බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ අවට ප්‍රදේශවල පිහිටා ඇති ඇළමාර්ග පිරිසිදු කිරීමේ සහ ඒවායේ ධාරිතාව වැඩිදියුණු කිරීමේ කටයුතු ඊයේ (04) ආරම්භ කර තිබේ.
ඒ, ගුවන්තොටුපළ වෙත පිවිසෙන මාර්ග ජලයෙන් යටවීමේ ගැටලුව සම්බන්ධයෙන් පසුගිය මැයි මස 28 වෙනිදා වරාය සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතාගේ මූලිකත්වයෙන් පැවති විශේෂ සාකච්ඡාවේදී ගත් තීරණයක් අනුවය.
මෙම ක්‍රියාවලිය සඳහා නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් කාර්යසාධක බලකායක් ද පත් කළ බව අමාත්‍යාංශය සඳහන් කළේය.
අදාළ ආයතන එක්ව මෙම ගැටලුව සඳහා කඩිනම් විසඳුම් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්ය.
ඒ අනුව ඇළමාර්ගවල පවතින අවහිරතා ඉවත් කිරීම, ඒවායේ ධාරිතාව ඉහළ නැංවීම සහ වැසි ජලය ගලායාම විධිමත් කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු වේ.
මෙම ක්‍රියාමාර්ග මගින් ගුවන්තොටුපළ ප්‍රවේශ මාර්ග ජලයෙන් යටවීම අවම කිරීමට පමණක් නොව, අධික වර්ෂාපතන අවස්ථාවලදී අවට ප්‍රදේශවල ජනතාව මුහුණ දෙන ගංවතුර අවදානම ද සැලකිය යුතු ලෙස අවම කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ගුවන් මගීන් සහ මහජනතාව මුහුණ දෙන අපහසුතා අවම කිරීම සඳහා කෙටිකාලීන ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාත්මක කරන අතරම, ගැටලුවට ස්ථිර හා තිරසාර විසඳුම් ලබාදීම සඳහා දිගුකාලීන වැඩපිළිවෙළක් ද අදාළ ආයතනවල සහයෝගයෙන් ඉදිරියට ගෙන යාමට නියමිතය.
