කුඩා වැල්ල ධීවර වරායේ වෙඩි තැබීමක්

කුඩා වැල්ල ධීවර වරාය තුළදී අද (05) දහවල් වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලීසිය පවසයි.

වෙඩි තැබූ බවට සැක කරන පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇතැයිද තංගල්‍ල මූලස්ථාන පොලිසිය පැවසීය.

කුඩා වැල්ල ප්‍රදේශයේ මාළු ව්‍යාපාරිකයෙකු බීමත්ව ධීවර වරායට පැමිණ අහසට වෙඩි තබා ඇතැයිද ගිනි අවියෙන් සිව් වතාවක් පමණ අහසට වෙඩි තබා ඇති බවට පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට පත් ව්‍යාපාරිකයාට නීත්‍යයානුකූලව ලබා දී තිබූ ගිනි අවියකින් මෙලෙස වෙඩිතැබීම සිදුකර ඇතැයිද පොලිසිය වැඩිදුරටත් පැවසීය.

Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments