අමෙරිකාව – ඉරානය ‘තනි පිටුවේ ගිවිසුමකට’ ළංවෙයි ?

අමෙරිකාව සහ ඉරානය අතර යුද්ධය අවසන් කරන ‘තනි පිටුවේ ගිවිසුමකට’ දෙපාර්ශ්වයම ළංවී ඇති පුවතක් වාර්තාවීමත් සමග, ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිලේ කැපී පෙනෙන අඩුවීමක් සිදුව තිබේ.

ඒ අනුව අද (6) දිනයේ බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල 9.3%කින් පහළ ගොස්, ඩොලර් 99.64ක් වී ඇත.

එමෙන්ම අමෙරිකාවේ ප්‍රධාන තෙල් කොටස්කරුවා වන වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් බැරලයක මිලද 10.7%කින් පහළ ගොස් ඩොලර් 91.33ක් වී තිබේ.

හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කර, යුද්ධය අවසන් කිරීම සඳහා ඉරානය සමග මෙම එළැඹීමට අමෙරිකාව සූදානම් බවට අදාළ තොරතුරු වාර්තා විය.

දෙපාර්ශ්වය අතර සාම සාකච්ඡා සඳහා මැදිහත්කරුවෙකු ලෙසින් කටයුතු කළ පාකිස්තාන මූලාශ්‍රයක් පදනම්කරමින්ද අදාළ තොරතුරු සත්‍යාපනය කර තිබුණි.

“අපි යුද්ධය ඉතා ඉක්මනින් අවසන් කරනවා. අපි ඒ වෙත ළඟා වෙමින් සිටිනවා. ගිවිසුම මගින් ගැටුමට ස්ථිර අවසානයක් ඇති වන බව සහතික කිරීමට කටයුතු කරනවා” යනුවෙන් පාකිස්තාන විදේශ අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශයක් උපුටා දක්වමින් ඒ බව අනාවරණය කර ඇත.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments