28.2 C
New York
July 7, 2025
Foreign NewsHot News

බෙංගලූරු ජය සැමරුම ඛේදවාචකයක් වෙයි

2025 IPL ශූරයන් ලෙස කිරුළ පැළඳි රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු කණ්ඩායමේ ජය සැමරීම වෙනුවෙන් බෙංගලූරු හිදී අද (4) සංවිධානය කර තිබූ සැමරුම් උත්සවයේ ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ තවත් පුද්ගලයින් 50කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවයි.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ (3) පැවති අතර, ඉන් පංජාබ් කිංග්ස් කණ්ඩායම ලකුණු 6කින් පරාජය කිරීමට බෙංගලූරු කණ්ඩායමට හැකිවිය.

ඒ අනුව බෙංගලූරු කණ්ඩායම වසර 18ක අයි. පී. එල්. ඉතිහාසයේ සිය පළමු කිරුළට හිමිකම් කීවේය.

මෙම ඓතිහාසික ජය සැමරීම සඳහා කර්ණාටක ප්‍රාන්ත ක්‍රිකට් සංගමය (KSCA) විසින් බෙංගලූරු එම්. චින්නස්වාමි ක්‍රීඩාංගණය අසල සංවිධානය කර තිබූ උපහාර උත්සවය අතරතුර මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව තිබේ.

මෙහිදී ඇති වූ තෙරපීම හේතුවෙන් බොහෝ දෙනෙක් සිහිසුන් වී ඇදවැටී ඇති බව සඳහන්.

කර්ණාටක නියෝජ්‍ය මහ ඇමති ඩී.කේ. ශිවකුමාර් පවසා ඇත්තේ පිරිස පාලනය කළ නොහැකි වූ බවයි.

අධික තෙරපීම පාලන කිරීම සඳහා 5,000කට අධික කාර්ය මණ්ඩලයක් යොඳවා ඇති බව වාර්තා වේ.

Related posts

ගමේ පාරවල් ඉක්මනට හදන්න – ජනපති

IndusaraMedia

JVP 60වන සංවත්සරය අද 

IndusaraMedia

චිකුන්ගුන්යා වැඩිම බස්නාහිරින්

IndusaraMedia

වයඹ විද්‍යාපීඨ සිසුවිය සියදිවි නසාගත්තේ ගුරුවරුන්ගේ හිරිහැර නිසාද?

IndusaraMedia

දයාසිරි CIDයට

IndusaraMedia

ජයගත් සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බවට ජනපතිගෙන් ප්‍රකාශයක්

IndusaraMedia

Leave a Comment