චීන ගගනගාමීහු තිදෙනෙක් උඩට

චීන ගගනගාමීහු තිදෙනෙක් අභ්‍යවකාශය බලා පිටත්ව ගියහ. මෙම තිදෙනා අභ්‍යවකාශයට ගියේ, ‘ලොංග් මාච් 2 එෆ් වයි 23’ නමැති ප්‍රබල රොකට්ටුවෙන් සහ ඊට සම්බන්ධ කළ ‘ෂෙංෂූ 23’ ගගන යානය ආධාරයෙනි.

‘ෂෙංෂූ 23’ ගගන යානය, අද උදෑසන සාර්ථකව, චීනය අභ්‍යවකාශයේ එකලැස් කර ඇති ඔවුන්ගේ ‘ටියැංගොන්’ අභ්‍යවකාශ නැවතුම්පොළ හා සම්බන්ධ විය.  චීන රජය නිවේදනය කළේ, අභ්‍යවකාශ නැවතුම්පොළට ගිය ෂැංග් ෂියන්, ෂූ යැංග්ෂු සහ ලායි කා යිංග් යන එම ගගනගාමීන් තිදෙනා වසරක කාලයක් එහි රැඳී සිටිනු ඇති බවය. ඔවුන් විවිධාකාරයේ පර්යේෂණ සිදු කරනු ඇති බවත්, නැවතුම්පොළේ ඉදිකිරීම් වලට දායක වනු ඇති බවත් පැවැසෙයි.

ගගනගාමීන් තිදෙනාගෙන් ලායි කා යිංග් කාන්තාවකි. ඇය හොංකොං පොලිසි නිලධාරිනියක ලෙස රාජකාරි කර පසුව ගගනගාමිනියක ලෙස පුහුණුව ලැබූ තැනැත්තියකි. චීනය මීට පෙර, ඔවුන්ගේ ‘ටියැංගොන්’ අභ්‍යවකාශ නැවතුම්පොළ ගගනගාමිනියන් යවා ඇත.

හොංකොං යනු චීන පාලනය යටතේ පවතින ප්‍රදේශයෙකි. හොංකොං සඳහා වෙනම පාලනයක් පවතී. හොංකොං පාලනය කරන්නේ චීන හිතවාදීන්ය. හොංකොං වැසියකු අභ්‍යවකාශයට ගිය පළමු අවස්ථාව ලෙස මෙයයි.

සෙසු ගගනගාමීන් තිදෙනා වන ෂූ යැංග්ෂු සහ ලායි කා යිංග් මහජන චීන හමුදාව නියෝජනය කරති.

‘ටියැංගොන්’ චීනය අභ්‍යවකාශයේ ඉදි කළ ඔවුන්ටම වෙන්වුණු අභ්‍යවකාශ නැවතුම්පොළය. ඇමෙරිකාව, රුසියාව, ජපානය ඇතුළු සෙසු රටවල් ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ හා සම්බන්ධ වී සිටින නමුත් චීනය ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ හා සම්බන්ධ නොවෙයි.

ඒ, දේශපාලන අර්බුද සහ මත ගැටුම් හේතුවෙනි. චීනය ඔවුන්ටම කියා ‘ටියැංගොන්’ අභ්‍යවකාශ නැවතුම්පොළ ඉදිකළේ ඒ අනුවය.

ගගනගාමීන් තිදෙනා සහිත ‘ෂෙංෂූ 23’ ගගන යානය සම්බන්ධ කළ ‘ලොංග් මාච් 2 එෆ් වයි 23’ රොකට්ටුව උඩු ගුවන බලා පිටත්ව ගියේ ඊයේ ( 24) දිනයේය.

ඒ, චීනයේ ගැන්ෂු පළාතේ, ජියුකාන් ට නුදුරින් පිහිටා ඇති ජියුකාන් චන්ද්‍රිකා ගුවන්ගත කිරීමේ මධ්‍යස්ථානයෙනි. චීනයේ වේලාවෙන් ඊයේ (24) රාත්‍රී 11.08 ට රොකට්ටුව ගුවන්ගතවීම සිදුවිය.

2030 වසරේ දී චීනය ද, එරට ගගනගාමීන්, සඳට යැවීමට නියමිතය. චීනය මේ වනවිටත් රොබෝ අභ්‍යවකාශ ගවේෂණ යානා යවා, සඳ ගවේෂණ සිදු කර ඇත.

සෝවියට් රුසියාව සහ ඇමෙරිකාවට අමතරව, සඳට රොබෝ ගවේෂණ යානා යැවූ සෙසු රටවල් වන්නේ චීනය, ඉන්දියාව සහ ජපානයයි.

Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments