ලෝක බැංකු නියෝජිත කණ්ඩායමක් ජනාධිපති ලේකම් හමු වෙයි

මෙරට ආදායම් උත්පාදනය කරන රාජ්‍ය ආයතනයන්හි නව්‍යකරණ සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට අවශ්‍ය සහාය ලබා දෙන බව ලෝක බැංකුවේ මෙරට කළමනාකරු Gevorg Sargsyan පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, කළමනාකරු ඇතුළු තුළු නියෝජිත කණ්ඩායමක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (06) පෙරවරුවේ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමුවූ අවස්ථාවේදීය. 

එහිදී ආදායම් උත්පාදනය කරන රාජ්‍ය ආයතනයන්හි ප්‍රතිසංස්කරණ සහ නව්‍යකරණ කටයුතු හා රාජ්‍ය සේවකයින්ගේ සුපිළිපන්නභාවය ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙල පිළිබඳව මෙහිදී විශේෂ සාකච්ඡාවට බදුන් කෙරිණි. 

රජයේ ආදායම් උපයන ආයතනවල ප්‍රතිසංස්කරණ හා නවීකරණය සඳහා වන වැඩසටහන් හා එහි ප්‍රගතිය  සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණු අතර, ඒ සඳහා ලෝක බැංකුවේ සහාය ලබාදීම පිළිබඳවද සාකච්ඡා කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.   

රාජ්‍ය ආයතනයන්හි ප්‍රතිසංස්කරණ හා නව්‍යකරණය වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ස්ථාපිත රාජ්‍ය පරිපාලන, ප්‍රතිසංස්කරණ හා නව්‍යකරණ කාර්යාංශයේ කටයුතු පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් කර ඇත.

ඉදිරියේදී එම ආයතනය සමග ලෝක බැංකුව සම්බන්ධ වී කටයුතු කිරීම කෙරෙහි අවධානය යොමු විය.

රාජ්‍ය ආයතනයන්හි නිලධාරීන්ගේ සුපිළිපන්නභාවය ආරක්ෂා කරගැනීම සඳහා ස්ථාපිත කර ඇති අභ්‍යන්තර කටයුතු ඒකක හා බැඳුනු වැඩපිළිවෙලට ලෝක බැංකු නියෝජිතයන් සම්බන්ධ වී කටයුතු කිරිමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී වැඩිදුරටත්  සාකච්ඡා කෙරිණි. 

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments