චීන ජනාධිපති ෂී ජින්පිං එළැඹෙන සතියේ උතුරු කොරියාවේ නිල සංචාරයක නිරත වන බව දෙරටම අද (5) නිල වශයෙන් නිවේදනය කළේය.
මෙය වසර 7කට ආසන්න කාලයකින් පසු, එනම් 2019 වසරෙන් පසුව චීන ජනාධිපති උතුරු කොරියාවේ සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙයයි.
න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ තම අසල්වැසි රාජ්‍යය වන උතුරු කොරියාව සමග පවතින සමීප සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා චීනය ගන්නා උත්සාහයන්හි තවත් එක් ඉදිරි පියවරක් ලෙස මෙම සංචාරය සැලකේ.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ චීන සංචාරයෙන් සති කිහිපයකට පසුව මෙම සංචාරය සිදුවීම ජාත්‍යන්තර විශේෂ අවධානයට ලක්ව තිබේ.
