24.3 C
New York
July 7, 2025
Hot NewsPolitical News

පොහොට්ටුවට සභාපතිධුර දෙකක් යයි..

උඩබද්දාව ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීම සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් පැවැත්වුණු අතර එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ජයග්‍රහණය කර තිබේ.

සභාපති ධුරය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ජාතික ජන බලවේගය අපේක්ෂකයින් දෙදෙනෙකු ඉදිරිපත් කර තිබුණි.

එහිදී ජාතික ජන බලවේගයේ අපේක්ෂකයාට තම පක්ෂයේ ඡන්ද 09 ලැබුණු අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ අනෙකුත් පක්ෂවල ද සහාය ලබමින් ඡන්ද 10ක් හිමිකර ගනිමින් ජයග්‍රහණය කළේය.

එහි උපසභාපති ධුරය සඳහා ද ඡන්ද විමසීමක් පැවති අතර එහිදී සමගි ජන බලවේගය ඉදිරිපත් කළ අපේක්ෂකයා ජයග්‍රහණය කළේය.

මේ අතර කුලියාපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා තේරී පත්විය.

Related posts

කඩා වැටුණු බෙල් 212 හෙලිකොප්ටරයේ සිටි 12දෙනා බේරාගනී

IndusaraMedia

මනිපූර් ප්‍රාන්තයේ අන්තර්ජාල සේවා අවහිර කරයි

IndusaraMedia

මාව වට්ටපු එක කුමන්ත‍්‍රණයක්..- කඩුවෙල නගරාධිපති

IndusaraMedia

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 2025 පළාත් පාලන නවක මන්ත්‍රීවරුන් දිවුරුම් දෙයි

IndusaraMedia

ඉන්දු – පාකිස්තාන අර්බුදය කැබිනට් මාධ්‍ය හමුවටත්

IndusaraMedia

කිසිදු දේශපාලන පක්ෂයක් සමඟ එකතු නොවන බව දිලිත් කියයි

IndusaraMedia

Leave a Comment