ආහාර විස වෙලා 35ක් රෝහලේ

බුලත්සිංහල, කුකුළු ගොවිපලක සේවකයන්ට ලබාදුන් රාත්‍රී අහාර වේල ගැනීමෙන් පසු ඊයේ (31) දවස පුරා ඇතිවූ විවිධ රෝගී තත්ත්වයන්  හේතුවෙන් 35 කට ආසන්න පිරිසක් බුලත්සිංහල සහ පිඹුර රෝහල්වලට ඇතුළත් කර ඇතැයි බුලත්සිංහල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

ෙකුකුළු ගොවිපල සේවකයන්ට දිනපතා අහාර ලබා දෙන බුලත්සිංහල පිහිටි ආහාර ලබාදෙන ආයතනයක් මගින් මෙම අහාර වේලද සුපුරුදු පරිදි ලබා දී ඇත.

එම අහාර ගැනිමෙන් පසු සේවක පිරිසකට ඇතිවූ ක්ලාන්තය, වමනය, හිසරදය හා  උදරාබාද ඇතුලු විවිධ රෝගී තත්ත්වයන් හේතුවෙන් මෙලෙස රෝහල් ගතකර ඇති බවත්  අගලවත්ත පිඹුර රෝහලට ඇතුලත් කළ රෝගින් 31දෙනෙකු ගෙන් 6 දෙනෙකු ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති අතර ඉන්  25ක් ප්‍රතිකාර ලබන බවත් ඉන් තිදෙනෛකුගේ තත්ත්වය තරමක් බරපතල බවත් රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.

Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments