Ceylon Times

Challenging Ideology

කොස්ගොඩ වෙඩි තැබීමක්

කොස්ගොඩ ප්‍රදේශයේ අද (11) සවස් කාලයේ වෙඩි තැබීමක් සිදුව තිබේ.

පොලීසිය පැවසුවේ කොස්ගොඩ පොලිස් වසමේ හතරමංහන්දිය ප්‍රදේශයේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ත්‍රී රෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට වෙඩි තැබීම සිදුකර ඇති බවය.

වෙඩි තැබීමෙන් එම පුද්ගලයා තුවාල ලබා ඇති අතර ඔහු ප්‍රතිකාර සඳහා බලපිටිය මහ රෝහලට ඇතුළත් කර තිබේ.

තුවාලකරු වයස අවුරුදු 24ක් වූ කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පොලීසිය පැවසුවේ තුවාලකරු ත්‍රී රෝද රථයේ රියදුරු වන අතර වෙඩි තැබීමට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බවය.

සිද්ධිය සම්බන්ධව කොස්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරති.

adaderana

Leave a Reply

Your email address will not be published. Required fields are marked *