23.4 C
New York
July 7, 2025
Hot NewsPolitical News

සුරතලුන්ගේ දත්තත් රටට කියලා දැන් පනත් ගේනවා

ඡන්ද වේදිකාවේ දේශපාලකයන්ගේ සුරතලුන්ගේ දත්ත පවා හෙළිදරව් කළ ආණ්ඩුවේ උදවියට දත්ත ආරක්‍ෂාව ගැන කතා කරන්නට සදාචාරාත්මක අයිතියක් තිබේදැයි පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

දත්ත ආරක්‍ෂණ පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට සහභාගී වෙමින් මන්ත්‍රීවරයා මේ බව කීය.

“දත්ත ආරක්ෂණ පනතට සංශෝධන ගෙන ඒම ඉතා හොඳ දෙයක්. මේක කරන්න තිබුණේ අවුරුදු කීපයකට පෙර. අවාසනාවකට එය සිදුවුණේ නැහැ.මේ ක්ෂේත්‍රය සඳහා කාර්ය මණ්ඩල බඳවා ගැනීම අවශ්‍ය බව ජනාධිපතිවරයාත් කියනවා.ඒ සඳහා රජය විසින් ගත යුතු ක්‍රියාමාර්ග පරක්කු වන නිසා ඩිජිටල් යාන්ත්‍රණය පරක්කු කිරීම සාධාරණ නැහැ.ඊට අවශ්‍ය කාර්ය මණ්ඩල බඳවා ගන්නවත් ආණ්ඩුව කටයුතු කර නැහැ.මේ පනත ගැන ජවිපෙ ආණ්ඩුවකින් කතා කිරීම සතුටුයි.අප මේ පනත මුලින් පාර්ලිමේන්තුවට ගේන කොට ඔබලා විවේචනාත්මකව කතා කළා.

ජනතාවගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්න ඔබට සදාචාරාත්මක අයිතියක් තිබේද? යනුවෙන් මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

Related posts

රුවන්වැලි සෑයට බෝම්බ ප‍්‍රහාරයක් ගැන ඔත්තුවක්.. පොලිස් රැකවල් දැඩි කරයි..

IndusaraMedia

තහනම් කාලයේ ඇමතිවරයෙක් ජන හමුවක..? වීඩියෝ කරනු දැක පැන ගිහින්..

IndusaraMedia

කොළඹ දින්න ඩීල් එක පෙරටුගාමීන් හෙලි කරයි…

IndusaraMedia

ළඟදීම විදුලි බිලේ වෙනසක් ?

IndusaraMedia

රටවල් 12ක පුද්ගලයන්ට ඇමෙරිකාවට ඇතුළුවීම තහනම්

IndusaraMedia

බෝම්බ බියක් හේතුවෙන් දිල්ලි බලා ගිය Air India ගුවන්යානයක් හරවා යවයි

IndusaraMedia

Leave a Comment