23.4 C
New York
July 7, 2025
Hot NewsLocal News

අලුත් ’’කොවිඩ්’’ රැල්ලක්: සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න

එන්.බී .1.8.1 ලෙස හඳුන්වන නව කොව්ඩ් -19 ප්‍රභේදය රෝගීන් ගෝලීය වශයෙන් නැවත ඉහළ නංවමින් සිටින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසීය.

ඔමික්‍රොන් හි උප පරම්පරාවක් වන මෙය ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධීක්ෂණය යටතේ පවතින ප්‍රභේදයක් ලෙස නම් කර ඇතැයිද මහාචාර්යවරයා සඳහන් කළේය.

නව ප්‍රභේදය මුල් වරට හඳුනා ගනු ලැබුවේ මේ වසරේ ජනවාරි මාසයේදීය.

එදින සිට මෙම ප්‍රභේදය රටවල් ගණනාවකින් හඳුනා ගැනුණු බවද චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කළේය.

මේ තත්වය යටතේ ජනතාව හැකි සෑම විටම සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම සහ විධි අනුගමනය කිරීම නුවණට හුරු බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.

(සුජිත් හේවාජුලිගේ)

Related posts

රු. කෝ. 10ක් වංචා බැංකුවට වංචා කළ එම බැංකුවේම නිලධාරිනියන් දෙන්නෙක් අල්ලයි

IndusaraMedia

කොංගෝවේ යාත්‍රාවක ගින්නකින් 50ක් මරුට 

IndusaraMedia

සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය හරහා සිදුකරන පළකිරීම් ගැන නීතිඥ සංගමයෙන් නිවේදනයක්

IndusaraMedia

යුද සමයේ ඉන්දියාවට පලාගිය සරණාගතයින්ට මෙරටට පැමිණීමට තිබූ බාධා ඉවතට

IndusaraMedia

පළාත් සභා මැතිවරණයත් ළඟ ළඟම එන ලකුණු

IndusaraMedia

බලය පිහිටුවන්න මාලිමාවෙන් මටත් කතා කලා.. ඇන්ටිජන් හොරා නිසා මං බෑ කීවා..- දිලිත්

IndusaraMedia

Leave a Comment