23.4 C
New York
July 7, 2025
Hot NewsPolitical News

මහින්දානන්දට ඇප

ඉකුත් රජය සමයේ ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (26) නියම කළාය. 

අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය. 

ඒ අනුව සැකකරු රුපියල් පනස් දහසක මුදල් ඇප සහ රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප පහක් මත මුදා හැරීමට නියම කළාය.

එම ඇපකරුවන් අතරින් දෙදෙනෙකු ළඟම ඥාතීන් විය යුතු බවත් නියෝගයේ සඳහන් විය. 

ඊට අමතරව සැකකරුගේ විදේශ ගමන් තහනම් කෙරුණු අතර විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවටත් මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

එමෙන්ම සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත් විමර්ශනවලට අවශ්‍ය සහාය ලබා දෙන ලෙසත් වැඩිදුරටත් මහෙස්ත්‍රාත්වරිය විසින් සැකකරුට නියෝග කළාය.

Related posts

ජනපති අනුර හෙට ජර්මනියට

IndusaraMedia

වියදම් පෙන්නන්න අපේක්ෂකයන්ට දින දෙයි

IndusaraMedia

මීමුරේට එන්න එපා

IndusaraMedia

හොරණ – කොළඹ පෞද්ගලික බස් ධාවනයෙන් ඉවත්වෙයි

IndusaraMedia

මාස 7කට වෙඩිතැබීම් 79ක් – ජීවිත 52ක් අහිමිවෙයි

IndusaraMedia

අලුත් එයාර් බස් එකට මාසෙකට ඩොලර් 275,000ක ගාස්තුවක් ගෙවන්න ඕනලු

IndusaraMedia

Leave a Comment