28.2 C
New York
July 7, 2025
Hot NewsLocal News

අවශ්‍ය කරන සැකකරුවෙක් – දැක්කොත් පොලීසියට කියන්න

අවශ්‍ය කරන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා සිටී.

පසුගිය වසරේ දෙසැම්බර් මස 28 වන දින සීදූව පොලිස් වසමේ ලිනගේමුල්ල, සීදුව ප්‍රදේශයේ දී මෝටර් රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයින් කිහිපදෙනෙකු විසින් අදාළ ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයින් තිදෙනෙකුට ටී – 56 ගිනිඅවියකින් වෙඩිතබා දෙදෙනෙකු ඝාතනය කර තිබුණි.

එහිදී එක් අයෙකුට තුවාල සිදුව තිබූ අතර ඒ අනුව සීදූව පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කළේය.

ඒ අනුව අදාළ අපරාධයට සම්බන්ධ සැකකරුවෙකු මේ වනවිට පදිංචිය හැරගොස් පලාගොස් ඇතැයි අනාවරණය වී තිබේ.

මොහොමඩ් අස්මන් ශෙරීෆ්ඩීන් නැමති රද්දොළුගම, කටුවන පාර, හෝමාගම ලිපිනයේ පදිංචි අදාළ සැකකරුගේ ඡායාරූපයක් ඉහතින් දක්වා ඇති අතර, සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වෙත දැනුම්දෙන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

ස්ථානාධිපති – සීදූව – 071 8591637
පොලිස් ස්ථානය – සීදුව – 0112 253 522

Related posts

ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය කියන්නේ රටට මග කියන ඉහළ මට්ටමේ සංකල්පීය රාමුවක්..- රජයෙන් නිවේදනයක්..

IndusaraMedia

උසස් පෙළ ඉහළින් සමත් සිසුන්ට පළමු උපාධිය විදෙස් සරසවියක හැදෑරීමට අවස්ථාව

IndusaraMedia

මැතිවරණ නීති කඩන හැටි අගමැතිනි උගන්නයි..

IndusaraMedia

මාලිමා පුංචි ආණ්ඩුවෙන් ලොකු වැඩක්.. අලුත් සභාපති සුඛෝපභෝගී පුටුව අතහැර වේවැල් පුටුවක් ගනී..

IndusaraMedia

වෙනස් වෙන්න නැත්නම් අපි වෙනස් කරනවා -ජනපති

IndusaraMedia

මහ බැංකුවෙන් නිවේදනයක්

IndusaraMedia

Leave a Comment