ශ්‍රී ලංකා ජාතික අපනයන සංවර්ධන සැලැස්ම – 2026-2030’ ශ්‍රී ලංකාවේ අපනයන සංවර්ධනය සහ ප්‍රවර්ධනය සඳහා වූ නිල උපායමාර්ගික රාමුව ලෙස පිළිගැනීම සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව අමාත්‍ය මණ්ඩලය විසින් මේ අනුමැතිය දී ඇත.
2030 වර්ෂය වන විට වෙළෙඳ භාණ්ඩ හා සේවා අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 36ක
විදේශ විනිමය ඉපයීම ඉලක්ක කර ගනිමින්, ශ්‍රී ලංකාවේ අපනයන සංවර්ධන ක්‍රියාවලිය මෙහෙයවීම සහ අධීක්ෂණය කිරීම සඳහා එම සැලැස්ම මඟින් පුළුල් උපායමාර්ගික රාමුවක් සපයනු ලබයි.
අපනයන තරගකාරිත්වය වැඩිදියුණු කිරීම සහ අපනයනය මූලික කර ගත් තිරසර ආර්ථික වර්ධනයක් සඳහා ජාතික ප්‍රමුඛතාවක් ලෙස ජාතික අපනයන සංවර්ධන සැලැස්ම සකස් කිරීම සඳහා 2025 අයවැය මඟින් යෝජනා කරන ලදී. ඒ අනුව, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් අපනයන ක්ෂේත්රයට සම්බන්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ පාර්ශ්වකරුවන් සමඟ එක්ව, ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රතිපත්ති පාදක ණය වැඩසටහන යටතේ තාක්ෂණික සහාය ලබා ගනිමින් ජාතික අපනයන සංවර්ධන සැලැස්ම 2026–2030 සකස් කරනු ලැබ ඇත.
