ව්‍යාජ ඩොලර් සමඟ විදේශිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට

ව්‍යාජ අමෙරිකානු ඩොලර් සන්තකයේ තබාගෙන සිටි විදේශිකයින් දෙදෙනෙකු හබරාදූව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ, ඊයේ (07) හබරාදූව පොලිස් වසමේ පිලල්ල ප්‍රදේශයේ ලැගුම්හලක නවාතැන්ගෙන සිටි මෙම විදේශිකයින් දෙදෙනා විසින් ව්‍යාපාරික ස්ථානයකට ගනුදෙනුවක් සඳහා ව්‍යාජ අමෙරිකානු ඩොලර් 400ක මුදලක් ලබාදුන් බවට ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කළ බවයි.

ඒ අනුව සිදු කළ පරීක්ෂාවේදී, සංචාරක වීසා මත මෙරට රැඳී සිටි සැකකරුවන් සන්තකයේ තිබී තවත් ව්‍යාජ අමෙරිකානු ඩොලර් 5,200ක් සොයාගෙන තිබේ.

එම සිද්ධිය සම්බන්ධයෙන් වයස අවුරුදු 26 සහ 27 වන තජිකිස්තාන ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් ව්‍යාජ විදෙස් මුදල් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මත රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින බව පොලීසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් හබරාදූව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments