වෙසක් පොහොයෙන් සිරිපා වන්දනා සමය අවසන්

මෙවර සිරිපා වන්දනා සමය හෙටට (30 වැනිදා) යෙදෙන වෙසක් පුර පසළොස්වක පොහොය දිනයෙන් නිල වශයෙන් අවසන් වීමට නියමිතය. ඒ අනුව වෙසක් පොහෝ දිනයට පසු දිනයේදී ශ්‍රීපාද උඩමළුවේ සිට සධාතුක කරඬුවට සහ සුමන සමන් දෙවියන්ගේ රන් පිළිමයට පුදපූජා පැවැත්වීමෙන් අනතුරුව මෙම සිරිපා වන්දනා සමය අවසන් වනු ඇත.

ඉන් අනතුරුව සධාතුක කරඬුව සහ සමන් දේව ප්‍රතිමාව ශ්‍රීපාදස්ථානයේ සිට පෙරහරකින් ගල්පොත්තාවල රජමහා විහාරස්ථානය දක්වා වැඩම කරනු ලබයි. නල්ලතන්නිය ශ්‍රීපාද ධර්ම මධ්‍යස්ථානයේ සිට ගල්පොත්තාවල ශ්‍රීපාද රජමහා විහාරය දක්වා මෙම පෙරහර ගමන් කරනු ඇත

Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments