hacklink hack forum hacklink film izle hacklink casibomcasibom girişdepo 10kgalabetbetpipo giriştekelbet,tekelbet giriş,tekelbahis,tekel bahis,tekel betcasibomsahabetmatbettipobethttps://algototo.com/xmtrading

අපි ගත්ත ප්ලේන් එක නිසා ජනතාව සතුටු වෙනවා දැකලා මට කදුළු ආවා…- බිමල්

මිලට ගැනීමට හෝ කිසිවකු නොමැතිව බංකොලොත් තත්ත්වයට පත්ව තිබූ ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය මාස හයක් වැනි කෙටි කාලයක් ඇතුළත නව ගුවන් යානයක් ගැනීමට තරම් ඉහළ තත්ත්වයකට ගෙන ඒමට සමත් වූ බව අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කරයි.

නව ආණ්ඩුව ඉතාම මහන්සියෙන් මාස හයක් වැනි කාලයක් ඇතුළත මෙම තත්ත්වයට ශ්‍රී ලංකන් ආයතනය ගෙනවිත් තිබෙන බවද ඔහු කියා සිටියි.

මෙරට සමාජ ජාලා ඔස්සේ එම ගුවන් යානයට ලැබුණු පිළිගැනීම දැක තමන්ගේ ඇස් වලට කඳුළු පැමිණි බවද අමාත්‍යවරයා කියා සිටියේය.

කොතරම් හොඳ දෙයක් කළත් සියල්ල නරක ලෙසට ගන්නා පිරිසක් කොහොමත් සිටිනා බවත් ආණ්ඩුව පැමිණ ජනතාවට හොඳ දෙයක් කරන විට එයද පිළි නොගන්නා පිරිස් සිටින බවත් ඒ මහතා තවදුරටත් පැවසුවේය.

‘වැදගත්ම දේ තියෙන්නේ ශ්‍රීලංකන් ගුවන් සේවය බංකලොත් වෙලා ගන්නත් කෙනෙක් හිටියේ නෑහ.

එතකොට අර ඉතාම මහන්සියෙන් අපි මාසයක් වගේ ඇතුලත ශ්‍රී ලංකන් ගුවන් සේවයට එච්චර වටින අන්තර්ජාතික ප්‍රමතින් වලට අයත් ගුවන් යානයක් ලංකාවේ අපි ගෙවලා තමයි ගන්නේ. කිසිම කෙනෙක් ගුවන් යානයක් මේ කඩකට ගිහිල්ලා බයිසිකල ටයර් එකක් ගන්නේ නැහැ. ලීස් කරලා ඉන්ස්ටෝල්මන්ට් විදියට ගෙවලා තමයි ගන්නේ. ඉතින් ඒ නිසා අපි ඒ ගුවන් යානේ අරන් තිබෙනවා.

දැනට තිබෙන ශ‍්‍රී ලංකාවේ තියෙන ගුවන් පද්ධතියට මේක විශාල වටිනකමක් තිබෙනවා.

ඉතින් අර පිරිසක් ඉන්නවනේ ඉතාම හැම හොඳ දෙයක්ම නරක විදිහට විග්‍රහ කරන පුද්ගලයන් සහ ජනමාධ්‍යය. ඉතින් ඒගොල්ලන්ට ඉරිසියාවක් තියෙනවා මේ අලුත් ආණ්ඩුව ඇවිල්ලා මිනිස්සු වෙනුවෙන් දෙයක් කරන එකට.

අපි දුටුවා ඇත්තටම මට කඳුළු ආවා. ලංකාවේ සෝෂල් මීඩියා කොච්චර ඒ ගුවන් යානය පිළිගත්තද කියලා. ලංකාවේ මිනිස්සු කොච්චර ශ්‍රී ලංකන් එකට ආදරේද කියලා.

අපි දන්නවා ලෝකේ වෙන ගුවන් සමාගම් ප්ලේන් එකපාර 10, 20 ගන්නේ. අපි එක ප්ලේන් ක් ගන්නකොට ලංකාව මිනිස්සුන්ගේ ප්‍රාර්ථනා අපි දැක්කා. ඉතින් ඒ නිසා අපි සතුටු වෙනවා’

C news

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *