පක්ෂ ලේකම් කෙනෙක් මැතිවරණ දින කියන්නේ කොහොමද?

කොහෙවත් යන පක්ෂ ලේකම් කෙනෙක් ඡන්ද පවත්වන දින කියන්නේ කොහොමදැයි පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

මැතිවරණ පිළිබඳ තීරණය කළ යුත්තේ පාර්ලිමේන්තුව සහ මැතිවරණ කොමසාරිස්වරයා බවද නාමල් රාජපක්ෂ මහතා කීය.”මම දැක්කා පහුගිය දිනක මේ ආණ්ඩුවේ පක්ෂෙක  මහලේකම්වරයා යාපනයේ ගිහින් කියනවා මැතිවරණය තියන්නේ නෑලු.

මැතිවරණයක් තියන්න ඕනද නැද්ද කියල කියලා කියන්න ඕනේ පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි.මේ කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද කියන්නේ ඡන්දෙ තියෙන දවස.පක්ෂෙක ලේකම් කෙනෙක්ට එහෙම කියන්න බෑ ඡන්දෙ තියන්නේ අහවල් දවසේ කියලා.

යනුවෙන්ද නාමල් රාජපක්ෂ මහතා කීය.

ෙනාමල් රාජපක්ෂ මහතා මේ බව කීවේ පානදුරයේ පැවති ජන රැළියකදීය.

Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments