24.3 C
New York
July 7, 2025
Hot NewsLocal News

ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය කියන්නේ රටට මග කියන ඉහළ මට්ටමේ සංකල්පීය රාමුවක්..- රජයෙන් නිවේදනයක්..

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි

ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය පිළිබඳව පැහැදිළි කිරීමයි.

ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම පිළිබඳ විවිධාකාරයේ කරුණු විකෘති කිරීම හා සාවද්‍ය අර්ථ කථනයන් ඇතැම් මාධ්‍ය විසින් පළ කරන බව පෙනේ.

ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් යනු මාධ්‍ය නිදහස ද ඇතුලු භාෂණයේ නිදහසට ඇති මූලික අයිතිය එක් පසෙකින් ද, මාධ්‍යයේ වගකීම, වගවීම සහ මහජන සුභසිද්ධිය රැක ගැනීමේ අවශ්‍යතාව අනෙක් පසින් ද තුලනය කර ගැනීමට රටකට මග පෙන්වන ඉහළ මට්ටමේ සංකල්පීය රාමුවකි. එබැවින් ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් පිළිබඳව දීර්ඝ කාලයක සිට සංවාදයක් ඇති වී තිබිණි.

ජාතික මාධ්‍ය ප්‍රතිපත්ති කෙටුම්පතක් සම්පාදනය කිරීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් පහසුකම් සලසන ලද අතර, ඒ පිළිබඳ සියළුම තීරණ ගනු ලැබුවේ ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් 2023 මැයි මාසයේ පත් කරන ලද 23 දෙනකුගෙන් සමන්විත බහු පාර්ශ්වික මෙහෙයුම් කමිටුවේ සාමාජිකයින් විසිනි.

එම කමිටුවට මාධ්‍ය කර්මාන්තය සහ වෘත්තීය නියෝජනය වෙනුවෙන් තෝරා ගන්නා ලද නියෝජිතයන් ඇතුළත් විය. මීට අමතරව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්, රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ආයත්න මාධ්‍ය අධ්‍යාපනයේ හා පර්යේෂණයේ නිරත විද්වතුන් කිහිප දෙනෙකු හට ද ආරාධනා කරන ලදී.

2023 මැයි මස සිට දෙසැම්බර් දක්වා කමිටුව අට වරක් රැස් වූ අතර, 2023 සැප්තැම්බර් සිට නොවැම්බර් වකවානුවේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයට අදාළ විවිධ පාර්ශ්වකරුවන්ගේ අදහස් වීමසීමේ රැස්වීම හතක් පවත්වන ලදී.

විවිධ ජනමාධ්‍ය සංවිධාන, මාධ්‍ය ඇදුරන්, මාධ්‍ය හිමිකරුවන් හා කළමනාකරුවන් සහ අදාළ බොහෝ පාර්ශ්වයන් වෙතින් ලබාගත් අදහස් කැටිකර ගත් ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් සඳහා වන මූලික කෙටුම්පතක් මේ වන විට සකස් කර ඇත.

මේ ක්‍රියාදාමය අවසානයක් දක්වා ඉදිරියට ගෙන යාම රජයේ අපේක්ෂාවයි. ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු හා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් 2025 මැයි 14 දින ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී මාධ්‍ය සංවිධාන සමඟ පැවති සාකච්ඡාවේදී ද මේ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමේ අවශ්‍යතාවය ඉස්මතු විය.

ඒ අනුව මාධ්‍ය සංවිධාන නියෝජිතයින්ගේ අදහස් ලබා ගැනීමේ තවත් සාකච්ඡාවක් පසුගිය මැයි 28 වනදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි.

රජය සහ ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍යංශය මේ සඳහා පහසුකම් සැපයීම පමණක් සිදු කරන අතර ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්, විද්වතුන් හා මාධ්‍ය සංවිධාන වෙත අදාළ ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය සැකසීමේ වගකීම පවරා ඇත. ඒ සඳහා තවත් සාකච්ඡා වට ප්‍රමාණයක් ද පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

ඒ සම්බන්ධයෙන් පළ වන සාවද්‍ය වාර්තා කරණයන් නිවැරදි කිරීම සඳහා මෙම තත්ත්වය ඔබ වෙත කාරුණිකව දන්වා සිටිමි.

එව එස්. කේ. ජේ. බණ්ඩාර
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

Related posts

ඉන්ධන හිඟයක් ඇති නොවන බවට ආණ්ඩුවෙන් සහතිකයක්

IndusaraMedia

සෞඛ්‍යාරක්ෂිතව පවත්වාගෙන නොගිය දන්සල් 8ක් අත්හිටුවයි

IndusaraMedia

අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පතට කථානායකගේ සහතිකය

IndusaraMedia

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොමැති වීම ඡන්දය භාවිත කිරීමට බාධාවක් නෙමේ – මැතිවරණ කොමසාරිස්

IndusaraMedia

ජපන් වැසියන් බිය කළ අනාවැකිය – හෙට දවස තීරණාත්මකයි

IndusaraMedia

රාජගිරියේ ගින්නක්

IndusaraMedia

Leave a Comment