වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබේ 

දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින වියට්නාම් ජනාධිපති ටෝ ලාම් පිළිගැනීමේ නිල රාජ්‍ය උත්සවයෙන් අනතුරුව දෙරට අතර අවබෝධතා ගිවිසුම් රැසකට එළැඹුණි. 

ඒ අනුව එහිදී හුවමාරු කරගත් අවබෝධතා ගිවිසුම් සංඛ්‍යාව 05කි.

මෙරට පොලිස් අභ්‍යාස ආයතනය සහ වියට්නාම මහජන පොලිස් අභ්‍යාස ආයතනය අතර පොලිස් පුහුණුව සහ විද්‍යාත්මක පර්යේෂණ සහයෝගීතාව පිළිබඳව වන අවබෝධතා ගිවිසුම,

මෙරට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සහ වියට්නාම විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශ අතර විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයන්හී සහයෝගීතාව පිළිබඳව වන අවබෝධතා ගිවිසුම,

මෙරට බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ වියට්නාම ජනවාර්ගික හා ආගමික කටයුතු අමාත්‍යාංශය අතර ආගමික ක්ෂේත්‍රයේ සංවර්ධනය, ආගමික ශිෂ්‍ය සුබසාධනය, ආගමික විශ්වාස, සිරිත්විරිත් ප්‍රචාරණය සහ ආරක්ෂා කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුම,

මෙරට බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ වියට්නාම සංස්කෘතික, ක්‍රීඩා සහ සංචාරක අමාත්‍යාංශය අතර සංස්කෘතික සහයෝගීතාව පිළිබඳව අවබෝධතා ගිවිසුම,

මෙරට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය හා වියට්නාමයේ සංස්කෘතික, ක්‍රීඩා සහ සංචාරක අමාත්‍යාංශය අතර තොරතුරු සහ සන්නිවේදන ක්ෂේත්‍රයේ සහයෝගීතාව පිළිබඳව වන අවබෝධතා ගිවිසුම,

යන ගිවිසුම් දෙරට අතර හුවමාරු කර ගැනීම සිදුවිය.

මෙම ගිවිසුම් හුවමාරුවෙන් අනතුරුව වියට්නාමයෙන් පොහොර සහනාධාරයක් ද මෙරටට ලබා දෙන ලදී.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments