සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ජුනි මැද

2025 මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ  ප්‍රතිඵල ජුනි මස මැද වන විට නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග ප්‍රතිඵල නුදුරු දිනක දී නිකුත් වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන ප්‍රචාර පිළිබඳව “අද දෙරණ” කළ විමසීමක දී විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පැවසුවේ ප්‍රතිඵල නිකුත් කෙරෙන නිශ්චිත දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත් කළ නොහැකි බවය.

කෙසේවෙතත් ජුනි මස මැද වන විට සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව ඇය සඳහන් කළාය.

2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පසුගිය පෙබරවාරි 17 වැනිදා සිට 26 වැනිදා දක්වා පැවැත්වුණු අතර ඒ සඳහා අපේක්ෂකයින් 4 51,463 දෙනෙකු පෙනී සිටියේය.

ඉන් 382,249 දෙනෙකු පාසල් අයදුම්කරුවන් වන අතර 69,214 දෙනෙකු පෞද්ගලික අයදුම්කරුවන් බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.

Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments