ජල බිල ගැන තීරණය ජුනි 30

ජල බිල ජුනි 30 වැනිදා සමාලෝචනය කරන බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි.

වසරකට දෙවතාවක් ජල බිල සංශෝධනය කරනු ලබන අතර ඒ යටතේ මෙම සංශෝධනය කෙරෙන බව අමාත්‍යවරයා කියයි.

ජල බිල සංශෝධනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් රජයේ ප්‍රකාශකයෙක් පැවසූයේ වර්තමානයේ පැන නැගී ඇති තත්ත්වයන් මෙන්ම විදුලි බිල ඉහළ යාම පිළිබඳව සලකා බලා මෙම ජල බිල සංශෝධනය සිදු කෙරෙනු ඇති බවයි.

කෙසේ වුවද ජල ගාස්තු සංශෝධනයේදී ජනතා පීඩනය අවම වන අයුරින් කටයුතු කෙරෙනු ඇතැයි ද රජයේ ප්‍රකාශකයා කීය.

Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments