Ceylon Times

Challenging Ideology

නලින්ද බොරු නොකියන්න ගිවිසුම්ගත වේ..

කාම්බෝජයේ, සියම් රීප් හි පැවති 20 වන ආසියානු මාධ්‍ය සමුළුවේ සමාප්ති උත්සවයේ දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අන්කෝර් මුලපිරීම 2.0 (Angkor Initiative 2.0) ප්‍රකාශනයට අත්සන් තැබීය.

මෙම ප්‍රකාශනය මගින් ආසියා ශාන්තිකර කලාපයේ සිටින අමාත්‍යවරුන් සහ මාධ්‍ය ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් සාවද්‍ය තොරතුරු වලට එරෙහිව කලාපීය උත්සාහයන් ශක්තිමත් කිරීමට සහ තොරතුරු අඛණ්ඩතාව ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරනු ලබයි.

විකාශන සංවර්ධනය සඳහා වන ආසියා ශාන්තිකර විකාශන ආයතනය (AIBD) විසින් සංවිධානය කරන ලද සහ කාම්බෝජයේ තොරතුරු අමාත්‍යාංශය විසින් පවත්වන ලද ආසියානු මාධ්‍ය සමුළුවට කලාපයේ රටවල මාධ්‍ය විෂය භාර අමාත්‍යවරුන්, මාධ්‍ය ආයතන ප්‍රධානීන් සහ වෘත්තිකයන් ඇතුළු විදේශීය නියෝජිතයින් 200 කට අධික සංඛ්‍යාවක් සහභාගී විය. කාම්බෝජයේ තොරතුරු අමාත්‍ය නෙත් ෆීක්ත්‍රා (H.E. Neth Peaktra) සහ ආසියා ශාන්තිකර විකාශන ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ෆිලෝමේනා ඥානප්‍රගාසම් (Ms Philomena Gnanapragasam) මහත්මියගේ දේශන සමඟින් ජූලි 22 වන දින මෙම සමුළුව කාම්බෝජයේ දී ආරම්භ විය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද  ජයතිස්ස මහතා  ජූලි 23 වන කාම්බෝජයේ සියම් රීප් වෙත පැමිණි අතර එහි දී ද්විපාර්ශ්වික සාකච්ඡා කිහිපයකට ද සහභාගි විය. කාම්බෝජ රජයේ තොරතුරු අමාත්‍ය, ජනාධිපති කාර්යාලයේ ප්‍රධාන ප්‍රකාශිකා සහ රාජ්‍ය අමාත්‍ය හීනා වලීඩ් මහත්මිය (H.E. Heena Waleed), මාල දිවයින් දූත පිරිස, ආසියා ශාන්තිකර විකාශන ආයතනයේ විධායක ප්‍රධානී ෆිලොමිනා ඥාණප්‍රගාසම් මහත්මිය (Ms Philomena Gnanapragasam) ඇතුළු ආයතනයේ නිලධාරීන් සහ ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමයේ අධ්‍යක්ෂ ඇතුළු පිරිසක් සමඟ අමාත්‍යවරයා එම ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වී ය.

ජනමාධ්‍ය ක්ෂේත්‍රයට සිදු කරන ලද මහඟු සේවය සහ කැපවීම අගය කරමින් අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් කාම්බෝජ රජයේ ජනමාධ්‍ය  අමාත්‍යවරයා වන නෙත් පීක්ට්‍රා මහතා (H.E. Neth Pheaktra) වෙත “තොරතුරු පරිපූර්ණත්වයෙන් බෙදා හැරීමේ අඛණ්ඩතාව වෙනුවෙන් වන විශේෂ නියෝජිත” නම් වූ ඇගයීම පිරිනැමීමට කටයුතු කරන ලදි.

2026 වර්ෂයේ දී මාලදිවයිනේ දී  21 වන ආසියානු මාධ්‍ය සමුළුව පවත්වන බවට නිවේදනය කිරීමත් සමඟ මෙම සමුළුව සමාප්ත විය.

C news

Leave a Reply

Your email address will not be published. Required fields are marked *