දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්

 කන්කසන්තුරය සිට මන්නාරම හරහා හලාවත දක්වා සහ මාතර සිය හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම මුහුදු ප්‍රදේශවල සුළං වේගය, පැයට කිලෝමීටර 55 – 65ත් දක්වා ඉහළ යා හැකියි.

දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශවල සුළං වේගය, පැයට කිලෝමීටර 50ක් දක්වා ඉහළ යා හැකියි.

ධීවර සහ නාවික ප්‍රජාව ඒ සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් කටයුතු කළ යුතු බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

මේ අතර, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත් වලටත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වලටත් අද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

ඌව පළාතේත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්ක වලටත් පස්වරු 1 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ, වර්ෂාව පැවතුනද කිසිදු ගංගාවක ජල මට්ටම් ගංවතුර මට්ටමක් දක්වා ශීඝ්‍රයෙන් වැඩිවිමේ අවදානමක් මතුව නොමැති බවයි.

කෙසේ වෙතත් කළු , නිල්වලා, ගිං හා කැලණි ගංගාවල ඇතැම් ස්ථානවල ජල මට්ටම් ඉහළ අගයක තවදුරටත් පවතියි.

Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments