැයි කියයි.. ලොකු චෝදනා..

IndusaraMedia

රෝහිත රාජපක්‍ෂ යැවූ රොකට්ටුවට රජයේ මුදල් යොදවා නෑ..- මුදල් අමාත්‍යංශය

IndusaraMedia

14 හැවැරිදි සූර්යවංශි අයි.පි.එල්. පිටිය කනපිට ‍පෙරළයි

IndusaraMedia

Leave a Comment