28.2 C
New York
July 7, 2025
Hot NewsPolitical News

පුංචි ඡන්දයේ ආදායම් වියදම් වාර්තා භාරනොදුන් නම් ලැයිස්තුව පොලීසියට

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට ඉදිරිපත් වූ අපේක්ෂකයින්, දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 2,433ක් ආදායම් වියදම් වාර්තා ලබා දී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ, අදාළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට උපදෙස් ලබා දී ඇති බවය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මැතිවරණ කොමිෂන් සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා මේ බව සඳහන් කළේය.

“2023 අංක 3 දරණ වියදම් නියාමන පනත යටතේ, ආදායම් වියදම් වාර්තා භාරදිය යුතු අපේක්ෂකයින්, දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් මුළු සංඛ්‍යාව 78,725 දෙනෙකුගෙන් 76,292 තම තමාට අදාළ වියදම් වාර්තා තේරීම්භාර නිලධාරීන් වෙත භාරදීලා තියෙනවා. 2,433ක් අපේක්ෂකයින්, දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් මේ වාර්තා නියමිත දිනට භාරදීලා තිබුණේ නෑ. ඒ අනුව අපි තේරීම්භාර නිලධාරීන්ට උපදෙස් දුන්නා 2,433ගේ අදාළ විස්තර ඒ ඒ දිස්ත්‍රික්කවල පොලිස් ස්ථාන වෙත භාරදෙන්න කියලා. ඉන් අනතුරුව ඔවුන් නීතිපති උපදෙස් විමසීමෙන් අනතුරුව ඒ අයට නඩු පැවරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකිරීමට නියමිතයි.”

Related posts

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ

IndusaraMedia

මහ බැංකුව පොලී අඩු කරයි

IndusaraMedia

පුංචි ආණ්ඩු 46ක සියයට 25 ක කාන්තා නියෝජනය නෑ

IndusaraMedia

කොළඹට අද පැය 12ක ජල කප්පාදුවක්

IndusaraMedia

පොහොට්ටුවට සභාපතිධුර දෙකක් යයි..

IndusaraMedia

පාකිස්තානයේ ලාහෝර් හි පිපිරීම් කිහිපයක්

IndusaraMedia

Leave a Comment