බොරු ප්‍රචාර කරන අයට නීති පියවර ගන්නවා

තමා මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු සමඟ සබඳතා පැවැත්වුයේ යැයි අසත්‍ය ප්‍රචාර සිදු කරන සියලු පාර්ශවයන්ට එරෙහිව නීති පියවර ගන්නා බව සමගි ජන බලවේගයේ මැද කොළඹ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර්  රහුමාන් මහතා පැවසීය.

තමා කිසිදු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමඟ සබඳතා පවත්වා නැතැයි රහස් පොලිසියට ප්‍රකාශයක් ලබාදීමට ගිය අවස්ථාවේදී සනාථ වී ඇතැයි ද  මන්ත්‍රීවරයා කීය.

අදාළ චෝදනාව නඟන්නට හේතු වූ කරුණු පැහැදිලි කරමින් මුජිබුර් රහුමාන්  මහතා මෙසේද පැවසීය.

රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට තමා දුරකථන ඇමතුම් රාශියක් ලබාගෙන ඇති බවට එම චෝදනාවයි.මේ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මට කතා කළා.

ඒ අනුව කට උත්තරයක් ලබාදීමට එහි ගිය විට මට දැනගන්නට ලැබුණේ අදාළ දුරකථන අංකය අප සමග කාලයක් දේශපාලන කටයුතු කළ අපේ ප්‍රදේශයේ සිටින පුද්ගලයෙකුට අයත් බවයි.

ඒ සිම් කාඩ් පත අයත් පුද්ගලයා අප සමඟ වැඩ කර තිබෙනවා.ඒ කෙනාගේ ඥාතියෙක්  2024 වසරේ රිමාන්ඩ්  බන්ධනාගාරගත වී තිබෙනවා.අප සමඟ දේශපාලන කටයුතු කරපු පුද්ගලයා විසින් මේ සිම් පත ඔහුගේ ඥාතියාට පාවිච්චි කරන්න ලබා දී තිබෙනවා.රිමාන්ඩ්  බන්ධනාගාරයේදී අත්අඩංගුවට පත් වන්නේ මේ සිම් පතයි.2021 වසරේ සිට 2024 දක්වා මා සමඟ දේශපාලනය කළ පුද්ගලයා කතා කළ දුරකථන ඇමතුම් ප්‍රමාණය ගැන තමයි ඔය කියන්නේ.

රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි පුද්ගලයා විසින් කිසිවිටක මට ඇමතුම් ලබාදී නැහැ.

මේ දුරකථන ඇමතුම් ලබා දී තිබෙන ප්‍රදේශ මොනවාදැයි මා රහස් පොලිසියෙන් විමසීමක් කළා.මාලිගාවත්ත සහ ග්‍රෑන්ඩ්පාස් ටවර් වලින් මේ ඇමතුම් ලැබී ඇති බව ඔවුන්  පැවසුවා.

වැලිකඩ ටවර් එකෙන් දුරකථන ඇමතුම් ලැබී නැති බවත් ඔවුන් සඳහන් කළා.ඒ අනුව මේ දුරකථන ඇමතුම් ලබාගෙන තිබෙන්නේ රිමාන්ඩ්  බන්ධනාගාර ගතව සිටින පුද්ගලයා නොව අප සමඟ දේශපාලන සබඳතා පැවැත්වූ පුද්ගලයායි යනුවෙන්ද මුජිබුර් රහුමාන් මහතා පැවැසීය.

Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments