24.3 C
New York
July 7, 2025
Hot NewsLocal News

ලෝක උරුම නගර ලැයිස්තුවෙන් මහනුවර හැලෙයි?

ජාත්‍යන්තර යුනෙස්කෝ සංවිධානයය විසින් ප්‍රකාශයට පත් කොට ඇති මෙරට එකම ලෝක උරුම නගරය වන මහනුවර නගරය තුළ සිදු කරනු ලබන ගොඩනැගිලි නවීකරණය හේතුවෙන් ලෝක උරුම නගර ලැයිස්තුවෙන් මහනුවර නගරය ඉවත් වීමේ අවධානමක් මතුව තිබෙන බව මහනුවර දිස්ත්‍රික් කමිටු රැස්වීමේදී අනාවරණය විය.

කෘෂිකර්ම වාරිමාර්ග හා පශු සම්පත් අමාත්‍ය කේ.ඩි. ලල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාගාරයේදී රැස්වූ අවස්ථාවේදී ඒ පිළිබඳව වැඩිදුරටත් අනාවරණය වූයේ නගරයේ ඉපැරණි ගොඩනැගිලි වල පවත්වාගෙන යනු ලබන ව්‍යාපාරික ස්ථානවල නාම පුවරු සහ ප්ලාස්ටික් ආවරණ යොදා ගනිමින් සිදුකොට ඇති ගොඩනැගිලි අලංකරණ හේතුවෙන් නගරයේ ඉපැරණි පෙනුම වෙනස්වීම හේතුවෙන් ලෝක උරුම ලැයිස්තුවෙන් මහනුවර නගරය එසේ ඉවත් වීමේ අවදානමක් මතුව තිබෙන බවයි.

මෙම තත්ත්වයෙන් නගරය මුදවා ගැනීම සඳහා රජයේ ගොඩනැගිලි රජයේ වියදමෙන්ද පෞද්ගලික ගොඩනැගිලි එම ගොඩනැගිලි හිමිකරුවන්ගේ වියදමෙන් ද නැවතත් ඉපැරණි පෙනුම ලැබෙන ආකාරයට සකසාගත යුතු බවයි.

දළදා වීදියේ දැනට ඇති විදුලි පහන් කණු වෙනුවට පැරණි පෙනුම ගෙන දෙන ආකාරයට විදුලි පහන් කණු නවීකරණය කිරීමටද එහිදී යෝජනා විය.

නගරයේ ගස් සිටුවීමේ ව්‍යාපෘතියට අනුව සිටුවා ඇති ගස් ගොඩනැගිලි වලට හානි සිදු නොවන ආකාරයට මුල් ඇදීම වැළැක්වීම සඳහා එම ගස් වටා පොළොව අභ්‍යන්තරයට සිලින්ඩර බස්සවා ආවරණය කිරීමටද යෝජනා වූ අතර එම ගස්වල අතුරිකිලි නිරන්තරයෙන් නඩත්තු කිරීමටද දිස්ත්‍රික් කමිටු රැස්වීමේදී යෝජනා විය.

Related posts

ලොස් ඇන්ජලීස් නුවරට ඇඳිරිනීතිය පනවයි

IndusaraMedia

රූපවාහිනී සංස්ථා සේවකයින්ගේ හූ හඬින් පන්නා දැමුණු DDG හා DG 

IndusaraMedia

දෙහිවල සත්වෝද්‍යානයේ නම භාවිත කරමින් මුදල් ගරන ජාවාරමක්

IndusaraMedia

ඌරන්ට කාර්ය සාධක බලකායක්

IndusaraMedia

කැරම් බෝඩ් බෙදපුවා නෙමයි හොරු අල්ලා හොරා කෑ ධනය රාජසන්තක කරනු…

IndusaraMedia

ජනාධිපති වියට්නාමයේ සිට පුද්ගලික ගුවන් යානයකින් පැමිණීමෙන් විශාල මුදලක් රටට ඉතිරු වුනා..- විජිත

IndusaraMedia

Leave a Comment