24.3 C
New York
July 7, 2025
Hot NewsLocal News

පාසල් සිසුන්ට නොමිලයේ බෙදන්න දුන් එළවළු තෙල් බෙදනා නෑ, කලුත් ඉකුත් වෙලා

ලෝක ආහාර වැඩසටහන යටතේ රුසියානු ආධාරයක් ලෙස  පාසල් සිසුන්ට නොමිලේ බෙදාහැරීමට ආහාර දෙපාර්තමේන්තුවේ වේයන්ගොඩ ගබඩාවෙන් බලපිටිය විවිධ සේවා සමුපකාර සමිතියට එවා තිබියදී කල් ඉකුත්වූ එළවළු තෙල් බෝතල් තොගයක් සොයා ගැනීමට බලපිටිය විවිධ සේවා සමුපකාර සමිතියට සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් පත් කළ සභාපතිනිය ඇතුළු නිලධාරීහු සමත් වූහ

ලැබුණු තොරතුරකට අනුව බලපිටිය විව්ධ සේවා සමූපකාර සමිතියේ සභාපතිනි ජීවන්ති ගුණසේකර මහත්මිය ඇතුළු පත් කළ අධයක්ෂවරුන් දෙදෙනා සහ සමුපකාර සංවර්ධන නිලධාරී සුජීව මංගල මහතා මේ එළවළු තෙල් තොගය ගබඩාකොට තිබූ බලපිටිය විවිධ සේවා සමුපකාර සමිතියේ බලපිටිය තොග ගබඩාවට ගොස් එම එළවළු තෙල් බෝතල් තොගය පරීක්ෂා කළහ.

එක පෙට්ටියක  ලීටරය බැගින්වූ බෝතල් 15ක් අඩංගු එළවළු තෙල් බෝතල් පෙට්ටි විසිඑකක් (එළවළු තෙල් බෝතල් 315)මෙහි තිබූ අතර එම තෙල් බෝතල් තොගයම 2025අපේල් මස 25 වැනිදා කල් ඉකුත් වන බවද සදහන් කොට තිබිණ.තවද එම එළවළු තෙල් අලෙවි කිරීමට නොවන බවද සඳහන් කර තිබිණ.

බලපිටිය විව්ධ සේවා සමුපකාර සමිතියට අලුතින් පත් සභාපතිනි ජීවන්ති ගුණසේකර මහත්මිය ඇතුළු අධ්‍යක්ෂක්වරුන් දෙදෙනා සහ සමුපකාර පරීක්ෂක සුජීව මංගල මහතා එම එළවළු තෙල් බෝතල් තොගය අලෙවි කිරීමට නොවේ යයි සඳහන් දැන්වීමක් එම පෙට්ටිවල ඇලවීමට කටයුතු කළහ.

පාසල් සිසුන්ට බෙදා හැරීමට ගබඩා කොට තිබූ  මේ එළවළු තොගය මෙසේ කල් ඉකුත්වන තෙක් සිය ගබඩාවේ තැන්පත් කොට තැබුවේ ඇයිද යන්න බලපිටිය විවිධ සේවා සමුපකාර සමිතියෙන් අප කළ විමසීමකදී එහි පකාශකයකු කීවේ මේ එළවළු තෙල් තොගය පාසල් සිසුන්ට නොමිලේ බෙදා හැරීමට වේයන්ගොඩ ආහාර ගබඩාවෙන් සිය ආයතනයට ලැබුණු බවත් ඒ අනුව සිය ආයතනය මගින් තමන්ට දැන්වූ පාසල්වලට තෙල් තොගය බෙදා හැරිය බවත්ය.එහිදී මේ තෙල් තොගය ඉතුරුවූ බවත් ඒ සම්බන්ධයෙන් තමන්ට තෙල් ලබාදුන් ආයතනය දැනුවත් කළද ඔවුන් එම එළවළු තෙල් තොගය ආපසු ගෙන නොගිය බවත් කීය.

සිය ආයතනය කළේ මේ තෙල් තොගය ප්‍රවාහනය කිරීම බවත් ඒ සඳහා ප්‍රවාහන ගාස්තු ද ලැබුණු බවත්ය.මේ ඉතුරුවූ එළවළු තෙල් තොගය රැගෙන යන ලෙසට අදාළ ආයතනයට අවස්ථා කිහිපයකදී දැනුම් දුන්නත් ඔවුන් ඒවා රැගෙන නොගිය බවත් එම ආයතනය රැගෙන නොගිය මේ එළවළු තෙල් තොගය විසි කිරීමට හෝ අලෙවි කිරීමට හෝ වෙනයම් කාරණයකට තමන්ට ගැනීමට බලයක් හෝ වගකීමක් නැති නිසා  එළවළු තෙල් තොගය සිය ගබඩාවේ ගබඩා කොට තිබූ බවත් එම පකාශකයා වැඩිදුරටත් කීය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන බවත් දැනට කළ මූලික විමර්ශනයේදී මේ එළවළු තෙල් තොගය කල් ඉකුත්වීමේ වරද බලපිටිය විවිධ සේවා සමුපකාර සමිතියේ බලධාරීන්ට පැවරිය නොහැකි බවත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් පත් කළ බලපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ අධයක්ෂ මණ්ඩලය පවසයි.

සුසිල් ප්‍රියන්ත

Related posts

වතිකානයෙන් කළු දුමාරයක් පිටවෙයි – පාප්වහන්සේ තේරීම කල්යයි

IndusaraMedia

තායිවානයේදී නදීෂාට රිදී පදක්කමක්

IndusaraMedia

ලිට්‍රෝ මෑන්පවර් සේවකයින් වර්ජනයක

IndusaraMedia

ඇමරිකා තීරු බද්දෙන් වන පාඩුව අනෙක් රටවලින් අල්ලනවා

IndusaraMedia

තංගල්ලේ මාරක රිය අනතුරක්

IndusaraMedia

ජපන් වැසියන් බිය කළ අනාවැකිය – හෙට දවස තීරණාත්මකයි

IndusaraMedia

Leave a Comment