25.9 C
New York
July 8, 2025
Hot NewsLocal News

දහම් පාසල් ගුරුවරුන් සඳහා රුපියල් 7,500ක දීමනාවක්

දහම් පාසල් ගුරුභවතුන් සඳහා ගුරු දීමනාවක් හා නිල ඇඳුම් දීමනාවක් ලබා දීමට කැබිනට් අනුමැතිය සිදුව තිබේ.

වසරක අඛණ්ඩ සේවා කාලයක් සම්පූර්ණ කරන ලද ගුරු භවතුන්ට ගුරු දීමනාව හා නිල ඇඳුම් දීමනාව ඇතුළත් එක් දිමනාවක් ලෙස රුපියල් 7,500/- ක මුදලක් වර්ෂයකට එක් වතාවක් ගෙවීම පිණිස මෙසේ අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව මෙම තීරණය 2026 වර්ෂයේ සිට ඉදිරියට බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි හා කතෝලික ආගම්වලට අයත් ලියාපදිංචි දහම් පාසල්වල ක්‍රියාත්මක වේ. 

දහම් පාසල්වල සේවය කරන ගුරුභවතුන්ගේ සේවය අඛණ්ඩව ලබා ගැනීම සඳහා දිරි ගැන්වීම සහ ඔවුන්ගේ අනන්‍යතාවය ආරක්ෂා කිරීම මෙන්ම සමාජයේ යහ පැවැත්මට අත්‍යවශ්‍ය වන දහම් අධ්‍යාපනයේ අභිවෘද්ධිය පිණිස මෙම තීරණය ගෙන ඇත.

Related posts

ආණ්ඩුවේ මා ඇතුළු 15ක් සමාජ ජාලවල නානවා.. අනුරත් ජෝක් එකට අරගෙන..

IndusaraMedia

ඉන්දියාවේ සිට නීතිවිරෝධීව පැමිණි පිරිසක් යාපනයේදී අත්අඩංගුවට 

IndusaraMedia

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වෙයි

IndusaraMedia

ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම් හේරත් අභාවප්‍රාප්ත වෙයි

IndusaraMedia

අලුත් ’’කොවිඩ්’’ රැල්ලක්: සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න

IndusaraMedia

72 වැනි ලෝක රූ රැජින කිරුළ තායිලන්තයේ ඔපල් සුචාටා චොන්සිරිට

IndusaraMedia

Leave a Comment