බැසිල් මට වඩා ආශ්‍රය කළේ ආණ්ඩුවේ උදවිය

බැසිල් රාජපක්ෂ එක්ක මට වඩා මේ ආණ්ඩුවේ අය හුඟාක්  ලඟින් ආශ්‍රය කර තියෙන බව පොදු ගැන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

ඒ අයට බැසිල් හැමදාම හවසට කතා කර රටේ තත්ත්වය විමසන බවද නාමල් රාජපක්ෂ මහතා කීය.

“බැසිල් රාජපක්ෂ එක්ක මට වඩා මේ ආණ්ඩුවේ අය හුඟාක්  ලඟින් ආශ්‍රය කරලා තියෙනවා 2005 ඉඳන්. ඉතින් දැන් ඒ අය හවසට හැමදාම කතා කරලා දැන් මොකද්ද රටේ තත්වේ මොකක්ද කියලා අහන වෙලාවට එන්නේ කවද්ද කියලා අහගත්තොත් හොඳයි. මගෙන් අහන්නේ නැතුව. මොකද මට වෙන්නේ බාප්පා. ඒ අයට  යාළුවෝ යනුවෙන්ද නාමල් රාජපක්ෂ මහතා කීය.

නාමල් රාජපක්ෂ මහතා මේ බව කීවේ කොළඹදී මාධ්‍යයට ප්‍රකාශයක් කරමිනි.

Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments