දින කිහිපයක සිට ඇද හැලෙමින් තිබූ වැසි තව දුරටත් වැඩිවීමෙන් ඇළ දොළො වැව් පිටාර ගලා ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම සේවා වසම් දාහතරක පවුල් රැසක් ජලයෙන් යට වී උන් හිටි තැන් අහිමි වී අවතැන් බවට පත් වී ඇතැයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීහු පවසති.
එමගින් වැඩිම හානිය සිදුව ඇත්තේ ගලේවෙල නගරය ආසන්නයේ පිහිටි පට්ටිවෙල ලකීවත්ත ප්‍රදේශයට බවද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීහු පෙන්වා දෙති.
එකවරම වර්ෂාවත් සමඟ ප්‍රදේශයේ සියලුම ඇලවල් පිටාර ගලා අඩි තුනත් පහත් අතරන් ජලය ප්‍රමාණයක් මහා මාර්ග සහ නිවාස හරහා ගසාගෙන ගොස් ඇති අතර , සිතාගැනීමටවත් නොහැකි වූ ආකාරයෙන් එකවරම තම නිවෙස් වලට ජලය කඩා වැදුණු බවද ඔවුහු පෙන්වා දෙති.
මෙම හේතුවෙන් ඔවුන්ගේ ඇඳිවත සහ ජීවිත බේරාගෙන හිස් ලූ ලූ අත දිව ගොස් බේරුණු බවද ඔවුහු පවසති
නිවෙස් වල තිබුනු සෑම භාණ්ඩ ජලයෙන් යටවී විනාශ වී තිබේ. ඇතැම් නිවෙස් වල නවතා තිබූ යාන වාහන ද ජලයෙන් යට වී හානි සිදුවී ඇතැයි ඔවුහු පෙන්වා දෙති.
මේ වන විට බොහෝ දෙනකු ආරක්‍ෂිත ස්ථානවලට කැඳවා ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබා දීමට ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීහු යුහුසුළුව වෙහෙසෙන අයුරු දැක ගැනීමට හැකි විය
ලකී වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් බොහෝ දෙනෙකු මෙවන විට ප්‍රදේශයේ දේවස්ථානයක නේවාසිකව නවත්වා තිබේ . ඇතැම් නිවෙස් වල තිබූ ගෘහ උපකරණ සහ බඩු බාහිරාදිය වෙල් යායවල් වල මහමග මෙන්ම අන් අයගේ නිවෙස් වල රැඳී තිබෙනු දැක ගැනීමට හැකි වේ.
