මහජන ආණ්ඩුවක් ලෙස පහළට ධනය ගලාගෙන එන පියවර දිගටම ගන්නා බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවැසීය.
රට ආර්ථික වශයෙන් සංවර්ධනය කරන්නත් ජනතාවට ආර්ථික ප්‍රතිලාභ ලබා දෙන්නත් කටයුතු කරන බව කී ලාල් කාන්ත මහතා රජය ක්‍රියාත්මක කරන්නේ ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙළක් යැයි සඳහන් කළේය.
‘වාරි මහිම අපේ උරුමය’ ජාතික වැඩසටහනට සමගාමීව ඇළහැර අමුණ ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කිරීමේ වැඩසටහනට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.
මේ රට පාලනය කළේ ප්‍රභූවරු. ලංකාවේ පළවෙනි වතාවට තමයි පොදු මහජනයාගේ පාලනයක් බිහි කරලා තියෙන්නේ. ඒ නිසා බලය ගිලිහුණු ප්‍රභූ පැලැන්තිය කලබල වෙලා ඉන්නේ. ප්‍රභූ නොවන මහජන පාලනයක් මගින් ඇති නැති පරතරය අඩු කරමින් ආර්ථිකය නැවත සක්‍රීය ලෙස දුවවන්න පටන් අරන් තියෙන්නේ. අන්න ඒ කටයුත්තෙදි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ කාර්යයත් විශාලයි. රාජ්‍ය ආයතන වලට අයවැයෙන් ඇති තරම් මුදල් වෙන් කරලා තියෙනවා. ප්‍රශ්නෙ තියෙන්නේ අපේ රාජ්‍ය සේවයට මේ වෙලාවේ නිලධාරීන් ප්‍රමාණය ප්‍රමාණවත් නැහැ යනුවෙන්ද අමාත්‍යවරයා කීය.
